CHAPTER 41

672 239 13
                                    

Jungkook's POV

හ්යුන්ග් මුලු කම්පනි එකටම නිවාඩු දුන්නා සතියක්ම. එයා කිව්වා එයාට වැඩ කරන්න ඕනේ නෑ කියලා සතියක් යනකන් කිසිම කෙනෙක්. හ්යුන්ග් මගේ ලගටම වෙලා හිටියා ඒ දවස් ටිකම.නිදාගත්තෙත් මගේ ලගට වෙලා. හ්යුන්ග්ගෙ ඇස් වලින් මට අයින් වෙන්න දුන්නේ වොශ් රූම් එකට යන ටික වෙලාවට විතරයි.

මම හ්යුන්ග්ව පොරොන්දු කරගත්තා මාව Japan යවන්නේ නෑ කියලා. හ්යුන්හ් කිව්වා දැන් මට හ්යුන්ගෙන් චුට්ටක්වත් ඈතට යන්න දෙන්නේ නෑ කියලා. මේ හැමදේම උනේ හොදට. පොලිස් ඔෆිසර්ලා අයිබී ඒජන්ට්ස්ලා ටික ටික එන එක නතර උනා.

පාර්ක් අන්ක්ල් ගෙදර ගියා. ජිමින් දවස් 3ක් ආවා මාව බලන්න. මම හෙට ඉදන් ආයෙමත් කොලේජ් යන්නයි ස්ව්මින්ග් ප්‍රැක්ටිස් වලට යන්නයි පටන් ගන්නවා.ආයෙමත් මම පුරුදු ට්‍රැක් එකට එනවා. ඒ මොනවා උනත් දැන් හ්යුන්ග් මගේ ගාර්ඩ්ස්ලා තවත් වැඩි කරා. හ්යුන්ග් යනකොට වගේම මම යනකොටත් දැන් ඉස්සරහිනුත් පස්සෙනුයි ගාර්ඩ්ස්ලා යනවා. හ්යුන්ග් කොලෙජ් එක ඇතුලටත් ගාර්ඩ්ස්ලට එන්න පර්මිශන් ගන්න හදනකොට මම බලෙන් එයාව නැවැත්තුවා. මොනවා උනත් ආව දවසේ ඉදන් මට ටේටේට කෝල් එකක් ගන්න හම්බුනේ නෑ. එක පාරක් වත්.

මම හ්යුන්ග් ලගට ගිහින් හ්යුන්ග්ගේ ශෝල්ඩර් එක හැපුවා. එයා බල බල හිටපු පොත පැත්තකට දාලා මාව එයා ලගට ගත්තා.

"මොනවද ඕනේ?"

"හ්යුන්ග් කොහොමද කිව්වේ?"

"මම දන්නවනේ. කියන්න මොනවද ඕනේ?"

"ෆෝන් එකක්!"

"හවස් වෙනකොට හම්බෙයි ඔයාට ෆෝන් එකක්. ඔයාට ඕනේ ස්පෙශල් මොඩ්ල් එකක් තියනවා නම් නරුටොට කෝල් කරලා කියන්න."

හ්යුන්ග් මට එයාගේ ෆෝන් එක දුන්නම මම ගත්තේ නෑ

"හ්යුන්ග් කිව්වනේ කට්ටියට නිවාඩු කියලා.ඇයි මිස්ටර් නරුටෝට වැඩ
දෙන්නේ?"

"එහෙනම් අපි දෙන්නා ගිහින් අරගමුද ?"

මම ආ කියලා දුවලා ආවා.

"හ්යුන්ග් මම විනාඩි 5න් ලෑස්ති වෙනවා. "

මම ලෑස්ති වෙලා එලියට ආවම හ්යුන්ග්නුත් ලෑස්ති වෙලා එලියට ආවා. මම එදා එනකොට දැකපු හ්යුන්ග්නුයි, අද මම මේ දකින හ්යුන්ග්නුයි ගොඩක් වෙනස්. එදා හ්යුන්ග් හිටියේ හ්යුන්ග්ට ජීවත් වෙන්න හේතුවක් නෑ වගේ. හුස්ම වැටෙනවට ජීවත් වෙනවා වගේ.

HYUNG | TaeKook × Jin | Completed Where stories live. Discover now