** Chapter 1 **

1.1K 176 34
                                    

" සර් අද උදේ patients ලා බලල ඉවරයි නේද ?

" ඔව් සුමේධ මන් මේ ගෙදර යන්න කියලා බැලුවේ....

ෆයිල් ගොඩකුත් උස්සන් මන් ගාවට ආපූ සුමේධට මන් එහෙම කිවුවත් මේ හුදෙකලා කාමරේ දාලා යන්න කිසිම උවමනාවක් මට තිබුනෙ නැ .....ඇදන් හිටපු ලෝගුව ඇතුලතින් මගේ දනහිස් තෙත් වෙලා තිබුනා . ඇදුම් ටික ගලවලා දාන්න තරම් මහා දැවිල්ලක් මගේ බෙල්ලෙන් පටන් අරන් කිහිලි දක්වාම ගියා .

" ඇයි සුමේධ ආපහු ආවේ ?

" සර් මේ මහත්තයෙක් ඇවිල්ලා ඉන්නවා....නෑ අම්මා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයාගෙ පුතා එක්ක . පුතා කිවුවට සර්ගෙ වයසේ විතර ඇති . සර් පොඩ්ඩක් ගිහින් බැලුවනම්....

" සුමේධ මගේ වැඩ ඉවරයි දැන්...

" අනේ මන් කිවුවා සදුන් සර්ගේ ෂිප්ට් එක දැන් ඉවරයි කියලා...ඒත් අහන්නේ නෑ සර්.

" හරි !! කෝ patient ගෙ ෆයිල් එක අරන් එන්න .

" ආ...සර් සුමේධ අතේ ගුලි කරන් හිටිය කඩදයියක් මගේ අතට දුන්නා...සුමේධගේ අතේ තිබ්බ දාඩියට ඒ කඩදාසිය පෙගිලා ගිහිල්ලා.

" මේක ෆයිල් එකක්ද මනුස්සයෝ ?

" ඕක තමයි මට දුන්නේ සදුන් සර්...!!

මන් දහඩියට තෙමුනු කඩදාසිය දිග ඇරියා. ශාන් සම්පත්.....කඩදාසියෙ තිබුනු නම මම කියෙව්වා...මගේ දනහිස් වෙවුලන්න ගත්තේ ඒකේ ලියලා තිබුනු ඒ නමත් එක්ක මොනවදෝ සම්බන්ධයක් මට තිබුනු නිසයි.

" ඇතුලට එන්න කියන්න...

මන් සුමේධට තරවටු කරා.ඊලග නිමේෂයෙදි මගෙ නිසොල්මන් කාමරේට ශාන් ඔහුගේ මෑණියන් සමග ඇතුලට ආවා...

" ශාන්.......

අනේ දොස්තර මහත්තයො...මගේ දහඩියට තෙත් වුනු කලිසමේ එල්ලෙමින් බිම වැටුනු ශාන්ගේ මෑණීයන් දිහා මන් බලන් හිටියේ ඇස් වලින් කදුලු වැගිරෙන ගමන්....

" ඇන්ටි මේ මන් සදුන් මාව මතක නැද්ද ?

" දෙවියනේ මේ සදුන් පුතාද ?

" අනේ පුතේ මගේ කොල්ලා...

මන් බොහොම අමාරුවෙන් ඇස් වලින් වැටුනු කදුලු පිහදාගෙන ශාන් දිහා බැලුවා..තැනින් තැනින් වැවුනු රැවුල් කොට අස්සෙන් මන් හෙවුවේ ශාන්ගේ සෙල්ලක්කාර ඇස් . ඒත් ඒ වෙනුවට වේදනාව පිරුනු ඇස් දෙකක් මගේ දුෂ්ටියට ලක් වුනා..

" ශාන් මාව අදුරනවද ? මන් ශාන්ගේ අතේ එල්ලුනේ පරන පුරුද්දට...ඒත් සීතල ඒ අත් මගේ අත් මගඇරියේ නොහදුනන බව කියන්නට වගේයී...

එයාට මාව මතක නෑ..එයා මාව අදුරන්නේ නෑ...ශාන් ට මේ මොකද වුනේ....

මන් psychiatrist කෙනෙක් වුනේ ඔයාට බෙහෙත් කරන්න නම් නෙමෙයි.....මගෙ ඔලුවට ආවේ ඒ වචන ටික විතරයි.

" ඇන්ටි කෝ නෙතූ....

" නෙතූ ඉන්නවා නෙතූ ඉන්නවා...නෙතූ ගෙ නම ඇහුනු ගමන් නිශ්චලව පුටුවේ වාඩී වෙලා හිටිය ශාන් දගලන්න ගත්තා...ඊලග තප්පරේදී සුමේධ ගේ අතේ රැදුනු හයිය ලණුවකින් ශාන්ව පුටුවට බදින්න වුනේ අපිට ඔහුගේ කෑ ගැහිල්ල නතර කරගන්න උවමනා වූ නිසයි .

🌈 𝐆𝐀𝐘 🌈Where stories live. Discover now