** Chapter 2 **

736 165 48
                                    

" නෙතූ නිසයි මේම වුනේ පුතේ....ශාන් ගේ මෑණියන් නොනවත්තාම අඩන්නට වුනු නිසා විස්තර හරි හැටි අහගගැනීමට මට බොහෝ වේලාවක් ගත වුනා...

ගිය මාසේ accident එකකින් නෙතූයි එයාගේ කුසේ හිටිය දරුවයි නැති වුනා පුතේ...මගේ කොල්ලා තනි වුනා...දැන් මගේ කොල්ලව ගොඩ ගන්න පුලුවන් ඔයාට විතරයි පුතේ....

" නෙතූ ඕනී නෙතූ ඔනී නෙතූ ඔනි....නෙතූ ඉන්නවා අම්මේ....ශාන් කෑ ගහන්න ගත්තා...

මන් ආපහු බැලුවේ ශාන් ගෙ ඇස් දිහා...නෙතූ ට පිස්සුවෙන් වගේ ආදරේ කරපු ශාන් අද ඇත්තටම පිස්සෙක් වෙලා...මන් ශාන්ගේ අතේ ඇගිලි එකින් එක දිගඇරියා..මිට මොලවන් ඉදලා අල්ල රතු පාට වෙලා...

" මාව මතකද ශාන් ?මන් ආපහු ඇහුවා..

" සදුන් !!

ශාන් මගේ කටහඩින් මාව අදුරගත්ත නිසාදෝ එයා මගේ නම හිමීට මිමිනුවා.

" ඔව් මන් සදුන් !! ඔයාගේ යාලුවා සදුන් !! නැහැ මන් ඔයාගේ සදුන් !! වචන වලින් පිට නොවුනත් ශාන් ගේ වේදනාව පිරුනු ඇස් දිහා බලන් මගේ හිත කෑ ගැහුවා !!

🏢 පාසල් කාලය 🏢

" මොකද මෙතනට වෙලා කරන්නේ ? ඔයා අලුත් ලමයෙක්ද ?

" ඔව්

" මොකක්ද clz එක ?

" AL බයෝ පංතිය .

" ආ....වරෙන් යන්න !!

" විජයා ඇන්ටි එනකන් ඉන්න කිවුවා මට.....

" විජයා ඇන්ටී..මූ අපේ clz එකේ මන් එක්කන් යන්නද මූව ??

" ශාන් ඔය ලමයට ඉන්න දෙන්න....

" අනේ යන්න ඇන්ටි යන්න....මෙහෙ එන්න අපි යමු clz එකට.....

අදම දැක්ක ඒ ඇස් වල අයිතිකාරයා මගේ අත් දෙකෙන් ඇදගෙන ලොකු හෝල් එකක් මැද්දේන් bia clz එකට රිංගුවා...

" ඉඩ තියෙන තැනක් බලලා වාඩී වෙයන් !!

" හා...මන් බෑග් එක එල්ලලා වාඩි වුනා...

" උබේ නම මොකක්ද කියපන්....මන් ශාන්

" මම සදුන් !!

" සමන්මලී....මගේ මලී.....

" සමන් නෙමෙයි සදුන්..මගේ නම සදුන්....!!

🌈 𝐆𝐀𝐘 🌈Where stories live. Discover now