Only You Know How I Feel🍃🍂

751 117 232
                                    

"ගායකයෙක්, රන්ගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් , ව්‍යාපාරිකයෙක් ...

ලොව වඩාත් ප්‍රබලතම පුද්ගලයන් සියය අතරට තේරීපත් වූ එකම දකුණු කොරියානුවා...

නෝනාවරුනි ,මහත්වරුනි
මට අවසර දෙන්න ඔහුව හඳුන්වා දෙන්න.......
Kim Taehyung !! "

සභා ගර්භයෙන් නැගුන ප්‍රීති ඝෝෂා හා අත්පොලසන් නාදය මධ්‍යයේ වේදිකාවට පැමිණිනේ මැදි වයසේ පසුවන පුද්ගලයෙක්.. උපැස්‍ යුවලට යටින් ඇති දෑස් මනා තීක්ෂණ බුද්ධියක් ඇත්තෙකු බව පෙන්වීය.
තාරුණ්‍ය ගිලිහී ගියත් එහි සෙවණැලි තවමත් ඔහුගේ සිරුරෙහි තිබුනි.

කථන පුවරුව සලන ඇවිද ආ ඔහු මිහිරි සිනහවක් සභාවට පිදුවේය.
කොටු හැඩති සිනහව එදා අතීතයේ මෙන්ම අදත් සුන්දරව බැබලුනි.

මයික්‍රොෆෝනය අසලට ගිය ඔහු ,

"අර පිලිගැනීමේ වාක්‍යට ආදරණීය සැමියෙක් , ආදරණීය පියෙක් කියන එකත් එකතු වුනා නම් හොඳයි"

සෞම්‍ය සිනහවක් මුව දරාගෙන ගැඹුරු එහෙත් මෘදු ස්වරයකින් කතා කළ ඔහුගේ වදන් සභාව පුරා පැතිරෙද්දී සියලු දෙනා නිශ්ශබ්ද විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෞම්‍ය සිනහවක් මුව දරාගෙන ගැඹුරු එහෙත් මෘදු ස්වරයකින් කතා කළ ඔහුගේ වදන් සභාව පුරා පැතිරෙද්දී සියලු දෙනා නිශ්ශබ්ද විය.

"මම ඕනේතරම් කතා පවත්වලා තියෙනවා... මම කැමති අද සාකච්ඡවක් සිදු කරන්න. ඔබලා මගෙන් අසන ප්‍රශ්නවලට මම පිළිතුරු දෙන්නම්."

හිනහවකින් මුව නැවතත් සරසා ගත් ඔහු...

"එහෙනම් දැන් පටන්ගන්න"

"Mr.Kim ඔබ ලොව සාර්ථකම මිනිසුන් අතර සිටින පුද්ගලයෙක්.. ඔබ ඒ ගමන ආවේ තනියම ඔබට ඒ ගැන සිතෙන්නේ කුමක් ද? "

සභාව ඔහුගේ පිලිතුර බලාපොරොත්තුවෙන් ..

"මම තනියම ආවේ නැහැ...මගේ පිටුපස තවත් කෙනෙක් හිටියා...ඇය මා අසලම සිටියා...ඇයයි මගේ සාර්ථකත්වයේ ගමන් මග.."

Only You Know How I Feel 🍃🍂[✔]Where stories live. Discover now