පාටි මූඩ් ❤️

275 78 2
                                    

පාටි මූඩ් ❤️❤️❤️❤️❤️

ඇසයින්මන්ට් එක ගොඩ ගිය සතුටට අපි ඇහින්දාස් සෙට් එකම පොඩි පාටියක් දැම්මා....

"රයිස් ගේමු".. යෝජනාව නම්ජූන් ගෙන්..

"හා රයිස් හොදයි" .. ඒ මම

"හැමදාම රයිස් කනවනේ බන්. කොත්තු කමු..." ජන්කුක්...

අනෙක් හැමෝම කොත්තු කන්න මනාපය පළකළා.

නම්ජූන්, ජන්කුක් ඩබල කොත්තු ගේන්න යැව්වා..

ඒ අතරේ ටේ,

"චතූ එයාල එනකන් අපි පුස්තකාලෙ පැත්තට ගිහින් අර පොත බලමුද? "

කතාවෙන්ම තේරුණා ටේ සීරියස් දෙයක් කතා කරන්න කියල.. ඒ නිසා මම නැගිටලා ටේ එක්ක ටිකක් එළියට ආවා..

"චතූ, අහින්සා... දැන් මම අවුරුද්දක විතර ඉදන් ඒකිත් එක්ක කතා කරනවනේ. ඒකි හොදයි වගේ.. කන්න යනවා. ඇවිදින්න යනවා. ඒ කෙල්ලත් බලනවා ඇති මොකද කියලා..

අනික් දේ ඒකි ඉන්න බෝඩිම එච්චර හොද නැහැ . උඹලගෙ එකේ තව එක්කෙනෙක්ට ඉඩ තියන නිසා ගන්න පුලුවන් වෙයිද? "

ටේ කෙලින්ම කතාවට බැස්සා.. මුන්ගේ පවුල් ප්‍රශ්න මම එපැයි විසදන්න.. ඉතින්.

"හරි. ටේ... මම අනික් දෙන්නත් එක්කත් කතා කරලා ඔයාට බෝඩිම ගැන කියන්නම්...

අහින්සා ගැන විශ්වාසනම් අහල බලමු නේද? එහෙනම් මගෙන් සුභ පැතුම්.... "

"මේ.. සුභ පැතුම් කන්නද? මට කියපන් ඒකිගෙන් අහන්න විදිහක්.. "

"ආඅහ්හ්හ්.. හරි. හරි. හිටපන්කෝ මගේ ටිකිරි මොලේට අදහසක් ආපු ගමන් කියන්නම්.. "

"යමන් . කොත්තු ඇවිත් ඇති. පරක්කු වුණොත් ජන්කුකා අපිට මස් කට්ටක් වත් ඉතුරු කරන එකක් නැහැ ..."

අපි යද්දිම නම්ජූන්, කුක් කොත්තු ගෙනත් තිබුණා ... කොත්තු කාල ඕපන් එකෙන් ප්ලෙන්ටි බීල අපි බෝඩිම්වලට ආවෙ මිඩ් එක ළග නිසා වැඩ කරන්න...

"මේ ටේ මගෙන් ඇහුවා අහින්සා අපේ බෝඩිමට ගන්න පුලුවන්ද? "කියලා මම ඩබලගෙන් ඇහුවේ හෙමින් පොතක් එහෙම බලන්න ගන්න ගමන්...

"අනේ පොඩ්ඩක් හිටපන් කියලා "

නිම් එකපාරටම දිව්වා..

Once Upon A Time- ( sinahala fan fiction)Where stories live. Discover now