පසුවදනක්❤️

371 68 32
                                    

පසුවදනක්.......

Once Upon A Time ඇත්තටම මම fan fiction එකක් විදිහට ලියන්න ෆ්ලොට් කරපු එකක් නෙවෙයි . සින්හල එකක් විදිහට ලියන්න හදපු එකක්.

ඉතින් කොල්ලෝ පස්දෙනෙක්, කෙල්ලෝ පස් දෙනෙක් විදිහට... කෙල්ලෝ පස් දෙනාගෙ නම් මම මේ ගත්ත නම් පහක්මයි...

ඇත්තම ජීවිතේ හිටපු ඇහින්දාස් නිසා මේ කතාව ලියන්න ගත්තේ..

ඒත් දිගට හදාගෙන යද්දි මේක ff එකකට ගන්න පුලුවන් කියල හිතුනම මම චරිත ඒ විදිහට හැදුවා.. ff එකක් විදිහට හරවන්න හේතු කීපයක් තිබුණා ..

පළවෙනිම දේ මම කවදාවත් ෆෑන් ගර්ලින් වලට විරුද්ධ කෙනෙක් නෙවෙයි . හැබැයි මට අත්දැකීම් තියනවා ෆෑන් ගර්ලින් නිසා තමන්ගේ අරමුණ අමතක වෙලා ඒකට ඇබ්බැහි වෙච්ච අයගේ ජීවිත කඩා වැටුනු හැටි ගැන.. .

ආමි ගොඩක්ම ඉන්නේ තවම ඉස්කෝලෙ යන නන්ගිලා.. ඉතින් ඉස්කෝලෙ වැඩ, එක්සෑම් අමතක වෙලා bts කියන නමත් එක්ක විතරක්ම ජීවත්  වෙන අය . 

අම්මල තාත්තල දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නාස්ති කරලා ගෙදරට ඔන්ලයින් පන්ති යනවා කියලා දවසම වීඩියෝ බලන ඒ නිසාම ඉගෙනිම කඩාකප්පල් වුණ ළමයි මම ඉස්සරහට  ඇවිත් තියන්වා..

ඒ දුක අම්මලා ඇවිත් අඩ අඩ කියනකොට bts කියන නම ගැන වෛරයෙන් කතා කරනකොට හිතට දැනෙන දුක කියන්න වචන නැහැ ...

Bts කියන්නෙ අන්තිම පහළ තැන ඉදන් ඉහළම තැනකට ගියපු කණ්ඩායමක්.. ඉතින් එයාල දෙන ජීවිත ආදර්ශය අරමුණක් ඇතුව වැඩ කරන්න.  වැටි වැටි නැගිටින්න. දවසක අනිවාර්යයෙන් දිනන්න පුලුවන් කියන එක.

ඉතින් මම මේ කතාව ගොඩ නැගුවේ ඒ අරමුණ ආයිමත් මතක් කරල දෙන්න.  මේ චරිත හත ජීවිතේ පහළම තැන ඉදලා ඉහළට ගියපු හැටි, වැටි වැටි නැගිට්ට හැටි ඒ දේවල් මම මේ කතාවෙ ලීවෙ ඒ නිසා...

ආමි කෙනෙක් විදිහට ජීවිතේ තමන්ගේ අරමුණට යන්න. ඒක දිනන්න.. ඒ ගෞරවය දවසක ඔවුන්ට දෙන්න.. ඒක තමා ආමි කෙනෙක් වීමෙන් ලැබෙන ලොකුම සතුට.. ආඩම්බරය...

අනෙක් දේ ආදරය..  ඉතින් ආදරය කියන්නේ සමහරු විදින සමහරු විදවන දෙයක්.. ඒ චරිත දා හතරම එක එක විදිහට ආදරේ කළා.. එයාල එක එක විදිහට ආදරේ දිනුවා.. ඒවගේම ආදරේ පැරදුනා ..

Once Upon A Time- ( sinahala fan fiction)Where stories live. Discover now