27

586 130 6
                                    

#ඔබගෙන්_තරම්
     විසිහත්වන හමුවීම

" දහම් අයියේ......"

" හේ ...දුමී...ගුඩ්මෝනිම්..."

උදෑසනම ප්‍රබෝධමත් වන සිනහවක් නංවාගන ඔහු ඉදිරි දොරකඩ....

" ගුඩ් මෝර්නින් අයියේ...."

හරිම සැහැල්ලුවෙන් ඩෙනිමේ ඉදිරිපස සාක්කු තුලට දෑත් යොමාගන ටිකක් පැත්තකට ඇලවෙලා සිවුරුහන් හඩ එක්ක ඔහු දුටු විගසම හිතේ කරදර පහව යනවා..
පිස්සෙක්.... මම මටම කියගත්තා....

" කෝ චාවී....."

දහම් අයියාට පිටුපසින් ඉදිරියට ආවේ අහංකාර ඉරිසියාකාර ගැහැණිය යසස්වි .... අයියාගේ කෝලම් නිසාවෙන් මම මේ කෙල්ලව කලින් දැක්කෙත් නෑ.....

" අක්කා රූම් එකේ...."

" මේ අපිට ඇතුලට එන්න කියන් නැද්ද ...."

හුරතල් මුහුණුවරක් මවාගන දහම් අයියා ඇතුලට ආවේ මට බෑග් එකක් දික්කරන අතරේ
..... මොනවාදවත් නොබලා දෝතට ගත්තා
දහම් අයියා නම් කොහොමත් පුරුදුකාරයානේ ගිහින් සෝෆා එකේ වාඩිවෙලා .....එතකොට ඇය මටත් ගස්සලායි ඇතුලට ගියේ .......

" මම අක්කට එන්න කියන්නම්...."

අයියා දුන්න බෑග් එක මේසය උඩින් තියලා අක්කට කතා කරන්නයි සුදානම් වුනේ .....

" ඕන නෑ......චාවිගේ ගෙදර අපිට නුපුරුදු තැනක් නෙවෙයිනේ ......"

මට තවත් කිසි දෙයක් පවසන්නට ඉඩක් නොතියාම ඇය පඩිපෙලේ ඉහලට යනවා....දහම් අයියත් නැගිටලා බලන් ඉන්නේ මම දිහා
......
" හේ....කමෝන් ....ඔය කෙල්ලට ....."

දහම් අයියා වචන වලින් නැතුව අතින් මට ඇගෙව්වෙ යසස්විට පිස්සු කියලා ....දිවත් පැත්තකට එලියට දාගන 😝 කටත් ඇද කරන් ඇස් දෙකත් උඩයවන් 🤪 .... මම මගේ සිනහව අමාරුවෙන් පාලනය කරගත්තා.....🤭

   " අපිත් යමු නේ......"

මමයි අයියයි දෙන්නත් අක්කාගේ කාමරේට යද්දි අර කෙල්ල අක්කාගේ ලගම ඉදගන බර සංවාදයක......ඒත් ඒ කිසිම දෙයක් සවන් නොවැකුනේ දහම් අයියා කාමරේට යන්නත් ප්‍රථමව විලාප තියන්න වුන නිසා....

" චාවී.......කොහොමද දැන් ....."

දහම් අය්යාගේ හඩට දෙදෙනාම අප දිහා බැලුවේ යමක් සගවාගන .....

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now