42

533 108 2
                                    

#ඔබගෙන්_තරම්
     හතලිස්දෙවන හමුවීම

අක්කා දහම් එක්ක මම කතා කරපු එක දැක්කා කියන්නේ දැන් මෙතන ප්‍රශ්න කෝටියක් අහනවා කියන එකයි.....

" දුමී .........අහපු ප්‍රශ්නෙ කො උත්තර ...."

" මේ මාව ඩ්‍රොප් කරන්නම් කියලා තමයි කිව්වේ .....වැඩිය මුකුත් අහන්න කලින් මම ඉක්මනට ආවා ඔයාව දැකපු ගමන්.....මම ඒකත් කිව්වා අක්කා එක්කයි අද යන්නේ කියලා .... "

" ම්ම්ම් ......යන් දැන් මම ගිහින් දාන්නම්...... ඒ මිනිහාගෙන් ඈත්වෙලා ඉන්නවා ..."

" අනේ අක්කේ මම නෙවෙයිනේ කතාවට ගියේ ....ඌ මගේ පස්සෙන් එන එකට මට කරන්න දෙයක් නෑ....
"
" හරි හරි තමුන් තමුන්ගේ පාඩුවෙ ඉන්නවා ...ඒත්  ආවොත් බලාගමුකො ....."

මට කෑගහන්නෙ හරියම මම ගිහින් උගේ ඇගේ එල්ලෙනවා වගේ නේ....දහම්ට තියන තරහත් යවන්නේ මගේ පිටින්.....එයාගේ කේන්තියට මාව බයිට් එකට අල්ලගන්නකම්නම් බලාඉන්නෙ නෑ මම......

" බබා....දැන් මොකූ ......තරහවෙලාද...."

ටික දුරක් ගියාට පස්සේ තමයි ඒක මතක් වුනෙත් තරහ වෙලාද නැද්ද බලන එකත්.....කතාකරන්නෙ නෑ මම තරහයි තමයි.......

" ඔය ඉතින් .....මගේ මැණිකේ තරහ වෙලානේ......දන්නවා නේ බබා මට දහම් එක්ක තියෙන්නේ පුදුම කේන්තියක් කියලා .....ඌ හින්දයි මට මගේ පවුලේ අය එක්ක පවා රණ්ඩු කරන්න වුනේ ....."

" මම දන්නවා .....ඒත් ඔයා මට බොරුවට සද්දෙ දැම්මා එකනම් වැරදියි.......මම පුළුවන් හැමතිස්සෙම දහම්ව ඉග්නොර් කරනවා.....ඒත් ඌ පස්සෙන් එනවනම් කරන්න දෙයක් නෑ මට.........අක්කේ මම උගේ දිහා බලන්නෙවත් නෑ......."

" බබා.....මට අම්මයි නංගියි ඇරුණහම ඉන්නේ ඔයා විතරනේ.......ඒකයි පරිස්සම් කරන්න හදන්නේ ..... "

" හ්ම්ම් ......"

" බබා....ඔහොම තරහ ගන්න එපා ඉක්මනට නාකි වෙයි....."

ඒපාර ඔක්කොම ජෝක් එකක් වෙලා....බෑ අනේ මේ මෝඩි එක්ක කරන්න ......

" තරහයි......"

" ඒයි මැට්ටි.....තරහ වුනාට කමක් නෑ.....හවසට එන්නම් තාන්වි එක්කම ගෙදර ගිහින් දාන්නම් ......පොඩි මට රෑ කිව්වේ ක්ලාස් ඉවර වෙන්නේ පහට කියලා .....ඔයාට අද හතරටනේ....."

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now