1️⃣5️⃣ වැනි සිහිනය 💜 _ 𝑻𝒉𝒆 𝒄𝒐𝒏𝒄𝒆𝒓𝒕

78 15 37
                                    

ස්ටේඩියම් එකේ ඉන්න ආමිලගෙ සද්දෙ මෙතනටත් ඇහෙනවා.....

එයාලත් මෙම්බර්ස්ල තරම්ම නොඉවසිල්ලෙන් ඉන්නෙ මේක අවුරුදු පහකට පස්සෙ තියෙන පලවෙනි ලයිව් කොන්සර්ට් එක නිසයි.

මීට අවුරුදු පහකට කලින් හිටියා වගේ දහගුනයක් විතර දැන් ෆැන්ඩම් එකත් ලොකු වෙලා තිබුන නිසා කොන්සර්ට් එකේ ටිකට් ටික විකිනෙන්න විනාඩි පහක් වත් ගියේ නෑ කියලයි ආමිලනම් කතාවෙන්නෙ.....

කොහොම වුනත් කොන්සර්ට් එක පටන් ගන්න පැයකටත් විතර කලින් ඉඳලම මුලු ස්ටේඩියම් එකම කට කපලා එකයි.

එලියෙත් ඒ වගේ දෙගුණයක් විතර කට්ටිය හිටියෙ කොන්සර්ට් එකට එන්න බැරි වුනත් මෙම්බර්ස්ලව යන්තමට හරි දැකගන්න පුලුවන් වෙයිනෙ කියලයි.

කොන්සර්ට් එක පටන් ගන්න කලින්ම මුලු ස්ටේඩියම් එකම ආමි බෝම්බ්ස් නිසා දම් පාටට දිලිසෙනවා මං බලාගෙන හිටියෙ චේන්ජින් රූම් එකේ තිබුන ටීවී එකෙන්....

ෆෑන් චාන්ටින් වල සද්දෙනම් ස්ක්‍රීන් එකෙන් බලන්න දෙයක් නෑ මෙතනට ලයිව්ම ඇහෙනවනෙ....

මාත් ආමිලත් එක්ක ෆෑන් චාන්ටින් එකට එකතු වුනේ මේ වෙලාවෙ චේන්ජින් රූම් එකේ කවුරුත් හිටියෙ නැති නිසයි.

හැමෝම එලියෙ එක දිගට වැඩ. එහාට දුවනවා, මෙහාට දුවනවා. මං ඉතින් එතන කැරකි කැරකි ඉන්න එක එයාලට කරන උදව්වකට වඩා කරදරයක් වෙන බව දන්න නිසයි මං චේන්ජින් රූම් එකට වෙලා ටීවී එකෙන් ඕඩියන්ස් එක දිහා බල බල හිටියෙ.

±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

මං එහෙම ඉන්නකොට රූම් එකේ දොරත් ඇරගෙන ජේකේ එතනට ආවා.

එයාගෙ මූණෙ හිනාව උතුරනවා....

ඇස් දෙකත් දිලිසෙන්නෙ සතුට නිසාමයි....

ආව ගමන් එයා කලේ මගෙ පුටුව ඉස්සරහ දණ ගහ ගත්ත එක.... ඊට පස්සෙ එයා මගෙ අත් දෙක දෝතින්ම අරගෙන එයාගෙ පපුවට ළං කරල තියාගත්තා....

🐰 "සාරායා, ඔයාට ඇහෙනව නේද අපේ ආමිලගෙ සද්දෙ....?
එයාල අපේ නම් කිය කිය කෑ ගහනව ඔයාට ඇහෙනව නේද....?
කොච්චර කිව්වත් මං ඇත්තටම බය වෙලා හිටියෙ සාරා එයාලට අපි මිලිටරි සර්විස් ගිය අවුරුදු දෙකට අපිව අමතක වෙලා ඇති කියලා.....
ඒත් එයාලට අපිව අමතක වෙලා නෑ. එදා වගේම...
නෑ.....,
ඊටත් වඩා සද්දෙන් එයාල අපේ නම් කිය කිය කෑ ගහනවා.....
දැන් නම් ඇත්තටම මං ජීවත් වෙනව කියල මට දැනෙනව සාරායා!!!"

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now