1️⃣7️⃣ වැනි සිහිනය ❤️ _ 𝑨 𝒄𝒐𝒏𝒇𝒆𝒔𝒔𝒊𝒐𝒏

74 15 37
                                    

ජේකේයි මායි ආයෙම හොටෙල් එකට යද්දි රෑ දොළහත් පහු වෙලා....

රූම් එකට ගිහින් වොෂ් එකක් දාගත්ත මං ඇඳට වැටුනෙ ඇඟට මහන්සියක් දැනීගෙන එද්දියි...

මං ටික වෙලාවක් ඇඳේ පෙරලි පෙරලි ඉද්දි මගේ ෆෝන් එක රින්ග් වුණා....

කෝල් එක ජිමින්ගෙන්...

🐥"සාරායා...."

👩‍⚕‍"දේ... ජිමිනා..."

🐥"මට ඩොක්ටර්නිම්ගෙන් කවුන්සිලින් එකක් ගන්න පුලුවන්ද...?"

මං උත්තර දෙන්න කලින් වෙලාව බැලුවා...

එකයි දහතුනයි....

👩‍⚕‍"කොහෙද ඔයා ඉන්නෙ...?"

🐥"මං ඉන්නෙ හොටෙල් එකේ... ගාර්ඩ්න් එකේ..."

හොටෙල් එකේ තිබුන ඉන්ඩෝ ගාර්ඩ්න් එක හරියට නිකම් මැද මිදුලක් වගේ ඕපන් තැනක්...

🐥"ඔයා එනව නේද...?"

👩‍⚕‍"ඕ.... ඔහොම ඉන්න..."

මං ඉක්මනට ඇඳුමක් දාගෙන පහලට ගියේ ඒ වෙලාවෙ කතා කරන්න ඉල්ලන්න තරම් මොකද්ද එයාට වුනේ කියල හිතාගන්න බැරුවයි...

එයා මං යද්දි ගාර්ඩ්න් එකේ බෙන්ච් එකක වාඩි වෙලා හිටියෙ...

එයාගෙ අතේ බියර් කෑන් එකක් තිබුනා...

තව හිස් බියර් කෑන් තුන හතරකුත් ටේබල් එක උඩ ගොඩගහල තිබුන නිසා මට හිතාගන්න පුලුවන් වුනේ එයා ගොඩක් වෙලා මෙතන ඉන්න ඇති කියලයි...

මං ගිහින් එයාගෙ එහා පැත්තෙන් වාඩි වුනාම එයා ළාවට හිනා වුනා....

🐥"ඩොක්ටර්නිම්...."

👩‍⚕‍ "ඔයා කොච්චර වෙලා මෙතන හිටියද...?"

🐥 "එච්චර වෙලා නෑ...."

👩‍⚕‍ "නැත්තෙ මොකද...? මේව බිව්වෙ මං වෙන්නැති එතකොට...!" මං පැත්තක ගොඩ ගහල තිබුන බියර් කෑන් ටික පෙන්නුවෙ හිතේ කොනකින් චූටි කේන්තියකුත් මතු වීගෙන එද්දියි...

ඒත් එයා කලේ හිනාවීගෙන මං දිහා බලන් හිටිය එක විතරයි...

👩‍⚕‍ "මොකද පාත්තයෙක් වගේ හිනා වෙන්නෙ...? මේ මහ රෑ එලියෙ ඉඳල ලෙඩක්වත් හැදුනොත් හිනාවෙන්න තමා වෙන්නෙ...!"

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now