episode 5

525 98 8
                                    

යන ගමනුත් මට මතක් උනේ අර හා පැටියගේ මූණ.. 😍😍 මට නිකන් දැනෙන්නේ එයාව මට ගොඩක් කාලෙක ඉදන් දන්න කෙනෙක් වගේ... ආයිශ් miaa.. තමුසෙට ආදරයක් වත්.. අර කතාවකුත් තියෙනවනෙ ඉතිම් love at
First sight කියලා...ආ..යිශ්..මේ මොන කුණුහරුපයක්ද මන් මේ හිතන්නෙ..

Peeep....🔊🔊🔊

එක පාරටම කං බෙරේ එලියට පනින සයිස් එකට ඇහුන horn සද්දෙත් එක්ක මන් පියවි සිහියට ආවෙ මොකාද ඒ horn එක උඩ නටන පිටසක්වලයා කියලා බලන්න...🤨🤨🤨 එතකොටයි මන් දැක්කෙ මන් හිටියේ හරියටම පාර මැද්දෙ කියලා😳😳😳 ඒ මදිවට මන් නිසා පාරෙ වාහන block වෙලා... ඉස්සරහින්ම තියෙන වාහනේ driver මන් දිහා බලන් හිටියේ හරියට මාව බැදල කනවද තම්බල කනවද වගේ බැල්මට් එකක් දාගෙන... මං ඉක්මනට පාර පැනල එහා පැත්තට ගියේ තව විනාඩියක් හරි මන් එතන හිටිය නම් driversල ටික මට මෙතනදිම පාංශු කූලෙ දෙන නිසා...😕😕😕

Jk's pov

අදත් ඉතින් වෙනදා වගේම මං ජිමිනත් එක්ක school එකට ආවේ සුපුරුදු පරිදි bell කරලා ඉවර උනාට පස්සෙ... අපි දෙන්නා කෙලින්ම ගියේ අපේ study room එකට... අපි යනකොටත් හියුන්ල ඇවිත්. ඒත් ටේ පේන්න හිටියේ නෑ... practice ඉවර වෙන්න වෙලා යන්න ඇති.

වෙනදා වගේම ජුනී හියුන්ට පොඩි විහිළුවක් කරන්න කියල හිතාගෙන මායි ජිමිනයි හියුන්ගෙ note book එක ජින් හියුන්ගෙ bag එකේ හැංගුවා..🤭🤭
ඊට පස්සෙ ඉතින් මුකුත් දන්නෑ වගේ බලන් හිටියා...ජුනී හියුන් ඩෙස් යටයි පුටු යටයි දෙකට නැමීගෙන පොත හොයනවා..😂😂😂 ජිමිනා නම් හිනාව තද කරගෙන ඉදලම තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා... මන් ජිමිනාගෙ මූණ දිහා බලන් ඉද්දි කවුරුහරි ඇවිත් මගේ ඇගේ හැප්පුනා. හැප්පුන පාර මන් ගිහින් එතන නිදන් හිටපු යුන්ගි හියුන්ගෙ ඇගේ... යුන්ගි හියුන්ගෙ ඇග උඩ ඉදන්ම මන් බැලුවෙ මොකාද මගේ ඇගේ හැප්පුනේ කියලා... ඒ හොබී හියුන්... ආයිශ් මේ යකත් මොන දේවාලෙක යනවද මන්දා...😡😡😡

Yoongi🐱: යා...හ් තමුසෙට ඇස් පේන්නෙ නැද්ද... මොන මගුලක්ද තවත් මගේ ඇග උඩ ඉදන් කරන්නේ බහිනවා බිමට...😤😤😤

මන් හිතින් හොබී හියුනගේ ගුණ වය වය ඉද්දි යුන්ගි හියුන් කෑ ගැහුවා...

MY DREAM BOY [completed]Where stories live. Discover now