episode 22

330 62 6
                                    

Still tae's pov

ඊයෙ පාටි එක නිසා අද කොහොමත් scl නැති එකේ මන් කුකී එක්ක කතා කරන්න කියලා හිතන් කෝල් එකක් ගත්තා. ඒත් මේ මිනිහා මගෙ කෝල්ස් එකක් වත් answer කරේ නෑ... එක දිගට කෝල් තුනක් විතර ගත්තට පස්සෙ මන් ආයෙ කෝල් ගන්නෙ නෑ කියලා හිතාගෙන phone එක පැත්තකින් තියන්න හදනකොටම මෙන්න මේ මිනිහා msg එකක් එවලා...

📳📳📳

Jk🐰: හියුන් මන් meeting එකක ඉන්නෙ. හදිස්සියක් නම් msg එකක් තියන්න.

ඊයෙ රෑ අච්චර දෙයක් සිද්දවෙලත් අද ඔයා කොහොමද කුකී මේ විදියට මුකුත් නොවුනු ගානට හැසිරෙන්නෙ. ඔයා මොන වගේ කෙනෙක්ද? ඔයා ඔහොම පිටට පෙන්නුවට ඇතුලෙන් කී පාරක් නම් මැරි මැරී ඉපදෙනවද කියලා මන් දන්නවා. මියානේ මට... මට ඔයාව කලින් තේරුම් ගන්න බැරි උනු එකට. ඒත් තවත් නෑ.. ඔයාගෙ හියුන් ඉක්මනටම ඔයාට ඔයාගෙ ආදරේ ලබලා දෙනවා.

Tae🐯: අනියා... ඇවිදන්න යමුද අහන්න ගත්තෙ. අවුලක් නෑ කුකී මන් හියුන්ලගෙන් අහලා බලන්නම්.. පරිස්සමෙන් ඉන්න...

මේ දේවල් මෙහෙම කතා කරන්න බැරි නිසාත් මේ වෙලාවෙ කුකීගෙ ඔළුව අවුල් කරන්න ඕනෙ නැති නිසාත් මන් ඇත්ත කියන්න ගියෙ නෑ. කුකීට reply කරලා ඉවර වෙලා මන් ජින් හියුන් හම්බෙන්න යන්න කියලා හිතුවෙ කුකීයි මියයි ආදරේ කරනවා කියලා හියුනුත් මුල ඉදන්ම දැනන් ඉදපු නිසා හියුන් එක්ක එකතු වෙලාම මේ දෙන්නව ආපහු එකතු කරන විදියක් ගැන කතා කරන්න හිතා ගෙන.

📲📲📲📲

Jin💜️: යබුසෙයෝ ටේ...

Tae🐯: හියුන්... මට හියුන්ව හම්බෙන්න ඕනෙ. හියුන්ට දැන් පුලුවන්ද?

Jin💜️: අහ් අවුලක් නෑ. මන් free. කොහෙදිද හම්බෙන්නෙ?

Tae🐯: XXX hotel එකේදි තව පැය බාගෙකින්..

Jin💜️: හරි මන් එන්නම්... see you.

Tae🐯: see you hyun.

📲📲📲📲

හියුන් එක්ක කතා කරලා ඉවර වෙලා මන් wash එකක් දාන් ලෑස්ති උනේ ඉකමනට හියුන්ව හම්බෙන්න යන්න කියලා හිතන්.

End pov

ටේ එතෙන්ට යනකොටත් ජින් ඇවිත් හිටියෙ. ටේත් ආවට පස්සෙ ජින් දෙන්නටම බොන්න මොනාහරි oder කරලා ටේ දිහා බැලුවෙ දැන් කියන්න වගේ බැල්මකින්. මොකද ජින් කියන්නෙ bangtanලගෙ වැඩිමල් සහෝදරයා. එයාගෙ මල්ලිලගෙ පුංචිම වෙනසක් උනත් එයාට ඉක්මනට අදුරගන්න පුලුවන්. ඒ වගේ අදත් ටේ ඉන්නෙ ප්‍රශ්නෙක කියලා එයාට අමුතුවෙන් කියන්න ඕනෙ උනෙ නෑ. ජින් දිහා බලපු ටේ ලොකු හුස්මක් පිට කරලා උනු හැම දේම කියන්න පටන් ගත්තා.

MY DREAM BOY [completed]Where stories live. Discover now