Namjoon

675 206 4
                                    

Jin's POV

උන දේවල් අමුතුයි කියලා තේරුනත් මුලදි මම ගනන් ගන්නේ නැතුව හිටියේ ඒවා මගේ හිතට එන විකාර වෙන්න ඇති කියලා හිතලා. ඒත් ඒව මගෙ හිතට එන විකාර කියලා අත ඇරලා දාන්න බැරි තරමට සැලකියයුතු දේවල් වෙනකොට මම නම්ජූන් එනකන් බලන් හිටියේ එයාට මේ දේවල් කියනවා කියලා හිතාගෙන.

ඒත් කොහෙන් පටන් අරන් කොහෙන් කතාව ඉවර කරනවද කියලා මට හිතා ගන්න බැරි උනා. ඒ මොනවා උනත් මම අද ඒක එයාට කියන්නම ඕනේ. ජූන් දොර ඇරගෙන එනවා දැක්කම මම එයා ලගට ගියේ එයත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන.

"අද මහන්සියි හ්යුන්ග්. මට එපා උනා."

ජූන් ඇත්තටම හිටියේ මහන්සියෙන් කියලා එයාගේ ඇස් දිහා බැලුවම මට කියන්න පුලුවන්. ජූන් මහන්සියෙන් ඉන්නකොට මට එයාට කතා කරන්න හිතුනේ නෑ. මගේ ප්‍රශ්න එයාගේ ඔලුවට දාන්න හිතුනේ නෑ. මම ඒ හන්දා කියන්න හිටපු දේ ටික වෙලාවක් ගියාට පස්සේ කියනවා කියලා හිතාගත්තා.

ජූන් වොශ් අරන් කන්න ආව වෙලාවේ මම එයාගේ ඉස්සරහා වාඩි උනේ එයත් එක්ක කතා කරන්න. මට මේ දේවල් තවත් ඔලුවේ තියන් ඉන්න පුලුවන්කමකුත් නෑ. පොඩි අය ඔක්කොම නිදි හන්දා මේක තමයි ජූන්ට කතා කරන්න හොදම වෙලාව කියලා මට හිතුනා.

"ජූන් මට-"

"තැන්ක් යු ජින් හ්යුන්ග් ඩිනර් එකට. මම යනවා නිදාගන්න."

"ජූන්."

"හ්යුන්ග්?"

"මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ? "

"අද බෑ හ්යුන්ග්. අපි පස්සේ කතා කරමු. මට නිදි මතයි."

ජූන් පඩිපෙල නැගලා එයාගේ රූම් එකට යන දිහා මම බලාගෙන හිටියා.



Flash back

ජූන් පොඩි අයට අද දෙපාරක් බැන්නා. යුන්ගි එක්ක එකට එක කියාගෙනත් ගියා. මට ජූන්ගෙ වෙනස පෙනුනට එයා ඊට වඩා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නවා කියලා හිතුනා. ඒත් මම කතා කරන්න හදන හැම වෙලෙම එයා මග ඇරලා ගියපු විදිහට මට හිතුනා එයා කතා කරන්න අකමැතිද කියලත්.

ඒත් අද මම එයාගෙන් මේ දේවල් අහලා මිසක් නිකන් ඉන්නේ නෑ කියලා හිතාගෙන එයා ස්ටූඩියෝ එකෙ ඉදලා එනකන් බලන් හිටියා.

අද දවසම ප්‍රැක්ටිස් කරපු හන්දා මට මහන්සි උනත්, මගේ ඇගම දැන් නිදාගන්න ... නිදාගන්න කියලා කිව්වත් මම ඇස් ඇරගෙන බලන් හිටියේ ජූන් එන්නේ කීයටද කියලා.

9.00 උනා. ඒත් එයා නෑ.

10.00 උනා. ඒත් එයා නෑ.

11.00 උනා. ඒත් එයා නෑ.

12.00 උනා. ඒත් එයා නෑ.

මට දැන් නිදාගන්න ඕනේ. ඒත් ජූන් නෑ. 1.00 වෙනකන් බලන් ඉදලා මම නැගිට්ටේ ජූන්ව බලන්න ස්ටූඩියෝ එකට යනවා කියලා හිතාගෙන. ඒත් ඊට කලින් ජූන් දොර ඇරගෙන ආවා.

"ජූන්. ඇයි පරක්කු උනේ. ? ඉන්න මම කෑම ටික හීට් කරලා ගන්නම්."

"එපා හ්යුන්ග්.."

"නෑ. මම ඉක්මනට හදන්නම්."

"මට කන්න බෑ හ්යුන්ග්.මම කාලා ආවේ?"

මම ජූන් දිහා බැලුවේ එයා ඇත්තද බොරුද කියන්නෙ කියලා බලන්න. ඒත් ඒ මූනේ බොරු කියන පාටක් පේන්න තිබ්බේ නෑ. මම ආයෙමත් එයාගේ ඉස්සරහට ඇවිල්ලා එයාව පුටුවෙන් වාඩි කරවලා එයාගේ ඉස්සරහින් මම වාඩි උනා.

"ජූන්. "

"හ්යුන්ග් "

"මොකක්ද ප්‍රශ්නේ ? "

"මොකක්ද හ්යුන්ග්? "

"මොකක්ද ඔයාගේ ඔලුවට වද දෙන ප්‍රශ්නේ?"

"එහෙම ප්‍රශ්නයක් නෑ හ්යුන්ග්."

"බොරු කියන්න එපා. මම දවස් ගානක්ම දැන් බලාගෙන හිටියේ. ඔයා ඉස්සර ඉන්නවට වඩා ගොඩක් වෙනස් දැන්. පොඩි දේටත් කේන්ති යනවා. කන්නේ බොන්නේ නෑ හරියට. දවසෙන් වැඩි කාලයක් ස්ටූඩියෝ එකෙ ඉන්නේ. ඔයා අපි හැමෝම මග අරිනවා. මොකක්ද ඔයාට තියන ප්‍රශ්නේ ?"

ජූන් මගේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා අන්තිමට කතා කරා.

"මම ප්‍රශ්නෙක තමයි හ්යුන්ග් ඉන්නේ...මට මම හොද ලීඩර් කෙනෙක් නෙවෙයි කියලා හිතනවා........................."

එදා අපි දෙන්නා කතා කරලා ඉවර වෙනකොට පාන්දර 4.00යි







00යි

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


REGRETS  |  Jin Centric  |  Completed Wo Geschichten leben. Entdecke jetzt