Jimin

485 205 0
                                    

Jin's POV

මම උදේ ඩයිනින් ටේබ්ල් එකෙන් වාඩි වෙලා තිබ්බ කෑම දිහා බලන් හිටියේ මොනවද කන්නේ කියලා හිතන්න.

අරක කන්න බෑ කැලරි 500යි.

අරක කැලරි 800ක් වත් වෙන්න ඕනේ.

මේක කෑවොත් මම අලියෙක් වගේ වෙයි.

අරක කැලරි 500ට වැඩි වෙයි

එයා කියනවා වගේ මම ඌරෙක්ම වෙයි මේවා කෑවොත්

කෑම ගැන හිත හිත හිටපු මම මගේ ලෝකෙන් මිදුනේ ජිමින්ගේ කටහඩ ඇහුන හන්දා.

"හ්යුන්ග්. භාවනා කරන්න නෙවෙයි තියෙන්නේ. කන්න."

මම හිනා වෙලා පුටුවෙන් නැගිට්ටේ ලෑස්ති වෙන්න යන්න..

"හ්යුන්ග් කන්නේ නෑ ? "

"බඩගිනි නෑ ජිමින්. "

"හ්යුන්ග් එක්ක කන්නත් බැරි උනා ගොඩ දවසකින්. හ්යුන්ග් දැන් අපි කන වෙලාවට කන්නේ නෑනේ. "

"මම පස්සේ එන්නම්කෝ කන්න."

මම ජිමින් දිහා බලලා බොරු හිනාවක් මගේ මූනේ මවලා ආයෙමත් රූම් එකට ආවේ එතන හිටියොත් මට මගේ කට පාලනය කරගන්න බෑ කියලා දන්න හන්දමයි. ඊටත් වඩා මම එයාලට බොරු කියන්න ඕනේ උනේ නෑ .
    
   
   
   

Flash back

"කෝ. කට්ටියම එන්න කන්න. පරක්කු වෙනවා. ජිමින්න්න්න්න්. කන්න එන්න. "

ජිමින් ට මම තුන් වෙනි පාරටත් කතා කරාට එයා ආවේ නෑ.  මම කනෙන් ඇදන් එනවා කියලා එයාගේ රූම් එකට ගියේ වෙලාවට කෑම මේසෙට එන්න පුරුදු කරවන්න.

"ජිමින් ඔයා එන-.."

ඇදේ තිබ්බෙ ටී ශර්ට් එක අතට ගන්න ගමන් හිටපු ජිමින් උඩට ඇදුමක් නැතුව හිටියේ. ජිමින්ගේ ඇගේ තියන ඇටකටු සෙට් එකම මට එයාගේ අපර් බොඩි එකේ පෙනුනා. එයා කෙට්ටු වෙලා..

"ජිමින්."

"හ්-හ්යුන්ග්."

"ඇයි කන්න එන්නේ නැත්තේ?"

"බඩගිනි නෑ හ්යුන්ග්."

මම එයා දිහා බලන් හිටියට එයා මගේ මූන බලන්නේ නැතුව මට උත්තර දෙනකොට තේරුනා එයා මට කියන්නේ බොරු කියලා. එයා මේ දවස් ටිකම කෑවේ නෑ. මම දැක්කේ නෑ උදේට කන්න එනවා. ඩිනර් එකට ආවත් ඉක්මනට නැගිටලා යනවා. මට තේරුනා එයා කරන්න හදන දේ මොකක්ද කියලා.

"ජිමින් ඔයාගේ ඩයට් එක ස්ට්‍රික්ට් වැඩියි."

"මොන ඩයට් එකද හ්යුන්ග්? "

"බොරු කරන්න එපා ජිමින්. ඔයා මේ දවස් ටිකේම හරියට කෑවේ නෑ. ඔයා ඔය කරන දේ ඔයාට හොද නෑ. "

"එහෙම එකක් නෑ හ්යුන්ග්. මම කෑවා. "

"ඔව්. දවසට එක කෑම වේලක් කෑවා ඔයා.  ඕක අදම නවත්තන්න ඕනේ. ඔයා අදම කන්න එන්න."

"අනේ හ්යුන්ග්. "

"එන්න කන්න යන්න.."

"මට බෑ හ්යුන්ග්. "

"එන්න."

"මට බෑ.."

"ඔයා ඔය වද දෙන්න හදන්නේ ඔයාටමයි. ඔහොම කන්නේ නැතුව හිටියා කියලා වැඩක් වෙන්නෙ නෑ. එන්න යන්න කන්න.."

"මට බෑ හ්යුන්ග්. ඔයා යන්න."

"මම මිස්ටර් සේජින් එක්ක එන්න කලින් ඔයා එනවද නැද්ද.? "

ඒකට ජිමින් බය උනා. මම එයාවත් බලෙන් අරන් ඇවිල්ල වාඩි කරවලා එයා කනකන් බලන් හිටියා. කන්න බෑ බෑ කිව්වට මම එයාට කන්න කියලා බය කරා. ඒත් ඕනෙවට වඩා බල කරේ නැත්තේ  මේ වෙලාවෙ එයාගේ ඇග එච්චර කෑම ගොඩකට පුරුදු වෙන්නේ නැතුව ජිමින් ඔක්කොම ත්‍රෝ අප් කරයි කියලා බයට.

"අපි හවසට ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරලා හරි ඩයට් ප්ලැන් එකක් හදාගමු. "

මම ඒක කිව්වම ජිමින් එයාගේ ඇස් දෙකත් හීනී කරලා හිනා උනා. එයාගේ හිනාව දැක්කම මට මම කරපු දේ ගැන සතුටු හිතුනා.

 එයාගේ හිනාව දැක්කම මට මම කරපු දේ ගැන සතුටු හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
REGRETS  |  Jin Centric  |  Completed Where stories live. Discover now