Jungkook

476 199 3
                                    

Jin's POV

මගේ ජීවිතේ මට නැති උනා කියලා හැගීමක් එනකොට මට පුලුවන් උනේ හයියෙන් අඩන්න විතරයි. මුලදි මුලදි කෑ ගහලා ඇඩුවත් එක්කෙනා දෙන්නා ඩෝම් එකට එනකොට මම බැල්කනි එකට වෙලා සද්ද නොකර ඇඩුවා.

හීන ඔක්කොම බොද වෙනකොට..

මට මාවම අප්පිරියා වෙනකොට....

මගේ ලග ඉන්න හැමෝම මට මැවිලා පේනකොට....

මම සද්ද නැතුව ඇඩුවා.

බැල්කනි එකේ දොර ඇරෙන සද්දේ ඇහුනට පස්සේ මම ඒ දිහා ඔලුව උස්සලා බැලුවත් මට මගේ පැත්තට එන්නේ කවුද කියලා අදුරගන්න බැරි උනා. මම වැටෙන කදුලු නවත්තන්න හැදුවේ මට ඇස් වල කදුලු නැති උනාම එන කෙනාව හරියට පෙනෙයි කියලා හිතාගෙන.ඒත් මගේ කදුලු මට ද්‍රෝහි උනා..ආව කෙනා මගේ ඉස්සරහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙම හැරිලා ගියා.

ආව කෙනා ඇස් දෙකෙන් දැක්කේ නැති උනාට එයාගේ සුවදින් මම එයාව අදුරගත්තා.

ඒ ආවේ මගේ  කුකී බබා. ජන්ග්කුක්.
   
   
   
   

Flash back

ඩෝම් එකට ඇවිල්ලා දෙවනි සතිය යනකනුත් මම මේ මෙට්‍රස් වලට පුරුදු උනේ නෑ. රෑ මට හරියට නින්ද යන්නේම නෑ ඒ මෙට්‍රස් වල. කොච්චර නිදාගන්න හැදුවත් නින්ද යන්නේ නැති තැන වතුර ටිකක් බොන්න යන්න ඇදෙන් බැහලා කිචන් එකට යනකොට මට කවුරු හරි අඩන සද්දේ ඇහුනා.

ඇවිදින එක නතර කරලා මම සද්දෙට කන් දුන්නේ කොහෙන්ද ඒ සද්දේ කියලා හොයාගන්න..

එලියෙන් ඇහෙන්නේ.

බැල්කනි එකෙන්.

මම බැල්කනි එකේ දොර ලගට යනකොට දැක්කා ඒක ලොක් කරලා නෑ කියලා. දොරත් ඇරගෙන යනකොට චූටි කෙනෙක් බැල්කනි එක මුල්ලේ වාඩි වෙලා දනිස්සට ඔලුව තියාගෙන අඩනවා මම දැක්කා. චූටි අය මහ ගොඩක් හිටියෙත් නෑ අනික අඩන කෙනාගේ මූන නොපෙනුනත් මට එයාව අදුරගන්න පුලුවන් උනා. කුකී එතන ඉන්නේ.

මම කුකී ලගට ගිහින් එයාගේ එහා පැත්තෙන් වාඩි උනා.  එහා පැත්තේ කෙනෙක් ඉන්නවා කියලා එයාට සෙන්ස් උන හන්දද මන්දා  එයා ඔලුව උස්සලා බැලුවා.

"හ්යුන්ග්."

"කුකී ඇයි අඩන්නේ. "

"ජින් හ්යුන්ග්...."

"අඩන්න එපා. ඇයි අඩන්නේ කියන්න. "

"මට කතා කරන්න කවුරුත් නෑ හ්යුන්ග්. මට ඔම්මා අප්පා නැතුව පාලුයි. මට එයාලා එක්ක කතා කරන්න ඕනේ. ඔම්මා එක්ක කියන්න ඕනේ අද දවසේ උන දේවල්. මට එයා නැතුව පාලුයි."

මම එයාව මගේ ලගට ඇදලා අරගෙන හග් කරා..හග් කරලා එක අතකින් එයාගේ ඔලුව අත ගාන ගමන් එයාට කතා කරා.

"කුකී ඔයාට ඕනේ වෙලාවක මට කතා කරන්න. මම ඔයාගේ හ්යුන්ග් කියලා හිතන්න..ඕනෙම වෙලාවක කතා කරන්න ජිනී හ්යුන්ග්ට හරිද...? "

මම එදා රෑම කුකීව හග් කරගෙන එයා එක්ක කතා කර කර ඉන්නකොට එයාට දන්නෙම නැතුව මගේ හග් එකේම එයාට නින්ද ගියා.

මම එදා රෑම කුකීව හග් කරගෙන එයා එක්ක කතා කර කර ඉන්නකොට එයාට දන්නෙම නැතුව මගේ හග් එකේම එයාට නින්ද ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


REGRETS  |  Jin Centric  |  Completed Where stories live. Discover now