🌩️ හයවෙනි මේඝය 🌩️

1.7K 281 218
                                    

       🔞🔞 HORROR 🔞🔞 HORROR 🔞🔞

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤දුර සිටියත් ආලෝක සතවසක් තරු එලියත් මහා පොලොවට ඒ නම්, ඇයි මට නුඹ අහිමි...
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

අමු සොහොනෙන් ඉපදි වර... පොලොව පලන් වර.. අහස දෙබෑකරන් වර... මේ බිලි ගන්න වර ... ඒස්වාහඃ..."

                    අවේශයෙන් වෙව්ලා වෙව්ලා මන්ත්‍ර ජපකරන වෛශුගේ කටහඩ ඩිංග ඩිංග උස්වත්දී ඈත කැලෙන් හූ තුනක් පිට පිට ඇහුනේය...

"ඌ එනවා.. ඌ එනවා.. උට දෙන්න බිලි ලෑස්ති කරපිය..."

                                වෛශු මායමින් ගොතිර දෙස හැරී කියද්දී ගොතිර ලග තිබුනු මල්ලෙන් බිත්තර දෙකක් දෑතට ගෙන සතිදු අතට දුන්නේය.. ලග එන අනතුරට මූණ දෙන්න වෛශු එක් අතකින් මැතිරූ කහ වතුර මුට්ටියකුත් ගෙන අනික් අතින් දුම්මල අහුරකුත් ගත්තාය.. මනුස්ස පරාණ පහ හුස්මක්වත් නොහෙලා ඉදිද්දී, එක්වරම සොහොන් ගොල්ල කෙලවරෙන් පුලුටු ගදින් වැසි දුමක් නංවාගෙන මල දරුවාගේ අමු සොහොන් යක්ෂයා, කළු නාග රාජයෙකුගේ වේශයෙන් මතු වුනේය.... කළු පැහැ කොරොපොතු  අතරින් දිලිසුම් දුන් ගිණි රත් දෑස දෙස බැලීමට පවා බියවූ හිමත් දෝතින්ම සිය ඇස් වසා ගත්තේය.. අඩි සොලසකටත් වඩා දිගු නාග රාජයා වෛශු අසලට බඩ ගා විත් උගේ කුල්ලක් තරම් පෙණය පුප්පාගෙන දරණ ගසා ගත්තේය... ‍රක්ත වර්ණ මුව අතරින් පිට පැන්න විෂ දලයන් දෙස බැලීමත් අසීරූය.. වරින් වර මුවෙන් පැන්න මාරාන්තික විෂ පිරුනු සුසුම් සරයන් මැද මහ සොහොන් අවතාරය පැමිණිමෙන් පසුවත් බිත්තර දෙක දෑතෙහි තබන්, තුශ්ණිම්භූත වී නාග රාජයා දෙස බලා ඉන්නා, සතිදු දෙස වෛශු කෝපයෙන් බැලුවාය...

 වරින් වර මුවෙන් පැන්න මාරාන්තික විෂ පිරුනු සුසුම් සරයන් මැද මහ සොහොන් අවතාරය පැමිණිමෙන් පසුවත් බිත්තර දෙක දෑතෙහි තබන්, තුශ්ණිම්භූත වී නාග රාජයා දෙස බලා ඉන්නා, සතිදු දෙස වෛශු කෝපයෙන් බැලුවාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අහස් මේඝය (Completed)Where stories live. Discover now