🌩️ දසවන මේඝය 🌩️

1.3K 264 156
                                    


🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤දුර සිටියත් ආලෝක සතවසක් තරු එලියත් මහා පොලොවට ඒ නම්, ඇයි මට නුඹ අහිමි...
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

"හරි රන් අයියෙ.. ඔයාටත් බුදු සරණයි... "

මේඝ පාකර එවූ හාදුව අල්ලා හදවතට තියාගත් අහස්න ඔහුට සමුදුන්නේය.. දුරකතනය පසෙක දමා නාන කාමරයට දුවගිය කොල්ලා ඉක්මණින් ඇග සෝදගෙන, අත් දිග ටී ෂර්ටයකින් හා දිගු කලිසමකින් සැරසුනේ සිය පැති බෑගයත් කරට දාගනිමිණි.... මේසය මත තිබු කොල කැද වීදුරුව එක් හුස්මට හිස්කල ඔහු සංසාරිගෙත් වත්සිලගෙත් පා වැද බෙහෙත් පැල සොයා බැද්දට ඇතුල්වූයේ ඔහු පසුපස තව අයෙක් හඹා එන බව නොදැනයි...

"චුට්ටක් හෙමින් යන්නකෝ..."

බොහො දුරක් රහසින්, බැද්ද මැද වේගයෙන් ඉදිරියට ඇදෙන අහස්න පසුපසින් හඹා ආ තෙදැස් කීවේ, පපුවට අතක් තියාගෙන ඉදිරියට නැවෙමිණි... කියූ තරම් අසාධ්‍ය තත්වයක නොහිටියත්, ඇත්තෙන්ම පෙණහළු රෝගයකින් පීඩා වින්ද තෙදැස්ට, අහස්න තරම් වේගයෙන් නුපුරුදු කැලයක් මැදින් ඇවිදයාම එතරම් පහසු නොවුනේය...

"මං ඔයාට මගේ පස්සෙන් එන්න කිව්වෙ නෑනේ..."

අහස්න කීවේ මොහොතකට නතර වී ආපසු හැරෙමිණි.. බැද්දට ඇතුළු වී නොබෝ දුරක් යන්නට ප්‍රථම, තෙදැස් ඔහුව හඹා එනවග බරණා අහස්නට දැන්වූයේය... ඕනෑ එපා හැම එකටම හොට දාන්න දගලන තෙදැස්ට පාඩමක් වන්නටත් එක්ක අහස්න තෙදැස්ව බැද්ද මැද්දටම ගෙන ආවේ, ඔහුට ගමන් ගත හැකි උපරිම වේගයෙනි...

"ඒ කියන්නෙ ඔයා දැනන් හිටිය මං ඔයාව ෆලෝ කරනවා කියලා..."

හදිසියේ අහස්න කෙරේ අමනාපයක් දැනුන තෙදැස් අහස්නට රවමින් ඇසුවේය.. ඔහු හදිසියේ මේ  තරුණයාගේ ඇස් ඉදිරිපිටට එද්දි, ගැටවරයා පලකල සන්සුන් ඉරියව් නිසාම තෙදැස්‍ට ඒ බැව් මැනවින් වැටහෙමින් තිබිණ

"ඔව් ඉතින් දඩ බඩ ගාල සද්ද කර කර එද්දි, මං විතරක් නෙවෙයි බහිරව කන්දම දැනගන්න ඇති මෝඩ හිතුවක්කාරයෙක් කැලෑ වැදිලා කියලා..."

අහස්න කටකොණකින් හිනාවෙවී කියද්දී තෙදැස්ට යක්ෂයා ආරූඨ වූයේය... ඔහු දෑත් මිටි මොලවාගෙන අහස්නට ලංවූයේ කෝපයෙන් ගිණිගන්න දෙනෙතිනි.. අහස්නගේ මේ පමණට වඩා අහංකාර ගතිනම් තෙදැස්ට අප්‍රිය වී තිබුනේ පැයක දෙකක සිට නොවේ....

අහස් මේඝය (Completed)Where stories live. Discover now