දහනව වන දිගහැරුම ........

2.4K 470 133
                                    


ශාන් පිටව ගිය පසු යීබෝ යලිත් බැරෑරුම් ලෙස ඔෆිස් කාමරයේදී ශාන් පැවසු දෙය පිළිබඳව කල්පනා කරන්නට පටන් ගත්තේය ..

' ඒ කියන්නෙ පපා අංකල් එක්ක මොකක්ම හරි වැදගත් වැඩකට ගිහින් තියෙන්නෙ ... ඒත් මොකක්ද ... හ්ම්ම්ම් මම අද රෑට බලන්නම්කො මොකක්ද කියලා.. ඕපන් කරගන්න බැරුවුනොත් හැක් කරනවා.... "

සවස් වරුවම යීබෝ ෆයිල් වල වැඩත් සමඟ ගෙවූ අතර පහට පමණ ශාන් යලිත් හෙමින් හෙමින් කාමරයට පැමිණියේ හොර බළලෙකු මෙනි...

"මොකෝ බනී...."

කරමින් සිටි වැඩය නවතා ශාන්ව ලඟට ඇදගෙන තුරුලු කරගනිමින් ඇසුවේය ..

" සල්ලි ටිකක් ඕන..."

යීබෝගෙ උණුසුම විදිමින්ම ශාන් පැවසුවේය ....

" හ්ම්ම්.... ඒපාර මොකකටද....ආයෙත්...."

",නෑ නෑ නෑ..    ඔට්ටු ඇල්ලුවේ නෑ ..."

යීබෝ සෙමින්  ශාන්ගේ ටීෂර්ට් එකට යටින් දෑත් යවා ඔහුගේ උදරය සහ පිට පිරිමදින්නට පටන්ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝ සෙමින්  ශාන්ගේ ටීෂර්ට් එකට යටින් දෑත් යවා ඔහුගේ උදරය සහ පිට පිරිමදින්නට පටන්ගත්තේය ... ඒ ස්පර්ෂයෙන් කිතිකැවී ගිය ශාන් මදක් ඇඹරුනේ ලැජ්ජාවෙන් මුහුණත් රතුකර ගනිමිනි.....

" එහෙනම් ...."

එවර යීබෝ ශාන්ගේ ගෙල මතට තොල්පෙති තබා සිපගන්නට විය...

" මැඩම් යූ සාලේ ඉන්නවා..."

එය කෙදිරීමකි ....

" ඉතින්..."

" මට සල්ලි දෙන්න... "

" මෙහෙම විනාඩි දහයක් ඉන්න දුන්නොත් සල්ලි දෙනවා...."

" ආ.... මාව සල්ලි වලටද අල්ලන්න හිතං ඉන්නෙ.. එහෙනම් මම මීට වඩා ගනං උස්සන්න ඕන...."

ශාන් යීබෝගෙන් මිදෙන්නට උත්සාහ දරමින් බොරු තරහක් මවාගනිමින් පැවසුවේය ....
ඒත් සමගම ටීෂර්ට් එක යට තිබුනු එක් අතකින් යීබෝ ශාන්ගේ පපුවේ සියුම්ම ස්ථානයක් තරමක් තදින් නමුත් හෙමින් මිරිකුවේය..

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now