Perfect 🎯

608 65 236
                                    

At midnight

"එයාට නින්ද ගිහින් වගේනේද හැම්ලට්... ඕ මොකද මේ කෙදිරිගන්නේ... මෙයාට උණද... මේ මොකද මේ කෙල්ල හොරෙන් බලන්නේ.. හොරෙන් බැලුවට මාව පේන එක්කද ???ඇහෙන එකක්ද නේද හැම්ලට්.."

හුරුපුරුදු කටහඩක් මුමුණනවා වගේ මහ රෑ මට ලාවට ඇහුනා.. මගේ ඔලුව ගිනි කබලක් වගේ හොදටම රිදෙනවා..මන් ඇහැරුනේ ඒ හින්දා.. කව්ද මේ කියවන්නේ.. මගේ කාමරේට මෙයා ආවේ කොහොමද ??? අනික මේ රෑ.. කව්ද හැම්ලට්..

මන් හොරෙන් ඇස් දෙක අරින්න හදද්දිම ඒ කතා කරන එක්කෙනා කිව්වේ..මන් හොරෙන් බලනවා කියලා.. ඒත් මේ කවුරු උනත් එයා කොහොමද දන්නේ මන් හොරෙන් බලනවා කියලා..යන්තම් හද එළිය විතරක් වැටිලා තියෙන මේ කාමරේ එයාට කොහොමද ඔච්චර හොදට ඇස් පේන්නේ.. මට එවෙලාවේ ඔලුවට ආවේ එක දෙයයි.. මෙයා අනිවාරෙන් මගේ හිත කියවනවා..ඔය ෆිල්ම්ස් වල ඕන තරම් තියෙන්නේ අනේ!

ක්ෂණිකව ක්‍රියාත්මක උන මම ඉක්මණින් ඇද උඩින් පැනලා එයාට ගහන්න කෝට්ටේ අතට ගත්තේ.. මේ වෙලාවේ ආවේ කවුරු උනත් එයාට හොදට නෙලන්න මන් ලග එච්චර ශක්තියක් නැති බව මට හොදටම දැනුන නිසයි.. අපරාදේ අවුරුදු ගානක් ටෙක්වොන්ඩෝ ගිහින් කිසි වැඩක් නැහැ මොකද ඕනම වෙලාවේ ඒක පාවිච්චි කරන්න මට පන නැහැ..

ඔව් මන් හිතුවා හරි එයා හොයාගත්තා මන් ක්‍රියාත්මක උනේ මොකටද කියලා.. ක්ෂණිකව පැත්තකට ගියපු එයාගේ පිටිපස්සේ කවුරු හරි කෙනෙක් හැන්ගෙනවා මට ලාවට පෙනුනා.. ඒත් වාව්...... මට කියවුනේ එච්චරයි.. හද එලියට ඒයාගේ ඇත් දල පාට සිරුර කැපිලා පෙනුනේ මගේ කටින් කෙල බිදුවකුත් වැටෙද්දීයි.. දිලිසෙන ඇස්, පිරිපුන් දෙතොල් එයාට ගෙනාවේ අංගසම්පුර්ණ පෙනුමක්.. ඒත්.. අම්

.

.

.

.

.

.

.

.

.

.

.

මොන සමයන් ඇදුමක්ද මේ මනුස්සයා පොරවගෙන ඉන්නේ.. මුළු ඇගටම තිබ්බේ රෙද්දක්  විතරයි.. ඒකත් හරියට ඇදගෙන හිටියේ ඔය සූර පප්පා එකේ ඉන්න රෝමන් කාරෙක් වගේ.. තව මල් ඔටුන්නකුත් ඔලුවේ ගහගෙන..විකට ඇදුම් තරගෙකටවත් යන්නද?

Met my Guardian Angel | PJM ᵒⁿʰᵒˡᵈحيث تعيش القصص. اكتشف الآن