Happier 🍂

409 49 496
                                    

"මේ ඉටිපන්දම ඔයාට, එතකොට මේක ඔයාට, Max ගේ එක මන් ලග. ආ.. ඉන්නකෝ එතකොට මේ ගින්දර.. ඉවරයි! ගිනි පෙට්ටිය ගෙදර"

එයාලට මගේ අතේ තිබුණු ඉටිපන්දම් ටික ගානට බෙදලා දුන්නු මම ඊලගට සයිඩ් බෑග් එකට අත ඔබලා, ඊට පස්සේ ඒකෙ බඩු ටික බිම හැලුවත් ඊලග මොහොතේ මට තේරුම් ගියේ මම ගිනි පෙට්ටිය අමතක කරලා ඇවිල්ලා කියන එක..

දැන් ඉතින් මොනා කරන්නද ආයි ආදී කාලෙටම ගියා ඉතින්!

"Max, හැම්ලට්, විශේෂයෙන්ම ඔයා දුත්ස් මෙතනටම වෙලා ඉන්න මන් ගල් ගෙඩි දෙකක් හොයන් එනකම්. අඩියක් හරි හෙල්ලුනොත් පතුලේ ඉදන් හමගහනවා ඔලුවේ ඉදන් තෙල් ගාන්න"

"යා.. ඔයා මගේ ගාඩියන්ද මම ඔයාගේ ගාඩියන්ද? මෙන්න මෙහෙ එනවා පැහිච්චකම් කියවන්නේ නැතුව.. ඕක හරියට අල්ලගන්න. අන්නහරි අත් දෙකෙන්ම"

දුත්ස් එකපාරටම මාව ඇදලා ගත්ත පාරට මම තව ටිකකින් අපේ සීයගේ වලේ. කොහොම හරි ඉතින් මන් ගැන දන්නවනේ එහෙම ලේසියෙන් වැටෙනවද නංගි ම..

"ඕක හරියට අල්ලගන්නවා"

"හරි හරි. ඔයා දැන් කටින් ගින්දර පිබින්නද හදන්නේ?"

"මේ ඇගිල්ල දිහා හොදට බලන්න. හරි තව ටිකයි.. තව ටිකයි.. හැම්ලට් මේ බලන්න මම ඒක කලා.."

"ඔමෝ කොලුවෝ, මාස කීයක ඉදන්ද ඕක පුරුදු උනේ? ගැම්මක් තමයි ආ!"

වොආ.. ඒක නම් අදහා ගන්නත් අමාරුයි එයාගේ මහපට ඇගිල්ල ගිනිගත්තේ හරියට ලයිටර් එකක් වගේ. ඒක ඇත්තටම මාරයි. මට වෙලාවකට ඔයාගැන පට්ට ඉරිසියා හිතෙනවා දුත්ස්!

කොහොමහරි අපේ දුත්ස් ගේ ගිනි ගන්න මහපට ඇගිල්ලෙන් එතන තිබුණු හැම ඉටිපන්දමක්ම දල්ව ගන්න අපිට ගත උනේ හරිම පුංචි වෙලාවක්..

"ඔයාට බඩ්ඩක් කියන්නද දුත්ස්, ඔයාට තියෙන මේ හැකියාවෙන් අපිට පුලුවන් මේ උද්ගත වෙලා තියෙන වත්මන් ගෑස් හිගයට කඩිනම් විසදුමක් ලබාදෙන්න. මොකෝ කියන්නේ?"

"මේකයි ගොන් ගහ, බැරි වෙලාවෙත් එයාලා ඩොලර් හොරකම් කරනවා වගේ මාවත් හොරකම් කලොත් ඔයාට දූත පප්පෙක් නැති වෙනවනේ"

Met my Guardian Angel | PJM ᵒⁿʰᵒˡᵈWhere stories live. Discover now