chapter 2

395 55 4
                                    

tae's home

කුකී ගෙදර ආපු ගමන්ම කාමරේට ගිහින් දොර වහගත්තේ ටේ දිහාවත් නොබලමයි.කුකීගේ මේ හැසිරීම ටේට වගේම ජිමිනුත් හිටියේ  පුදුම කුතුහලේකින්.ජිමින්ටත් මහන්සි කියලා⁣ කාමරේට ගියේ ටිකක් ටේටත් රෙස්ට් කරන්න කියලා.

🐥 මේ ටේ අරූට මොන යකාද බන් ගැහුවේ හිටි හැටියෙම 🙂

🐯 අනේ මන්දා ජිමින් මාත් මේ ඒකම තමා කල්පනා කරේ.අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා කීයට හරි එයිනෙ ගුහාවෙන් එලියට 😒

🐥 මාත් යනවා එහෙනම් ටිකක් නිදා ගන්න රෑට ජින් හියුනලත් එනවා කිව්වානේ උබත් ටිකක් රෙස්ට් කරපන් අද රෑට වැඩ වැඩිවෙයිනේ 😉

🐯 ඔහොම ඉදහන් ජිමින් . උබ මට කලින් කිව්වේ නෑනේ හියුන්ලා අද මෙහෙ එනවා කියලා 🙄

🐥 ඒකනේ යකෝ දැන් කිව්වේ මට අමතක උනා ඉතින් 😁

🐯 මරු එකාටත් හියුන් පණිවිඩ කියන්නෙ.හරි හරි මාත් යනවා ටිකක් රෙස්ට් කරන්න 🥱

ටේයි ජිමිනුයි කතා කරලා ඉවර වෙලා දෙන්නාම තම තමන්ගෙ කාමර වලට ගියේ උදේ ඉදන් එක එක පිස්සු කෙලලා හොඳටම මහන්සි නිසා.ටේ නිදාගන්න කියලා ඇඳට ගියත් එයාගේ හිත කිව්වෙම කුකී එක්ක කතා කරන්න කියලා.ඒ නිසාම ටේ ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ගියේ කුකීගේ හිතේ තියෙන දේ  හියුන්ලා එන්න කලින් දැනගන්න ඕනේ නිසා.

"කුකී..කූකී..මම ඇතුලට එන්නද 🙄 ඔයා නිදිද කුකී.."

ටේ කොච්චර කතා කරත් කුකී දොර ඇරියෙ නැති ටේ දොරත් ඇරගෙන ඇතුලට ගියා.

" හොඳ වෙලාවට කාමරේ දොර ලොක් කරන්න අමතක වෙලා."

ටේ යනකොටත් ⁣කුකීට හොඳටම නින්ද ගිහිල්ලායි තිබ්බේ. ටේට කුකී එක්ක කතා කරන්න උවමනාවක් තිබ්බාත් කුකී නිදාගෙන හිටිය නිසා ටේ යන්න අනිත් පැත්ත හැරුනත් ආයේ ටේ කුකීගේ පැත්ත හැරුනේ එයාට බෙඩ්ශීට් එක පොරවන්න කියලා හිතාගෙන.ටේ එතකොට තමයි දැක්කේ කුකී හොඳටම අඬලා කියලා.කුකීගේ මූණ දැකලා ටේගෙ ඇස් වලටත් කදුලු පිරුනේ එයා කවදාවත් කුකීව මේ විදියට දැකලා නැති නිසා.ඒ මූණ හරිම තෙහෙට්ටු පාටයි.කම්මුල් දෙක රතු පාට වෙලා.ඒ ඇහි පිහාටු වල කඳුලු ටේ හොඳටම දැක්කා.

silent lover ( Completed )Where stories live. Discover now