chapter 5

270 48 0
                                    

4 years later

ටේ දැනට කොරියාවෙන් ගිහිල්ලා අවුරුදු 4 ක්. ටේ ගියත් හරි එයා මින්ට තියා එයාගේ හොඳම යාලුවා උන ජිමින්ටවත් කෝල් එකක් දුන්නේ නෑ. හැමෝම කිව්වේ ටේ වෙන කෙනෙක් එක්ක සතුටින් ඇති කියලා.ඒත් ඒක පිලිගන්න මින් කැමති උනේ නෑ . එයා හිතුවෙම ටේ කවදාහරි එයාට දීපු පොරොන්දුව ඉශ්ට කරන්න එයි කියලා.මින් ටේ ගිය දවසේ ඉදන් ටේට කෝල් ගත්තාත් මැසේජ් කරත් ඒ එකකටවත් රිප්ලයි මැසේජ් එකක්වත් ආවේ නෑ. කෝල් ගන්න හැමපාරම ටේගේ පෝන් එක ඕෆ් කරලා කිව්ව නිසාම ⁣මින් ටේට කෝල් මැ⁣සේජ් කරන එක නැවැත්තුවා. පිටට පේන්න හිනාවෙලා හිටියාට මින් හැමදාම තනි උන වෙලාවට එයාගේ ආදරේ මතක් කරලා ගොඩාක් ඇඬුවා.යොන්ට මින්ගේ වෙනස තේරුනත් මින්ගෙන් ඒක අහන්න නොගියේ කවදාහරි දවසක එයාම කියයි කියලා හිතාගෙන. මින්ගේ හිතේ ටේ ගියපු දවසේ ඉදන් තිබුනේ ⁣ටේත් එක්ක කතා කරන්න ඕනි කියන එක විතරයි.ඒත් දැන් මින්ගේ හිතේ තියෙන්නේ මැරෙන්න කලින් එකපාරක් හරි ටේව දකින්න හම්බුනොත් ඇති කියලා.

Min suu p.o.v.

ටේ ඔප්පා ගිය දවසේ ඉදන් අද වෙනකම් මට එක කෝල් එකක්වත් දුන්නේ නෑ. සමහරවිට වැඩ වැඩි නිසා වෙන්නැති. කොහොම උනත් එයා හොඳින් ඉන්නවා කියන්න මන් දන්නවා. අනිත් අය කියනවා වගේ එයාට වෙන කෙනෙක් ඉන්නවාද දන්නේ නෑ කියලා මටත් හිතුනත් මන් ඒක අනිත් අයට පෙන්නන්න ගියේ නැත්තේ මන් දුකින් ඉන්නේ කියලා එයාලා දැන ගන්න ඕනි නැති නිසා.ටේ ඔප්පා ගියාට පස්සේ මන් හැමදාම වගේ අපි ඉස්සෙල්ලාම හම්බුනු තැනට ආවා. ලාවට අඳුර වැටිච්ච පරිසරය වගේම වැඩිය කවුරුත් ගැවසෙන්නේ නැති තැනක්..⁣මන් හැමදාම වගේ අදත් ආවේ මගේ හිතේ තියෙන දුක නිදහස් කරගන්න පුළුවන් එකම තැන මෙතන නිසා.හැමදාම මන් මෙතන්ට එන්නේ ටේ ඔප්පා අදවත් එයි කියලා හිතන ගමන්මයි. ඒත් අද වෙනකම් එයා ආවේ නෑ.

" ටේ ඔප්පා...ඔයාට මාව අමතක වෙලාද...මන් ඔයා එනකම් බලන් ඉන්නවා කියලා ඔයාට අමතක උනාද...අනිත් අය කියන දේවල් බොරු නේද..ඔයාට වෙන කෙනෙක් නෑනේ..මට කියන්න...මන් හැමදාම මෙතන්ට එන්නේ ඔයා අදවත් එයි කියලා හිතන ගමන්..ඒත් ඔයා මේ වෙනකම් ආවේ නැ...⁣මන් අඩන්නේ නෑ ඔප්පා...ඔයා සතුටින් ඉන්නවා නේද...මට දුන්න පොරොන්දුව ඉශ්ට කරනවා නේද...තවත් නම් මට බෑ ⁣ඔප්පා...මගේ ඇස් වලින් කඳුලු වැටෙනවා මට ඒවා පාලනය කරගන්න බෑ...😭 ඉක්මනට එන්නකෝ මට හරි පාලුයි..."

silent lover ( Completed )Where stories live. Discover now