CHAPTER - 1

1.4K 167 18
                                    

2019
Seoul
KOREA

" යොබොසයෝ ජින් හ්‍යුන්.."

" අද රෑ...ඇත්තටමද...පිස්සුද..මම අනිවාරෙන් එනවා...දේ..දේ...හරි හ්‍යුන්"

ප්‍රැක්ටිස් රූම් එකේ පන නෑ වගේ බිම දිගාවෙලා හිටපු ජංකුක් අකුනක් වැදුනා වගේ නැගිට්ටේ ජින්ගේ කෝල් එක නිසා....ජංකුක්ගේ වටින හැමදේකටම වඩා උඩින්ම ඉන්න ජින් හ්‍යුන්ගෙන් සති දෙකක් තිස්සෙ කෝල් එකක් මැසේජ් එකක් නැතුව බාගෙට පන නෑ වගේ හිටපු ජංකුක්ට මේ කෝල් එක ඇත්තටම හුගක් වටින කෝල් එකක් උනා..

ජංකුක් සතියෙම අප්සට් ගහලා හිටියේ ජින්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බවෙලා නිසා එයාගේ මල්ලිව අමතක වෙලා කියලා...ඒත් ජින්ට , ජංකුක් එක්ක පොඩි පාටියක් දාන්න ඕනි කිව්ව නිසාම ජංකුක් එයාගේ බෑග් එකත් අරන් ප්‍රැක්ටිස් රූම් එකෙන් එලියට දිව්වේ එයාගේ මැනේජරුත් හති දදා එයාගේ පස්සෙන් දුවන් එක එක ගනන් ගන්නේ නැතුව...

" ජංකුක්ශි ..හිමින් යමු...දුවන්න එපා.."

මැනේජර් කොච්චර කෑගැහැව්වත් ජංකුක් දුවන එක නතර කලේ කාර් පාර්ක් එක ලගට ආවම...

" සේජින් හ්‍යුන්...යමුකෝ ඉක්මනට ..ජින් හ්‍යුන්ව බලන්න යන්න ඕනි.."

" ආ...ජින්ශිගෙන් කෝල් එකක් ආව නිසාද මේ පනගහලා ඇවිත් තියෙන්නේ...යමු යමු එහෙනම් "

ජංකුක් ඉක්මනට වාහනේට නගිද්දි මැනේජර් සේජිනුත් ඉක්මනට වාහනේට නැග්ගා...
.
.
.
.
" සේජින් හ්‍යුන් ..අපිට තව ටිකක් වේගෙන් යන්න බෑද..."

" අනී...ඔන්න ඕක නිසා තමයි මාත් ආවෙ ජංකුක්ශි එක්ක..නැත්තන් තියෙන හදිස්සියට කොහේහරි ගිහින් ඇනගනීවි"

මැනේජර් සේජින් සැරෙන් වගේ කිව්වම ජංකුක් සද්ද නැතුව එලිය බලාගත්තේ ආයෙ කියෙව්වොත් මීට වඩා අහගන්න වෙන නිසා...

ජංකුක්ගේ එපාර්ට්මන්ට් එකේ ඉදලා ජින්ගේ එපාර්ට්මන්ට් එකට යන්න විනාඩි තිහක් වගේ යන්නේ...ජංකුක් ඒ විනාඩි තිහෙත් කෑ ගහනවා පරක්කුයි පරක්කුයි කියලා..

" ඔන්න ජංකුක් වාහනේ කී එක..මෝඩ වැඩ එහෙම කරන්න එපා..ඔයාගේ ඇල්කොහොල් ලිමිට් එක පන්නන්න එපා..පරිස්සමට ආයෙ ගෙදර යන්න

COME BACK TO ME HYUNG|| JINKOOK ✅Where stories live. Discover now