CHAPTER - 10

359 87 45
                                    

" ආහ් වොන්ශී...මියානේ කලින් දැක්කෙ නෑ වගේ ආවට...මම කේන්තියෙන් හිටියේ...ඒ වෙලාවෙ එතනින් ආවෙ නැත්තන් මම සමහර විට ඔයාගෙන් කේන්තිය පිටකරන්න තිබ්බා..."

කාර් එකේ දොරත් ඇරන් වොන් ආයෙ දොර වැහුවම ජින් හොද හුස්මක් පිට කරලා ශීට් එකේ පිටිපස්සට වෙලා වාඩිවුනා...

"ආයෙත් ජන්වුන්ද.."

"ම්ම්"

" මේ මිනිහා මේක තාම අතෑරලා නෑනේ.."

" මට තේරෙන්නෙ නෑ වොන්...ඒ යකා ඇයි මෙහෙම කරන්නෙ කියලා...ඕන වෙලාවක මට ප්‍රශ්නයක් ඇති කරන්නමයි බලන්නේ..ඒජන්සිය නිසා දැන් මගේ ඔලුවට ලොකු බරක් දැනෙනවා..."

" මට හිතෙන්නේ එදාඅර ගෑනුලමයගෙ ප්‍රශ්නෙදි ජින්ශි මැදිහත් වුන එකේ පලිය ඔය මනුස්සයා ගන්නේ..."

"වොන් ..ඔයයි මමයි දෙන්නම දන්නවා අර ජන්වුන් ඒ කෙල්ල ට්‍රේනර් කෙනෙක් විදියට ස්තීරවම සිලෙක්ට් වෙල ප්‍රැක්ටිස් වලටත් ආවට පස්සේ අර යකා කෙල්ලව අයින් කරනවා කියලා තර්ජනය කරලා හොටෙල් රූම් අස්සෙ ගෙන්න ගන්න හැදුවා කියලා...මොන ලැජ්ජාවක්ද....ඒකත් ඒජන්සියෙ අපි වගේ අය වෙනුවෙන් ඉන්න මැනේජර් කෙනෙක්...මම ඒ ප්‍රශ්නෙට මැදිහත් උන එකෙන් ඒ ගෑනු ලමයටත් හොදක් උනා...ස්ටාෆ් එකේ අයත් මගේ පැත්තට හිටියේ එයාලට මාව විශ්වාස නිසානේ...අනික මම ඒ ප්‍රශ්නෙට මැදිහත් වුනෙත් ඒ මනුස්සයා මාත් එක්ක වැඩ කරන කෙනෙක් නිසා.."

ජින් කලකිරිච්ච මූන අත් දෙකෙන්ම වහන් ඇස් දෙක පියාගත්තේ හැම පැත්තෙන්ම තියෙන පීඩනේ එයාට දරාගන්න අමාරුයි කියලා තේරෙද්දි....ඒත් ඒ ගැන කාටවත් කියන්න ජින්ට පුලුවන්කමක් තිබ්බෙ නෑ...

ට්‍රේනර්ස්ලා කාලේ ඉදන්ම මේ තත්වෙට එනකම්ම තමන් ලගට ආදරෙන් ආවෙ ප්‍රශ්න , අපහාස වගේ දේවල් කියලා මතක් වෙද්දි මේ පාරත් හැම දේම අමතක කරලා පුරුදු විදියට සැහැල්ලුවෙන් හිනාවෙන්න ජින්ට සිද්ද උනා...

" ඒක අමතක කරමු වොන්... කොහොමද මේ දවස් වල ටීම් එකේ වැඩ..."

" සාමාන්‍ය විදියට යනවා ... අර නිවුන් කොල්ලො දෙන්නා මාව පිස්සු වට්ටනවා..."

COME BACK TO ME HYUNG|| JINKOOK ✅Where stories live. Discover now