❥.10

477 146 46
                                    

" හොබී .... කො හොබී..... කොහෙද ඉන්නේ..."

" මොකද මේ හ්‍යුන්ග්.. ඇයි කෑ ගහන්නේ. . මොකක් හරි ප්‍රශ්නයක්ද "

" අහකට වෙනවා නම්ජූන්... කොහෙද හොබී "

" හොබී මෙහෙ ආවේ නෑ.. මම හිතුවේ ඔයාලා එක්ක කියලා"

යුන්ගී ආපු ගමන් හැමතැනම හෙව්වේ හොබීව.... ඒත් හොබී ඒ වෙද්දි ගෙදර ඇවිල්ලා තිබුනේ නෑ ... හොබී ට කෝල් කලත් හොබී ෆෝන් ආන්සර් කලේ නෑ.....

Jin : එහෙම වෙන්නෙ කොහොමද? එයා ඇවිල්ලා දැන් ගොඩක් වෙලානේ...

Nj : එයා මෙහෙ ආවේ නෑ ජිනී... ඉන්නකෝ මම...... වට්..... මේ මොකක්ද.......

Jin : ඇයි මොකද උනේ...

නම්ජූන් ෆෝන් එක අතට ගත්තේ හොබී ගේ ගාර්ඩ්ස්ලට කෝල් කරන්න හිතාගෙන... ඒත් නම්ජූන් දැක්කේ හීනෙකින් වත් බලාපොරොත්තු උන දෙයක් නෙමේ... නම්ජූන් ඇස් දෙකත් ලොකු කරගෙන ඔලුවෙ අතගහගෙන සෝෆා එකෙන් වාඩි උනා....

Yoongi : මොකද උනේ...මගෙ හොබී ට මොකද උනේ...

Jin : නම්ජූන් බය නොකර කියනවා...

ජින් නම්ජූන් ගේ අතින් ෆෝන් එක උදුරලා ගත්තේ හොබී ට කරදරයක් කියලා හිතුනු නිසා... ඒත්,

Jin : මේ මොකක්ද.... යුන්ගි නේද ඉන්නේ...

Yoongi : අහ්?

Jimin : එතකොට මේ හොබී හ්‍යුන්ග් නේද

යුන්ගිගේ ඇස් ලොකු උනේ කට්ටිය බලාගෙන ඉද්දිමයි.... ජින්, නම්ජූන් ට වෙලා තියෙන දේ තේරුම් ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ.... යුන්ගි අමාරුවෙන් වචන පටල ගත්තා...

" මේ....ඒ......ඒක.......ඒක...... මේ......."

Yoongi's pov:

මට දැනුනේ මගෙ මුලු ලෝකෙම එක පාරටම නතර උනා වගේ..... මේ දේවල් මම හීනෙකින් වත් හිතපු දේවල් නෙමේ.... මට ඕන උනේ මෙච්චර දවසකට හම්බුනේ නැති මගේ සතුට.... මගේම කර ගන්න විතරයි... එතන තිබ්බේ මගෙයි .... මගෙ මැනිකගෙයි ෆොටෝ එකක්.... ඊයේ පාර්ක් එකේ අපි අතර උනදේ හරි ලස්සනට ෆොටෝ එකක් වෙලා තිබුනා... ඒකට ම හරියන්න අද මන් වෙනුවෙන් හොබී කරපු හැම දෙයක්ම සෝප් රියල් මෝමන්ට්ස් කියලා ලොකු කරලා පැත්තකින් දාලා තිබුනා.... ඒකේ තීම් එක වෙලා තිබ්බේ.... අපි ඇත්තටම කපල් එකක් වගේ කියලා මගෙ අතින් අත්වැරැදීමෙන් කිය වුනු වචන පේලිය.... මම ඒක හදවත ඇතුලෙන්ම කීවත්.... ඒ වෙලාවේ ඒක නොකියා ඉන්නයි තිබුනේ...... ඒ වෙද්දීත් ඒක සෑහෙන්න ශෙයාර් වෙලා තිබුනා....මගෙ මැනික මේවා දකින්න ඇති.... මම හොදටම දන්නවා මගෙ පන මටත් වඩා මේවා ගැන හිතනවා... එයා එයාටත් වඩා හිතන්නේ මන් ගැන....
මගෙ පැටියව මගේ කර ගන්න කලින්ම මට එයාව නැති වෙන්නද යන්නේ.... මම ඔලුවෙ අතත් තියාගෙන එතනම වාඩි උනා...

❤︎ 𝑅𝑎𝑖𝑛𝑦 𝐷𝑎𝑦𝑠 ❤︎ [ Sope ] || completed Where stories live. Discover now