|. 14 .|

460 115 14
                                    

"ඔයා මොකද මෙහේ?" කාර් එක ළගට වෙලා ඉන්න ගල් ගෙඩියා ගෙන් මම ඇහුවා.

"මම ආවේ අද දවල් උන දේට පළිගන්න" වට්. අද දවල් උන දේ. අයියෝ දෙයියනේ.. මම ඉවරයි. ඔව් මට මතක් උනා අද දවල් මගේ කැබින් එකේ උන් වින්නැහිය.

Flashback~

"අර මින් කෝපරේෂන් එකේ ෆයිල් එක මිස් අයියූට ගේන්න කියනවාද?" මම දැන් හැමදෙයක් ගැනම දන්නවා. මම ඉගෙනගත්ත නිසා. මම ෆයිල් එක ගේන්න කියද්දී අයියූ ආවා කැබින් එකට. හැබැයි වෙනදා වගේම කොටට කොටේ ලේන්සුවක් බැදගෙන තඩි මේකප් හැළියක් අනාගෙන. ඒකට රෝස් කොච්චර හොඳද මං අහන්නේ 😒

"සර් මට කතා කළාද? " අයියූ මං ළගට එනගමන් ඇහුවේ හරියට මිනිහෙක් ගෑනියෙක්ට හනිමූන් යන්න එන්න කිව්ව වගේ. අහපු කැත විතරක්.

"ආහ්.. අර ෆයිල් එක?" මට කතා කරන්නත් බෑ වගේ මූණටම ළං වෙලා ඉන්නවා.

"ෆයිල් එක මොකටද සර් මම ඉද්දී!!" මොකක්ද යකෝ ඒ කිව්ව කතාවේ තේරුම 🙂 ෆයිල් නැතුව මේකිව කම්පනි එකකට බාර දීලා පොල් බෑයක් ගාගන්නවත් බෑ. මම ඉන්නෙ ලු🤧

"මේ.. "ඒත් ... කියන්න ගිය වචනය කියන්න බැරි උනේ අය්යූ මට ගොඩක් ළං වෙලා හිටිය නිසා..

"සර්.. ඔයා දන්නවද මම ඔයාට පොලෙන්න ආදරෙයි." පැලෙන්න හරි පුපුරන්න හරි ඕක ඔහොම කියන්න ඕනෙද මං අහන්නේ 🙁

"මේ..."

"ශ්ශ්ශ්... අද සර්.. මම ඔයාට මං ගැන කියලා දෙන්නම්" අයියූ හදන්නේ මාව කිස් කරන්න. ඒත් එහෙම කරන්න බෑ.. මම කොහොමද මෙයාව කිස් කරන්නේ... මට මතක් උනේ ගල් ගෙඩියාව. ඒත් ඇයි??

මාව ගල් ගෙඩියාත් බලෙන් නේද කිස් කළේ? ඒත් මට මෙතනදී හරියට දැනෙන්නේ මම වැරැද්දක් කරනවා වගේ

ගල් ගෙඩියා මගේ පලවෙනි කිස් එකත් උදුර ගත්ත..දැන් මාව 127වෙනි වතාවටත් කිස් කරලා තියෙනවා. ඒත් මේක...?

මට බෑ.. ඒත් අය්යූ ලස්සනයි. අනික කෙල්ලෙක්. මේක වැරැද්දක් නෙවෙයි ඒත්...

අයියූ මට කිස් කරන්න හදනකොට එකපාර දොර ඇරගෙන කවුදෝ කෙනෙක් ඇතුළට ආවා..

__________________

"බලන්නකෝ මේ බාටා පුතා හියුන්ගේ කම්පනි එකට ගියා විතරයි අපිව අමතකයි. එව්වා කොහෙද ඉන්නවකෝ කරන්න හොද වැඩක්."

ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓Where stories live. Discover now