සිහිනයක් ද?

91 20 10
                                    

තව දුරටත් එහි තම පරණ අබලන් වූ නිවස නොතිබිණි .තමා මෙහි ආ තැන ටිම් සෙවූ නමුත් එවැන්නක් එහි නොවීය.

එහි තිබුණේ විශාල වාහල්කඩකි,නැත්නම් ආරුක්කුවකි. එහි මෙසේ සදහන් ව තිබුණි.

THE CAMP FOR WITCHCRAFTS

(මායාකර්ම සදහා වූ කවුර)

"මොකක්!" ටිම් කුතුහලයෙන් යුතුව තමාටම කියා ගත්තේ ය.

ටිම් ආපසු හැරීමට සිතුවත් ඔහුගේ කුතුහලය එම සිතුවිල්ල පරයා යන්නට විය.අනෙක් අතට ටිම් කොහේ කියා යන්න ද? එහි ගොස් විපරම් කිරීමට ඔහු සිතුවේය. අවට පැවතියේ ඝන වනාන්තරයයි. කිසිදු සද්දයක් බද්දයක් නැත. ඔහු හෙමින් හෙමින් අඩි තබා ආරුක්කුව දෙසට යන්නට විය. ඔහු එහි ඇතුල් විය. පිටත තිබුණු නිහඬතාවය කොහේ ගියාදැයි සිතාගත නොහැකි විය. ඒ වෙනුවට එහි තිබුණේ මහා ඝෝෂාවකි.

(ඒ චිත්‍රෙ කැත විතරක්😂😂😂💔🤧)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඒ චිත්‍රෙ කැත විතරක්😂😂😂💔🤧)

ඔහු ඇතුල්වන විටම අනතුරු හැගවීමේ සීනුවක් නාද වීමට විය. ඔහු කලබලයට පත් විය. ආපසු ආරුක්කුව තුළින් යාමට උත්සාහ කලත් ආපසු යාමට නාහැකි විය.

"තමන් කවුද?" යි මහා ගාම්භීර හඩක් උස්හඩින් ඇසුවේය.

ආපසු හැරී බැලූ විට ටිම් දුටුවේ මදක් වයසැති උස් සිරුරක් ඇති විකාරරූපී උල් තොප්පියක් දමාගත් අයෙකි.

ඔහුගේ හැසිරීම් විලාසය දුටු ටිම් වෙව්ලන්නටත් ගොතගසන්නටත් විය."අර්...ම..මම මේ..අහම්බයකින් අ...ආවේ.."යි අරඹමින් ඔහු මුළු කතාවම කීවේය.

මුළු කතාවම අසා සිටි උත්තුංග දේහදාරී පුද්ගලයා,

"මට ඔබේ අර ග්‍රැමෆෝන තැටිය දෙන්න පුළුවන්ද?"යි ඇසුවේ ය.

Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿWhere stories live. Discover now