අලුත් මිතුරෙක්

63 10 8
                                    

සියලු කදවුරුකරුවෝ ඔහු වටා රැස්වූහ.ටිම් පිළිගැනීමට සියල්ලෝ ම අත් දිගු කළත් මුලින්ම පිළිගන්නේ කාවදැයි ඔහුට සිතාගත නොහැකි විය.සෙනග මඳින් මද අඩුවන්නට විය.එවිට ඔහු වෙත තරමක් වැඩිමහලු ශිෂ්‍යයෙක් පැමිණයේය.ඔහු යම් ලාංඡනයක් ඇදුමේ ඉහළ වම් පස පැළද සිටියේය.

"කොහොමද ඉතින්?මම හෙන්රි වෝල්ට්ස්,මේ නිවාසය භාර ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ඔයා කවුරු කියලද කිව්වේ?"

"ආහ්! මම ටිම් ග්‍රෙගරි.අදුනාගැනීමට ලැබීම සතුටක්."ටිම් කීවේය.

"මේ තියෙන්නේ ඔයාගේ ඇදුම් කබඩ් එකේ යතුර. එතකොට ඔයාගේ නිදන කාමරය උඩම තට්ටු‍වේ තියෙනවා.ඔයාගේ බඩු ගෙදරින් මෙහෙට ගෙනත් ඔයාගේ ඇද ළග ඇති."ඔහු වේගයෙන් කියාගෙන ගියේය.

"අහ්! ටිම්,ඔයාගේ නිදන කාමරය තියෙන තැන මගේ මල්ලී පෙන්වයි. හේයි! ඇල්ෆ්‍රඩ්, මේ ඔයාගේ වසරේ අලුත් ළමයා.එයාට එයාගේ නිදන කාමරය පෙන්වන්න.ඔයාලාගේ කාමරයේම තමයි එයා ඉන්නේ"

විනෝදකාමී බවක් පෙන්නුම් කළ කොලුවෙක් හිද සිටි තැනින් සිනාමුසු මුහුණින් නැගිට විත් "එන්න මම පෙන්වන්නම්" යි කීවේය.

ඔහුත් සමග යන ටිම්ට ඇල්ෆ්‍රඩුත් හෙන්රි මෙන් ම ඇතැම්ව්ට ඊටත් වඩා නොනවත්වා කතා පවත්වන්නෙක් යැයි හැගුණි.

"ඉතින් ටිම්, ඔයා රෙඩ් හෙඩ් ටවර් එකට සාදරයෙන් පිළිගන්නවා.ඔයා දන්නවාද, මම මෙහෙට ආවේ සතියකට කලින්,මට අයියා කෙනෙකුයි, අක්කලා තුන්දෙනෙකුයි, නංගි කෙනෙකුයි ඉන්නවා.නංගි තාම මෙහෙට ආවේ නැහැ.ඒත් අපේ පවුලේ අනිත් හැමෝමත් රෙඩ් හෙඩ්ස්ලායි.මගේ අයියාව ඔයා දැනටමත් දන්නවානේ 'හෙන්රි'.මට නිවුන් අක්කලා දෙන්නෙක් ඉන්නවා.ඒ දෙන්නා ඇන්ඩ්‍රියා යි එරිකා යි.පොඩි අක්කා ජෙනට්, එතකොට නංගි චාලට්.එයාලා වෙලාවකට හරිම වදයක්. එයාලාගේ විකාර සෙල්ලම් වලටත් ඇදලා ගන්නේ මාවමයි.ඒත් එයාලා මගේ පවුලේ අයනේ. ඒ හින්දා මං වැඩිය ගනන් ගන්නේ නෑ. ඒක නෙවෙයි ඔයා දන්නවද මම මෙහෙ එන්න හීන දැක්කේ සෑහෙන කාලයක ඉදලයි. හෙන්රිලා කියන දේවල් අහන්න ඉන්න බැරි තරම් ආසයි. ඔයත් ඉදලම බලන්නකෝ. ආ! මෙන්න අපි ආවා !!!"

Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿWhere stories live. Discover now