බෝඩිංකාරයෝ 4

825 167 83
                                    

පුංචි Surprise එකක් !!!



අද අලුත් කතාවත් publish කරපු එකේ මේ පැත්තෙත් ඇවිත් යන්න හිතුවා :)

කතාව මතකත් නැතුව ඇතිනේ ? මටත්... මං ලියපුවා මටම මුල ඉදන් කියවන්න වුණා මේක ලියන්න කලින්.

අනේ මොනවද අප්පා මම ඒ ලියල තියෙන්නේ... මෙලෝ රහක් නෑනේ... :(






හරි අපි යමු එහෙනම් කතාවට.





අහ් තව දෙයක් !

ඔයාලට මතකද දන්නෙ නෑ මම කතාව මුලදිම කිව්වා මේ කට්ටිය නමින් හා පෙනුමෙන් BTSලට සමාන අය විතරයි කියලා. ඒ නිසා මේක අපේ idolsලගේ real life එකට අදාල කරගන්න එපා. දන්නවනේ මං කියන්නේ මොකක් ගැනද කියලා... ඔයාල නම් එහෙම නැති බව දන්නවා... කෝකටත් කියලා ආයෙත් මතක් කරන්න හිතුවා.






***







බෝඩිංකාරයො ටික වයස පිළිවෙළට ගත්තම පෝළිමේ ඊළඟට ඉන්නෙ හොබී. හොබී කියන්නේ මාරම චියර්ෆුල් භාණ්ඩයක්. එයා ගැන රස කතා ගොඩයි, හිකි හිකි.





මෙයා ඉපදුණු ගමන් එයාගේ අම්මා කේන්දරේ බලවලා. ඒකෙ කියලා තියනවලු හොබී මුළු ලෝකෙටම දවසක සූර්යාලෝකයක් වෙනවා කියලා. අනේ ඉතින් ඕක අහපු වෙලේ ඉඳන් අම්මා ගෙදර පුරාම පැළ හිටවන්න අරන්. සාන්ත ! අම්මා තේරුම් ගත්ත හැටි තමයි. අම්මා හිතලා තියෙන්නේ මේ හොබිගෙන් ඉර එළිය ලැබෙනවා කියලා... ඉතින් ඒකයි එයා ගේ පුරාම පැළ හිටවලා තියෙන්නේ, මොකද පැළවලට ප්‍රභාසංස්ලේෂණය කරන්න ඉර එලිය හොඳට ලැබනකොට පැළ හොඳට හැදෙනවනේ..... අනේ මන්දා ඉතින්.


හැබැයි පුදුමෙ කියන්නේ .... අම්මාගෙ පැළ වගාව ටක්කෙටම හරි ගියා කියන්නකෝ. එදා පටන් අම්මා ගෘහණියක් ලෙස ස්වයං රැකියාවක් විදියට පැළ වගාව ආරම්භ කරලා.



ඉතින් පුතණ්ඩියා සෝල්වල බෝඩිමකට යන්න තීරණය කළාම අම්මාගේ හදවත හෝස් ගාලා ගියා. ඒ පුතා නැතුව දැනෙන පාළුවටත් වඩා , පැළ ටිකට වෙන වින්නැහිය ගැන බයවෙලා.

අන්තිමට කොහොමෙන් කොහොම හරි හොබී බෝඩිමට එන දවසෙ අම්මා අඬලා අඬලා , පැළ වලින් ටිකක් හොබියගෙ ඇඟේ ගහලා එව්වෙ හොබී යන යන තැන ඉර එළිය ලැබෙනවා කියලා අම්මා විශ්වාස කරපු නිසා.




බෝඩිම [✓]Where stories live. Discover now