බෝඩිංකාරයෝ 5

721 156 81
                                    


හායි මම ආවා...


අද නෝ කතා නෝ සිනා.කෙලින්ම කතාවට.



***




හරී... අපි කවුරු ගැනද කතා කරකර හිටියෙ ?


ආ හොබී ගැනනෙ.


එයාගෙ කැරැට්ටුවෙ ඉතුරු ටිකත් කියලා යන්නයි මේ දුවගෙන ආවෙ.


හොබීගෙ හිරුරැස් විහිදෙන එක ඇරුනම තව එක එක හැකියාවන් ගොඩක් තියෙනවා.එකක් තමයි නැට්ට කැඩිච්ච හූනෙක් වගේ යස අපූරුවට නටන්න පුලුවන් හොබියට. එයා නටනකොට බලන් ඉන්න ලස්සනයි. එයා බ්‍රේක් ඩානස් දානකොට ඒක බලන් ඉන්න අය තම තමන්ගේ අතපය හොඳට අල්ලගෙන ඉන්නෙ ඒවත් ගැලවිලා යයි කියලා සැකේට. ඒ තරමට බ්‍රේක් ඩාන්ස් වලට හොබියා හපනා.


තව ... ආ... මෙයාගෙ විහිලු කිරීමෙ හැකියාව උත්කෘෂ්ටයි !අඩුම ගානෙ එයාගෙ හිනාව වුනත් අනිත් අයගෙ හිත සතුටු කරවනවා.කොල්ලට පොඩි කාලෙ ඉඳන්ම නෑදෑයෝ එහෙම කොච්චරවත් කිව්වා සිග්නල් ඇඩ් එකට යන්නෙයි කියලා. කොහෙද ගෙදරින් යැව්වෙ නෑනේ... අපරාදෙ එහෙනම් කොල්ල දැන් නලුවෙක් ! ඒතරම් වශීකරවන සුලුයි ඒ හිනාව.

 අපරාදෙ එහෙනම් කොල්ල දැන් නලුවෙක් ! ඒතරම් වශීකරවන සුලුයි ඒ හිනාව

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

හොබීගේ ආසම කෑම තමයි කහඹිලියා කොළ සම්බෝලෙ. ඕක නැතුවම බෑ හොබීට. එයාගෙ සම්බෝලෙ නැතිවුණොත් එදාට එයා කෑම වර්ජනය කරනවා. ඒ නිසා අපේ ජිනේ හැමදාම මෙයාට කහඹිලියා සම්බෝල හදලා දෙනවා.


ජුනා දවසක් ජිනේට රහසින් කිව්වා ඕක හැමදාම හදන එක කරදර හින්දා , මාසෙටම හරියන්න සම්බෝලෙ හදලා ෆ්‍රිජ් එකේ තිබ්බා නම් හරිනෙ කියලා. ඒත් ජිනේ ඒකට කැමති වුණේ නෑ. එයා විශ්වාස කරනවා හැකි හැම වෙලාවෙම නැවුම් අමුද්‍රව්‍ය යොදා සකස් කළ නැවුම් ආහාර ආහාර රුචිය වඩවන්න වගේම හිතකර සෞඛ්‍යයටත් හේතු වෙනවලු. ( චංගුමී ගෙන් ලු ඉගෙනගත්තෙ )

( ඒක අහලා ජුනාගේ හිත චූට්ටක් රිදුණලු.මොකද ජිනේට එයා කියන දේට වඩා කොහෙවත් ඉන්න චංගුමී  කෙනෙක් කියන එක ලොකු වුණ හින්දා.එයාට ජිනේ හැමදාම වෙන මහන්සිය දැකලා දුක හිතුණ නිසයි එහෙම කියලා තියෙන්නෙ. )



මං හිතන්නෙ හොබීගෙ අනර්ඝ බ්‍රේක් ඩාන්ස් හැකියාවට එක හේතුවක් තමයි ඔය කහඹිලියා සම්බෝලෙ.


මේ යාලුවො සෙට් එකට පිට කාගෙන් හරි මොකක් හරි උදව්වක් ඉල්ලගන්න ඕන වුනාම යුධ පෙරමුණට යවන්නෙ හොබියා. මොකද එයාගෙ දුටුවන් සිත මන් මත් කරවන දැකුම්කලු හිනාව දැක්කම ගොඩක් අය එයාලට උදව් කරන්න පෙලඹෙන හින්දා. ඒත් ඉතින් හොස්ස ළඟින් මැස්සා යන්න බැරි හාදයොත් එක්ක දත් තිස් දෙක දාලා හිනාවෙන්න ගිහින් අසරණ හොබී ගුටි අනුභව කරන අවස්ථාත් නැතුවාම නෙවෙයි :)

ඒ වගේ වෙලාවට සෙට් එකම එකතු වෙලා හොබීවත් උස්සගෙනම තමයි මීටර් 100 දුවන්නේ ... එහෙම තමයිනේ නියම යාළුවෝ ?


යාළුවාව ඇමට තියලා, ගුටි කනකොට බේරගන්නවා :)

බේරගන්න එකත් ලොකු දෙයක්නෙ ඉතින් .


ඉතින් ඔන්න ඔය තමයි අපේ හොබී.


ඊළඟ එක්කෙනා ගමේ ගිහින් නෙ. එයා ආවම මේ පැත්තෙ එක්කන් එන්නම්කො එයා ගැනත් කියන්න.


එහෙනම් ඉතින්.... බායි බායි :)

ආයිමත් කතාව දෙන්න වෙන්නෙ එයා ගමේ ඉඳන් ආවම තමයි ඉතින්.

බෝඩිම [✓]Donde viven las historias. Descúbrelo ahora