දේදුණු පාලම 2

1.6K 282 25
                                    

දේදුණු පාලම -2

මම අහම්බෙන් මේ සිද්දියට මූන දුන්න හැටි, ඊටපස්සෙ ඒ මනුස්සයව හොස්පිට්ල් එක්කන් ආව හැටි හැම දේම කට උත්තරේ සටහන් උනා .....
පොලිසියෙ කීප දෙනෙක් විසින් ඒ මනුස්සයගෙ ගෙදර පරික්ශා කරලා තිබුනා...සිය දිවි නසාගන්න හේතුවක් වත් කිසිම දෙයක් හොයාගන්න තිබිලා නෑ...ෆෝන් එකේවත් ආපු ගියපු කෙනෙක්ගෙවත් කිසිම සැකයක් තියෙන දෙයක් නිරීක්ෂණය කරලා තිබුනෙ නෑ...අඩුම ගානෙ ඒ මනුස්සයා ලියුමක් වත් ලියලා තිබුනෙ නෑ...එවලෙ බීමතින් ඉදලා තියෙන්නෙ...ඒ වගේම එයාම තමයි කඩේකින් ඒ කෙමිකල් එක සල්ලි වලට අරන් තියෙන්නෙ...ඒ නිසා මේක සිහි මද වෙලාවක තමා විසින්ම තමන්ගෙ ජීවිතේ නැති කරගන්න ගත්ත උත්සහයක් කියලා කරුනු ගොනු කරලා ඉවරයි..
එතන තිබිලා හොයාගෙන තිබුනෙ මගෙ සහතික ෆයිල් එක විතරයි....
ඉතින් කාලයත් එක්ක මේ දේවල් මෙහෙම වෙනකොට අර අයියට පහුවදා පියවි සිහියට පත් වෙන්න්  පුලුවන් උනා .....රස්සාවල් හොයන එක පැත්තකින් තියලා මම ඉතින් ඒ දවස් දෙකේ හොස්පිට්ල් ආව ගිය එක තමා කලේ   ....
මොන දේ උනත් මට මහ අමුතු සතුටක් හිතේ තියනවා...මම කෙනෙක්ගෙ ජීවිතයක් බේරුවා..ඒ ගැන පුදුම ධනාත්මක හිතුවිලි වලින් මම හිටියෙ....
තාම මට ඒ අයියා එක්ක කතා කරන්න අවස්තාවක් ලැබුනෙ නෑ...
ඇත්තටම මට හිතෙන්නෙ මට තවම සීයට සීයක් සතුටු වෙන්න බෑ...මට ඕන උනේ ඒ කෙනා ඒ තත්වෙට පත් උනේ ඇයි කියලා හොයලා බලන්න...ඒ දේටහේතු උන දේවල් මොනවද දැනගන්න...මට පුලුවන් විදිහකින් එයා කලේ වරදක් කියලා එයාට තේරුම් කරන්න....
ඩොක්ටර්ස්ලා , නර්ස්ලා නම් හැමෝම කලේ ඒ මනුසායට බනින එක...ඒකෙන් ඒ මනුස්සයා තවත් අපහසුතාවයට පත් වෙන්න ඇති...කමක් නෑ...මට පුලුවන් විදිහකින් මම එයාට උදව් කරනවා....
මම අයියගෙ ඇද ලගට ගියා....මට එයා එක්ක කතා කරන්න්  ඕනේ...ඒත් කෝමද මුල පුරන්නෙ...මොකද එක පාරටම කියන්නද මම තමා ඔයාව බේරගත්තෙ කියලා . ...
" දැන් කොහොමද"
මම ඇද ගාවට ඇවිත් කතා කලාට ඒ අයියා කලේ ජනේලෙකින් එහා පැත්ත බලන් හිටපු එක විතරයි...එයාට මම ආව විත්තිය නොදැනුනා නෙමෙයි...එක්කො එයා මට කතා කරන්න කැමති නෑ....නැත්නම් වෙන කල්පනාවක...මම නිකන් එතාට ගිහින් චාටර් වෙනවද මන්දා....
වෙලාවට එතනට බේත් වගයක් අරන් යන්න නාර්ස් කෙනෙක් ආවේ...
" ජීවිතේට නම් මොකුත් නොවුනට් මට පේන්නෙ ඒ සිද්දියෙන් පස්සෙ මෙයාට කතා කරන්න නම් බැරි වෙලාද කොහෙද..පොලිසිය අහපු දේවල් වලට විතරයි උත්තර දුන්නෙ..."
-" ම්ම්...එහෙමද මිස්...කමක් නෑ හෙමීට කතා කරයිනෙ..."
-" මල්ලි මේ දවස් දෙකේම රස්තියාදු වෙනවා...ඔයා මෙයාව අදුරන් නෑ කිව්වෙ බොරුවටද..."
-" අනේ නෑ මිස්...මේ අයියා මගෙ කවුරුත් නෙමෙයි...මට ඕන උනේ මේ අයියා ආපහු ජීවත් වෙනවා දකින්න.. "
-" ම්ම්...මෙයාට මේ බේත් ටික් දෙන්න ඕනේ....
කෝ නැගිටලා මේ බේත් ටික බොන්න...වහ බොන්න්  පුලුවන් නම් මේව බොන්න බැරි කමක් නෑ නෙ"
අයියා බේත් ටික අරන් ඇදෙන් නැගිටලා ඇද විට්ටමට හාන්සි උනා...
මම වතුර එකක් අරන් දෙන්න හදපුහාම මහ් ලොකුකමකින් මගෙ අත එහාට කරලා එයාම වතුර එක අරන් බේත් ටික බිව්වා ....
මම එක්ක කතා නොකර මට බලෙන් කිසිම දෙයක් අහන්න බෑ නෙ....මම ඉතින් ආපහු හැරිලා එන්න ආවා....

දේදුණු පාලමWhere stories live. Discover now