දේදුණු පාලම 11

1.1K 217 13
                                    

දේදුණු පාලම 11

මේ විදිහට මගෙ ජීව්තේ ලස්සනම දවස් ගෙවිලා ගියා..ලෝකෙට නොකිව්වට ලෝකෙට නොපෙන්නුවට ලෝකෙන්ම ඈත් වෙලා අපි දෙන්නගෙ ලෝකෙ අපි දෙන්නා සතුටින් හිටියා.....ඒ එක්කම අපේ ජීවිත වළට තුන් වෙනියෙක් එන්න පටන් ගෙන තිබ්බා...තුන් වෙනියෙක්ද හතරවෙනියෙක් ද දන් නෑ....මම වැඩකරපු තැන හිටපු කෙනෙක් මට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න පටන් ගත්තා...බැලූ බැල්මෙන්ම තේරුම් ගන්න පුලුවන් උනා එයා හොයන්නෙ සෙක්ස් බව...මේ හැමදේම නිමන්ත අයියා එක්ක මට කියන්න ඕන උනා...මේ විදිහට ඉතින් ජීවිතේ ගෙවිල ගියා...මාස තුනක් යනකොට අයියගෙ කෝස් එක ඉවර වෙලා තිබුනා...මගෙ ප්‍රොබේශන් පීරියඩ් එක ඉවර වෙලා මම පර්මනෙන්ට් වෙලා තිබුනා......මටවත් නොකියා නිමන්ත අයියා පුදුම තීරනයක් අරගෙන තිබුනා....දවසක් මම මගෙ මේසෙ වැඩ කරගෙන ඉන්න අතරේ මම නොහිතපු විදිහට නිමන්ත අයියා මගෙ ඇස් ඉස්සරහට ඇවිත් තිබුනා...
-"සර්...මෙන්න තේ එක"
එවලෙයි මම නිමන්ත අයියව ඒ විදිහට දැක්කෙ... කරාබු ගලවලා තිබ්බා...කොන්ඩෙ කොටට කපලා තිබ්බා...රස්තියාදු පාට නැතුව සාම්න්‍ය කොල්ලෙක් වගේ...ඒත් මේ උන දෙට මම ගිඩක් තර්හින් හිටියෙ..
-"නිමන්ත අයියෙ...මේ මොන විකාරයක්ද"
-"ඇයි.මෙහෙම හොද නැද්ද...දැන් ඉතින් උදේ වරුවෙත් මට ට්තමුසෙ පේන මානෙ ඉන්න පුලුවන් "
-"තමුසෙට් පිස්සුද අයියෙ... අර කෝස් එක කලේ මේ වගේ එක එකාට තේ හදන්නද...ඊයා..මම කැමති නෑ ඔයා එක එකාට මෙහෙම බාල්දු වෙනවට"
-"එහෙම එකක් නෑ බන්...මේ ලෝකේ කිසිම රස්සාවක් ලොකුයි පොඩී කියලා නෑ....අනික මම හැමදාම මේ රස්සාව කරන් නෑ නෙ..."
මම මොකුත් කිව්වෙ නෑ..මට තිබ්බ තරගට මම තේ එක බිව්වෙත් නෑ....නිමන්ත අයියා අනික් අයට තෙ දීලා ඔෆිස් එකේ ලන්ච් රූම් එකට ගියා...මම් තේ එකත් අරන් එතනට ගියා...එයාට පේන්නම තේ එක සින්ක් එකට  හලලා කෝප්පෙ හෝදලා අදාල තැනින් තිබ්බා..
-"ඇයි සර්...තේ එක රහ නැද්ද...කෝප්පෙ ගෙනියන්න මම එනවනෙ...සර් හෝදන්න ඕනෙ නෑ"
-"මේ...අයියෙ...මගෙ යකා අවුස්සන්න එපා හරිද..තමුසෙ අද ගෙදර එනවකො..බලගම්මු"
නිමන්ත අයියා හිනාවෙලා මගෙ තරහා තවත් ඇවිස්සුවා විතරයි...
මම  කිසිම් කතාවක් නැතුව එතනින් ගියා...මේ මිනිහට පිස්සුද...වෙඅ රස්සාවක් නැතුවද මෙතනට ආවේ...අනික තේ හදන්න...ඒ අතරෙ මට තව දෙයක් කල්පනා උනා...
ජීවිතේ මොන දේ බෙදා ගත්තත් මම නිමන්ත අයියගෙ කිසිම විස්තරයක් දැනගෙන හිටියෙ නෑ..මෙතනට වැඩට එනකොට ඇප්ලිකේශන් එකක් පුරවලා ඇතිනෙ....ආ...ඒකෙන් මට අයිය ගැන හොයාගන්න පුලුවන් වෙයි...
මම ගියෙ HR මනේජර් ගාවට....එයා තමා දේවක සර්...මට අනවශ්‍ය විදිහට ඇල්ම් බැල්ම දානවා කිව්ව මනුස්සයා..
-"ගුඩ් මෝනින් සර්...සර් ඇයි රත්නපාල මාම අයින් වුනේ...වෙන කෙනෙක්නෙ තේ හදන්න ඉන්නෙ"
-"ඇයි..දැන් කෙනාගෙ තේ රහ නැද්ද ..ඇයි අහන්නෙ"
-"මට ඕනෙ රත්නපාල මාම අයින් උනේ ඇයි දැනගන්න...."
-"ආ....එයාව හෙඩ් ඔෆිස් එකට අරන්...මේ යකා තමා අලුතින් මේකට අරන් තියෙන්නෙ..."
-"ආ...එහෙමද...හරි සර්...මම ගිහින් එන්නම්..."
-"ඒක අහන්නද ආවේ..මම හිතුවා මාව බලන්න ආවා කියල...."
-"සර් මොනවා කියනවද මන්දා...මම ගිහින් එන්නම්...ඩොකියුමන්ට්ස් ටිකක් තියේ චෙක් කරන්න"
-"හා හා...ගිහින් එනවකො.."
-"ආ සර්...hiring employees (සේවක බදවාගැනීම්) ඩේටා බේස් එක අප්ඩේට් කරන්න තියෙයි නේද"
-"ආ...ඔව් මයි වෙලාවට මතක් කලේ...ගිය මාසෙ සති දෙකකින් ඒක ෆිල් කලේ නෑ..."
-"ෆයිල් එක දෙන්න සර්...මම අප්ඩේට් කරන්නම්..."
-"ම්ම්...ගුඩ්...අර ටේබල් එකේ ඇති...අරන් ඒවැඩේ කරපන් කොල්ලො...උඹ මේ වගේ වැඩ ටික හොයලා බලලා කරන එක මට සෑහෙන ලේසී"
-"ඉට්ස් ඕකේ සර්"
-"ඒ වගේ ඉතින් අපි ගැනත් හොයලා බලපන්.."
-"සර් ගැන් හොයන්න ඕන තරම් කට්ටිය ඇතිනෙ...අනික මට කෙල්ලෙක් ඉන්නවා....ඉතින් පිරිමි ගැන හොයන්න ඕන කමක් නෑ ..."
මම ෆයිල් එක අරගෙන මගෙ මේසෙ ගාවට ආවා....
මම නිමන්ත අයියගෙ විස්තර හොයාගන්න බැලුවා...ඒත් එයාගෙ ඇප්ලිකේශන් එකක්වත් මට්ට හොයාගන්න බැරි උනා.....මේක මහ පුදුම වැඩක්නෙ....ලේසියකින් එම්ප්ලෝයී කෙනෙක්ව බදවගන් නැති මේ කම්පැනි එකේ වැඩට ආපු කෙනෙක්ගෙ කිසිම විස්තරයක් නෑ.... කොහොමද උනත් දැන් බාරගත්ත වැඩේ ඉවර කරලා ඉන්නව....ඒ ටික අප්ඩේට් කරලා මගෙ වැඩ ටික මම කලා... 
හවස ටී ටයිම් එකේදි මට නිමන්ත අයියා එක්ක කතා කරන්න ඕන උනා..මම එයා තේ හදන තැනට ගියා..
-"තේ බොන්න පුලුවන් වෙන්න හදනවා....නැත්නම්.මෙතන වැඩ කරන එකේ තේරුමක් නෑ නෙ නිමන්ත"
-"හරි සර්...මන් හොදට හදන්නම්ම්...."
-"වාව්....හරිම ගරු සරුවට කතා කරනවනෙ....ඇත්තම කියන්න...ඇයි අයියෙ ඔයා මෙතනටම ආවේ...මීට වඩා හොද එකක්.හොයාග්ම්මු...මෙතනින් අයින් වෙන්න"
-"අනේ බන්...  ඔන්න ආයෙත් ඔය මගුල පටන් ගත්තා..ඕක නවත්තපන්කො...."
මම අයියගෙ අතක් අල්ලගත්තා..
-"මට ඔයාව තේරුම් ගන්න බෑ අයියෙ....ඇත්තම කියන්න...ඔයා මේතාක් මට නොකීව රහසක් තියෙනවද්?"
-"අයි උබ එහෙම අහන්නෙ"
-"ප්‍රශ්නෙකට තවත් ප්‍රශ්නෙකින් උත්තර දෙන්න එපා..."

දේදුණු පාලමWhere stories live. Discover now