දේදුණු පාලම 6

1.2K 247 29
                                    

දේදුණු පාලම-6

කොල්ලෙක් ඒ වගේ කුපාඩි කතාවක් කියන එක සාම්න්‍ය දෙයක්..සමහරවිට ඒක වෙන්න ඇති කොලුකම...ඒත් ඒම කිව්ව ගමන් අපි හරියට කලබල වෙනවා...ඒ අපි ඒ දේවල් අපේ හිතේ හන්ගන් ඉන්න නිසා වෙන්න් ඇති...පාරෙ ලස්ස්න කොල්ලෙක් ගියොත් එයාට අපේ හිත යනවා...ඉතින් වැරදිලාවත් තව එකෙක් එක්ක ඒවා කියන්න යන් නෑ නෙ...කටින් මොනවා කියවෙයිද කවුද දන්නෙ...ඒත් සාමාන්‍ය කොල්ලෙක්ට ඒක විහිලුවක්...
අයියා ඒ දේ කිව්වෙ මාව බයිට් එකට ගන්න මිසක් ඇත්තටම එහෙම අදහසකින් නෙමෙ වෙන්න ඇති...අපි බස් නවත්තන තැනට යනකන් කතා බහ කලේ නැති තරම්... මේ යකත් පොඩි එකෙක් තාත්තා පස්සෙන් යනවා වගේ මම එක්ක එනවා...එක වචනයක් අහන්නෙ නෑ  කොහෙද යන්නෙ කියලා...එයාට මම ගැන විස්වාසයක් ඇති...ඒකනෙ එදා කිව්වෙ මම එක්ක ඉන්නකොට එයාට කිසිම බයක් නෑ කියලා...
මමත් කාගෙ හරි වීරයෙක් වෙන්න ඇති ඒ කියන්නෙ...යන ගමන් ආපහු හැරිලා මම අයියා දිහා බැලුවා...අයියා පේන්න හිටියෙ නෑ....කොහෙටද මෙයා ගියෙ...මාව මගෑරලා යන්න තරම් නම් හේතුවක් නෑ නෙ ඉතින් ..ඒත් නොකියම කොහෙද ගියෙ...මම හතර වටේ හැරි හැරි බැලුවා... එවලෙ නම් ටිකක බයක් වගේ හිතට දැනුනා...
පෝන් එක අරගෙන අයියට කෝල් එකක් ගත්තා....ටිකක් දුරින් එහා පැත්තෙන් ඒක රින්ග් වෙනවා ඇහුනා...අර එන්නෙ ...මොනවා හරි කවරෙක දාගෙන අතින් අතට මාරු කර කරා කටින් පිඹ පිඹ එනවා...
"කොහෙද ගියෙ"
-"මේව අරන් එන්න..."
-" කියලා යන්න දන් නැද්ද ..මම මේ බය වෙලා හැම තැනම හොයනවා...කෝල් එකකුත් ගත්තා"
-" හැම තැනම හොයන්න මම හැම තැනම යන කොල්ලෙක් නෙමේ හරී...ඔච්චරටම හෙව්වානම් ඉතින් අතන කොට්ටන් ගහ යට කඩේ ගාව හිටිය මාව නොදකින්න බෑ නෙ....
මේ ඒකනෙමේ...ඒ තරන් බය උනාද මම නැති උනාම""
-"ඔව්...මේ පැත්තෙ හරියට හරක් හොරු ඉන්නවනෙ"
-"ආ...ඇත්තද...අඩෝ දැනගනින් මාත් හරක් හොරෙක් තමයි. "
-" දැන් වත් යන්ද...පරක්කු වෙනවා"
-"ආ...මේක ගනින්..මගෙ අතත් පිච්චෙනවා...."
-" වාව්ව්.....බඩ ඉරිගු මම ආසම කෑමක් යකූ......තැන්කූ..."
බඩ ඉරිගු කරල් තිබ්බ කවරෙ ගත්ත පාර අත් යන්තමට රස්නෙ නිසා පිච්චුනා ..මම එක පාරට කවරෙ අත් දෙකට මාරු කරනවා දැකලා අයියා හිනාවෙනවා..."
-" ඉදකින් ..මෙහෙම පෙරේතකමක්...හොද වැඩේ..මම අත පුච්චගෙන බඩ ඉරිගු ගේන්න ගිය එකටත් බැන්නට"
මම ලේන්සුව අරන් ඒකෙන් කවරෙ අල්ලගත්තා...
-" අඩුව තියෙද්දි අත පුච්චගන්න ඕනෙ නෑ නෙ මිස්ටර් නිමන්ත ...දැන් වත් යන්ද"
බස් එකකට නැගලා පිටිපස්සෙම සීට් එකේ අයියා වාඩි උනා...
-" මට අයින ඕනෙ...ජනේලෙ ගාව මට ඕනෙ"
-" බෑ...මමනෙ මුලින්ම ඉදගත්තෙ..ඔන්නම් වෙන තැනකට පල ඉතින්..මේක විතරක් ඈ ජනෙලෙකට තියෙන්නෙ...මල වදේ"
-" බඩ ඉරිගු කවරෙ මම අතේ....වෙන සීට් එකකට ගියොත් මම තනියෙන්ම කයි..."
-"එකක් දීලා පල..."
-" බෑ....මම එහා පැත්තෙ අයිනට් ගිහින් තනියම කනවා..."
මම පිටිපස්සෙ සීට් එකේම අනික් අයිනට ගියා...එකක් අරන් ලේන්සුවෙන් අල්ලගෙන කන්න කලින් අනික් ටික මගෙ එහා පැත්තෙන් තියාගෙන ඇගටයි බස් එකටයි හිර කරගත්තා...අඩ ඉරිගු කන්න මම මාරම ආසයි...පෙරේතයි කිව්වොත් ඊට වඩා හරි...මම මුලින්ම කන්න පටන් ගන්නෙ පොඩි ඇට තියෙන පැත්තෙන්...එතකොට අතිමට හොද ලොකු  බඩ ඉරිගු ඇට කන්න පුලුවන් නෙ...ඒකත් හරියට ජීවිතේ වගේ...මුල් ටිකේ පොඩි කට්ටක් කාලා අන්තිම කාලෙ හොද ටික ඉතුරු කරගන්නවා වගේ...
තව කෙනෙක් අවුස්සන්න කිව්වොත් මටත් ඉතින් ඊට වඩා දෙයක් තියෙනවද...අයියට පේන්න  බඩ ඉරිගු එක එහාට මෙහාට හරවලා කෑවා ...වෙලාවට පිටිපස්ස හරියෙ සෙනග නෑ ...මේ යකත් මගෙ ජාතියෙම එකෙක් තමා...මූ මට පේන්න කෙල ගිලිනවා..මම රහ කර කර බඩ ඉරිගු එක කන්න කන්න මේක කෙල ගිලිනවා .....වැඩි වෙලාවක් මේ ජවුසන් නටන්න හම්බුනේ නෑ...නවත්තපු හෝල්ට් එකෙන් සෙනග ගොඩක් බස් එකට  නැග්ගා...මමත් ඉතින් බඩ ඉරිගු කවරෙත් අරන් අයියා ඉන්න තැනට ගියා...කොහොම හරි අර යකා මට අයින දුන් නෑනෙ...අපරාදෙ එක්කො මම ආවෙ...අතනටම වෙලා ඉන්න තිබ්බෙ ශික්...ඒත් ඉතින් තනියම කන එක හරිත්  නෑ නෙ...අයියා දන්නවා මම තනියෙන් කන් නෑ කියලා ..ඒකයි වීරයා වගේ යුද්ද ප්‍රකාශ කරලා එතනම හිටියෙ...
වෙලාවකට තමන්ගෙ හිත හොද කම ඕනවට වඩා අනික් මිනිස්සුන්ට පෙන්නන්න යන්න හොදනෑ...එතකොට තමා එයාලා අයුතු ප්‍රයෝජන ගන්න එන්නෙ..නෑ  මම මේ කියන්නෙ මේ උන දේ ගැන නෙමේ...සමාජෙ ජීවත් වෙනකොට මට ලැබුන දේවල් එක්ක මට එහෙම හිතුනා ඉතින්...
බලපල්ලකො තියන අලි වන්සෙ...මම බඩ ඉරිගු ටික කකුල උඩින් තිබ්බත් තාම කෑවෙ නෑ...ජනේලෙන් අහක බලන් ඉන්නවා.
" ඇයි බුලත් දෙනකන් ද ඉන්නෙ...අරගෙන කන්න බැරිද "
-" ඇයි තමුසෙට බැරිද අරන් ගියා වගේ ආ අයියෙ කන්න කියලා කියන්න"
-"දැන් කිව්වෙ නැත්නම්.කන්නෙ නෑ...????"
-" එපා...කන්නෙ නෑ..."
-"අනේ විකාර නැතුව කනවාකො...ආ"
ඒක ගත්තෙ මහ කින්ඩි හිනාවක් දාලා....සාමන්‍යෙන් මම ලේසියෙන් මේ වගෙ පොඩි පොඩි රන්ඩු වලදි පරාද වෙන් නෑ...ඒත් මට මෙතනදි දිනන්න්  ඕනකමක් නෑ....

දේදුණු පාලමWhere stories live. Discover now