දේදුණු පාලම 9

1.1K 266 12
                                    

දේදූණු පාලම 09

අලුත් දවසකට ඉර පායනකොට අලුත් හීන් ගොඩක් මගෙ හිත ඇතුලෙ ඉපදිලා තිබුනා...මම නැගිටිනකොට අයියා තවම නිදි...මම එලාම් එක ඕෆ් කරලා වොශ් එකක් දාගෙන කාමරේට එනකොට නිමන්ත අයියාත් නැගිටලා තිබ්බා...
-"ගුඩ් මෝනින්ග්"
-"වෙරි ගුඩ් මෝනින්ග්"
-"කීයටද ඉන්ටවිව් එක ...පරක්කු වෙන් නැද්ද "
-'තවම වෙලාව 6යි...ඒක පටන් ගන්නෙ 8 ට..මොන පරක්කුවක්ද"
-"ඒ උනාට කල් තියාම එතනට ගිහින් ඉදපන්...ඉන්ටවිව් එකේදි ඔය පොඩි පොඩි දේවල් උනත් බලනවානෙ..මාත් ඉක්මන්ටම වොශ් එකක් දාන් එන්නම්..."
-"අයියා කොහෙද යන්නෙ"
-"ඇයි මන් කිව්වෙ...මම මගදි නවත්තපු කෝස් එක ඉවර කරන්න ඕනෙ...ඒකට ගිහින් මෙම්බර්ශිප් එක අලුත් කරන්න ඕනෙ"
-" ඕ හෝ....නොට් බෑඩ්...මෙයාගෙ වෙනස බලන්න එපැයි....මම හිතුවෙ එවලෙ ආපු ගැම්මට නිකන් ඔහෙ කියලා දැම්මා කියලා...ඇට්ත්තටම ඔයා වෙනස් වෙනවනම් ඒක මරුනෙ"
-"ඔව්...මට ඕනෙ වෙනස් වෙන්න...ඇත්තටම වෙනස් වෙන්න ඔනෙ...කිව්වනෙ උබට...ආයෙ ආයෙ අහන්න එපා"
-"ඔට්ටුවක් දාමුද"
-"මොකද්ද"
-" කාලය මාස 12යි...ඒකියන්නෙ අවුරුද්දක්....මේ කාලය ඇතුලද ඔයා පරන නරක දේවල් එකක් හරි කලොත් මම දිනුම්....අවුරුද්දක් පහු වෙනකන් කිසිම වරදක් නොකලොත් ඔයා දිනුම්"
-" මොනවද ඔට්ටු...ඕන දෙයක්"
-"ම්ම්ම්....ඒ වෙලාවට්ට දිනන කෙනා කියන ඕනම දෙයක් පැරදුන කෙනා කරන්න ඕනේ...මොකද කියන්නෙ...ඕනම දෙයක්"
-"හරි මන් එකගයි.... මේ...ඒත් අවුරුද්දෙන් පස්සෙ මම ඒ දේවල්.කලොත් මොකද වෙන්නෙ එතකොට...ඊට පස්සෙ මේක අදාල නැ කියලද කියන්නෙ"
-"හුම්ම්...ඔව්....එක දිගට දවස් ගානක් පාන්දර එකම වෙලාවක එලාම් එකක් තියලා නැගිටලා බලන්න....එතනින් එහාට එලාම් නැතුව උනත් ඒ වෙලාවට නැගිටින්න පුලුවන් ...මේකත් ඒවගේ"
-"ඒ කිවේ???"
-"අවුරුද්දක් එක දිගට්ට හරිම විදිහට ජීවත් උන ඔයාට...එතනින් පස්සෙ වරදක් කරන්න කිසිම ඕනකමක් නෑ....ඒම නොකරන්න ඔයා පුරුදු වෙලා ඉවරයි එතකොට"
-" මම දිනනවා කියන්නෙ අනිවා උඹ පරදිනවා කියන එකනෙ"
-"අයි ඩෝන්ට් කෙයා....ඔය කියන ඕන දෙයක් මම කරනවා..."
-"හා හා...ඒක පස්සෙ බලාගම්මුකො...දැන් ඉක්මන්ට ලෑස්ති වෙයන්...පරක්කු වෙනවා"

අයියා වොශ් එකක් දාගන්න ගියා...මම හැමදාම වගේ පහන තියන්න ලෑස්ති කරලා පහන තිබ්බා....ඇදුම් ක්ලින් දවසෙ රෑ මැදලා තිබ්බ නිසා ලොකු වෙලාවක් ගියෙ නෑ...මම ලෑස්ති වෙලා සපත්තු දාන ගමන් ඉන්නකොට අයියත් ටවල් එක පිටිම්ම ආවා...එයා අල්මාරියෙ එයාගෙ කෑල්ල ඇරලා ඇදුම් අරන් ඇදගත්තා...කලින් ඇදන් හිටපු තෙත තුවාය ඇද උඩට දාලා කොන්ඩෙ පීරගෙන පර්ස් එක දාගෙන එහෙම යන්න ලෑස්ති උනා...මම සපත්තු දාගන්න ටිකට එයා ලෑස්ති වෙලත් ඉවරයි...
-"කරුනාකරලා ඔයාගෙ ටවල්.එක එලියට දාලා යනවද...තෙත ටවල් එක ඇද උඩ දැම්මාම ගද ගහනවා..."
-"අපෝ...තෝත් අපේ අම්මා වගෙ..හිටපන් හිටපන්...මම දාන්නම්"
අයියා ටවල්.එක වනලා කාමර්‍රෙට එනකොට ඔලුව පීර පීර හිටියෙ...
-"යකො නැගිට්ටට පස්සෙනෙ මුගෙ ලස්ස්න පේන්නෙ..."
-"ෆුල්.කිට් ඇන්දාම ඕන හිපාටුවෙක් ලස්ස්නට පේනවනෙ ඉතින්"
-"සීරියස් කිව්වෙ හුත්තො....ඒ ඇදුමට උබේ මුතුම.ලුක් එකක් තියෙනවා...මේ...වරෙන් ෆොටෝ එකක් ගන්න"
-"අනේ මට බෑ...මන් වැඩිය ආස නෑ ෆොටෝ ගන්න..."
එහෙම කිව්වාම අයියා බලෙම්ම වගේ මාව ඇදලා අරන් මගෙ කර වටේ එයාගෙ දකුනු අත දාලා මාව බදාගෙන අනික් අතින් සෙල්ෆියක් ගහන්න හැදුවා...මාත් ඉතින් ලොකුකම පැත්තකට දාලා ලස්සන ෆෝස් එකක් දුන්නා...
-" ඕක මටත් එවන්න... "
-"ඇයි උබට එපා කිව්වෙ...දැන් මොන ලබ්බටද ඉල්ලන්නෙ...."
-"හා හා...ඕන් නෑ ..යන්කො...මට අපේ මිස් ලගෙ ගෙදරටත් ගිහින් යන්න් ඕනෙ...පරක්කු වෙයි"
එහෙම කිව්වාම අයියට හිනා ගියා
-"අද නම් හොස්පිටල් එක්ක යන්න උන් නැතිවෙයි උබට..."
මමත් හිනාවෙලා ඕන් හැමදෙම අරන් එලියට ගියා..අයියත් ආවට ඔඅස්සෙ දොර ලොක් කරා...
-"යතුර අර මල්.පෝච්චිය අස්සෙ තියෙනවා...මට කලින් අයියා ආවොත් දොර ඇරගන්න "
-" ඉතින් මන් උඹ එනකන් ඉන්නම්..දෙන්නම එකට එමු...මට ඇදුම් වගයක් ගන්නත් තියෙනවා...උඹත් වරෙන් ඕක ඉවර වෙලා"
-"ම්ම්...නරකමත් නැ...මන් කෝල් එකක් දෙන්නම්.."

දේදුණු පාලමWhere stories live. Discover now