දේදුණු පාලම 4

1.3K 266 23
                                    

දේදුණු පාලම-4

" 2.45.... හම්මෝ...ඇදක් දැක්කාම නිවන් ගියා වගේ....යකෝ මේක කෙල්ලෙක් ගෙ කාමරයක් වගේනෙ...පිලිවල"
-"ඇයි කෙල්ලො විතරද පිලිවලට ඉන්නෙ
තමුසෙගෙ කාමරේ වගේ සිගරට් කොටයි, බියර් ටිනුයි පුරවලා තියාගන්න කියලාද කියන්නෙ
මගෙ කාමරේ තියෙන්නෙ මම ආසම කරන දේවල් විතරයි...බුදු පහනයි, මම සින්දු අහන සෙට් එකයි...ඔන්න ඔය දේවල් දෙක විතරයි මගෙ හිතට සැනසීමක් ගේන දේවල් වලට තියෙන්නෙ"
-" නිදි මතයි....දැන් මාව මෙහෙ තියාගන්න සතියෙ මෙ ඇදේ පැත්තකද මම නිදියන්න ඕනේ...?".
-" නෑ...තමුන්ට වෙනම ඇදක් ගෙන්නන්න ඉන්නෙ..."
-" හ්ම්ම්...මට අයින ඕනෙ...නැත්නම් නින්ද යන් නෑ-"
-" මැරියන්...මේ අද තමුන්ට ඇදේ නිදාගන්න බෑ...බිකෝස් තමුසේට වෙරි හිදුනට බීලනෙ ඉන්නෙ..ඒ නිසා අද බිම නිදාගන්නවා.."
-"අමුත්තෙක්ට ඔහොමද සලකන්නෙ...ඈ
මීට හොදයි පාරෙ හිටියනාම්"
මම පැදුරක් එලල , සීට් එකක් දාලා, කොට්ටයක් දාන ගමන් කතා කලේ..
-" බේබද්දො එක්ක නිදාගන්න බෑ නෙ...බැරි නම් යන එකයි ඇත්තෙ "
-" මාව බලෙන්ම්  ගෙන්නගෙන ඉවර වෙලා දැන් පලයන් කියනවා..."
-" බලෙම්ම ගෙන්නගන්න තමුසෙ ශාරුක් කාන් ද, කට වහන් නිදා ගන්නවකො..මට නිදි මතයි"
නිදි මත වැඩි කමට මූනවත් හේතුවෙ නෑ..පෙරේතයා වගේ නිදා ගත්තෙ උදේටම නාගනවා කියලා හිතාගෙන...අර යකත් බිම නිදා ගත්තා ශර්ට් එක ගලවලා...ඇත්තටම ඒ ඇග දකිනකොට නම් මාර සේනාව ඔලුව වටේ කැරකෙනවා...බදාගෙන ඉබගෙන යන්න පුලුවන් ...ටැටූ එකත් ගහලා නිසා මාරම ලස්සනයි
මම හොරෙන් ඒ දිහා කීප සැරයක්ම බැලුවා...
-" මොනවද උඹ සැරෙන් සැරේ බලන්නෙ"
-" නිදි නැද්ද තාම, ඇස් දෙක පියන් හොරට ඉන්නෙ...මම මේ බැලුවෙ මට බෝතලේකින් වත් කොයි වෙලේ හරි කෙලී ද කියලා"
-" මගෙ බොඩි එක දැක්කාම ඉතින් කෙල්ලො විතරක් නෙමේ කොල්ලොත් වශී වෙනවා තමා...බලපන් ඉතින් නැගිටලා...ලැජ්ජ වෙන්න එපා"
වස නෝන්ඩිය...මේකට මීටර් වෙලා...
-" හරි ලොකුවට නේද හිතන් ඉන්නෙ...අනේ මේ නාලාගිරියම ..තමුසෙගෙ ලබ්බක් බැලුවෙ නෑ...මම ටැටූ එක දිහාබැලුවෙ ..වශී වෙන්නම ඇග..පිටි බීලා හදා ගත්තුවද කොහෙද...දැක්කනෙ බෑග් එක උස්සන් ආපු හැටි"
-"මල්ලි...උඹ ට මගෙ කතාව අහන්න ඕනෙ නැද්ද "
-" වදින්නම් කට වහන් නිදාගනවද..හෙට කියනවා"
-"නින්ද යන් නෑ නේ..."
-" කකුලෙ තියලා නලවන්නද"
-"හා...උඹ පල්ලෙහාට එනවද
මම උඩට එන්නද..."
-"අනෙ  මේ...කට වහන් නිදාගනාවකො මිනිහො"
අයියා ටික වෙලාවක් සද්ද නැතුව හිටියා....කරදර කාරයා නිදි ඇති..
මටත් නින්ද ගියෙ නෑ...එහාට මෙහාට පෙරලෙනවා  .බිම නිදාගෙන පුරුදු නෑ වගේ...කමක් නෑ...ඔහොම හිටපුවාවේ..කට වහන් විනාඩි දහයක් වත් හිටියෙ නෑ...
" මල්ලි..."
-" මොකද වදේ.....තමුසෙ මට නිදා ගන්න් දෙන්නෙම නැද්ද "
-" උඹ ඇයි එදා එතනට ආවේ...ඒ නාවනම් මම මෙලහකට මැරිලානෙ...වෙලාවට උඹ ආවේ "
-" මම එහා ගෙදර මිස් හම්බවෙන්න ආවෙ...අපේ සන්ගීත මිස්"
-" අර බතලි ද"
මිස් ට බැන්න එකට මම කොට්ටෙකින් ගැහුවා ඌට
" ඒයි බූරුවො...එන්න එපා මිස් ට බනින්න...එයා තමා මගෙ ජීවිතේට ගොඩක් දේවල් කියා දුන්නෙ...උදව් කලේ ....ජීවිතේ මට කිට්ටුම ගෑනු කෙනා එයා"
-" ඉදකින් තෝ....අම්මට වඩා කොහෙද යකෝ පිට ගෑනියෙක් ලොකු වුනේ"
-" කට වහන් නිදා ගනින්කො..."
-"දන්නවද බන්...මම පොඩි කාලෙ ඉදන් හෙන සෙල්ලක් කාරයි...මම මොන වැරැද්දක් කලත් අම්මා බැන්නෙ නෑ ...සල්ලි තිබ්බා හොදට...ඉගන්  ගන්න කිසි උවමනාවක් තිබ්බෙ නෑ ....තාත්තා ඒ නිසා මන් එක්ක මලෙන් හිටියෙ...හැබැයි අම්මා මරම ආදරෙයි..ඉල්ලන ඕන දෙයක් අරන් දෙනවා...කොහොම හරි ඉතින් ඕලෙවල් යන්තම් ලියාගෙන ඒ ලෙවල් කලේ සයන්ස් ..අම්මට ඕන උනේ මාව ඩොකෙක් කරන්න...මොන ඩොකෙක්ද, එස් එකක්වත් නෑ...පන්ති යැව්වට , ගෙදරට ගෙනත් ඉගැන්නුවට පිස්සු නැටුවා විතරයි...සල්ලි වලවත් ඉගනගන්න එකේවත් අගයක් තිබ්බෙම නෑ බන්..."
-" ඇයි දැන් වෙනම ඉන්නෙ"
-" උඹ අහන් ඉන්නවද මම කියන්න..."
-"ම්ම්...මටත් නිදිමත නෑ...කියන්න..."
-"අම්මයි තාත්තයි නිතරම වලි ඉතින්, ගොඩක් වලි වලට හේතුව උනේ මමම තමා ඉතින්..කොහොම හරි මට ගෙදරින් කෙල්ලෙක් හොයලා තිබ්බා ...ගෙදරින් කිව්වට ඒක හෙව්වෙ අපේ තාත්තා ...තාත්තා හෙව්ව නිසා අම්ම ඒ තරම් කැමැත්තක් තිබ්බෙත් නෑ...මමත් ගෙදර බලකිරීමට බැන්දේ...මට කසාද බදින්න කැමැත්තක් තිබ්බෙ නෑ...උඹට කිව්වට අවුලක් නෑ නෙ ඉතින්...ඉස්කෝලෙ යන කාලෙ එහෙම පොඩි පොඩි ගල් සීන් වෙලා තියේ කොල්ලො එක්ක..ඒ හින්දමද මන්දා කෙල්ලො ගැන ලොකුවට කැමැත්තක් තිබ්බෙ නෑ ...බැන්දට පස්සෙත් ජීවිතේ ගෙවිලා ගියා  ...එයා ලෝයර් කෙනෙක්...මම නිකම්ම නිකමෙක්...ඉතින් එයාගෙ උගත් කමයි මගෙ නූගත් කමයි එක්ක සෑහෙන්න ප්‍රශ්න උනා...අම්මයි එයයි නිතරම රන්ඩු උනා..කොහොම හරි එක දවසක මම පාටි එකකට ගිහින් එනකොට අම්මයි එයයි රන්ඩු...තාත්තත් ඉදලා නෑ.....ආව ගමන් අම්මා මම එක්ක අඩ අඩා කිව්වා උඹේ නෝනට කසාදෙ එපා වෙලාලු ..උඹ කිසි උගත් කමක් නැති මෝඩයෙක්ලු...ගොඩක් දේවල් කිව්වා...මම අනුත්තරා ගෙන් කිසිම දෙයක් ඇහුවෙවත් නෑ...
බීලත් හිටියෙ..ඊට වඩා නරකම දේකට මට කේන්ති ගිහින් හිටියෙ, ඒ අනුත්තරා වෙන කොල්ලෙක් එක්ක ඉන්න පොටෝ වගයක් මගෙ පෝන් එකට ඇවිත් තිබ්බෙ..පලවෙනි පාරට මගෙ අතින් ඒකි ගුටි කෑවා...ඒ රන්ඩුව දිගටම ගියා... පහුවදා බලනකොට එයා ලියුමක් ලියලා තියලා අම්මලාගෙ ගෙදර ගිහින්..එයා ඩිවෝස් එක ඉල්ලුවා.. අපේ තාත්තා ගත්තෙ ය්මෙයාගෙ පැත්ත...ඔය දේ දුර දිග ගියා...අන්තිමට අම්මයි තාත්තයි මූනවත් නොබලන තැනට ඒක දුරදිග ගියා...අනුත්තරා කියන කිසි දෙයක් මම ඇහුවෙ නෑ...මට කතා කරන්නවත් කැමැත්තක් තිබ්බෙ නෑ..ඒකිගෙ ගෙදරින් ඩිවෝස් එක ඉල්ලුවට ඒකිට ඕන උනේ මම එක්ක කතා බහ කරලා මේ දේ විසද ගන්න...මගෙ ලොකුකමට මම ගනන් ඉස්සුවා...අනික ඒ දේට මම සමාවක් දුන්නෙ නෑ...අන්තිමට මට ගෙදර එපා වෙන තැනටම පත් උනා...මම ගෙදරින් ඇවිත් තනියම ජීවත් වෙන්න අරන් දැන් මාස තුනකට කිට්ටුයි...බැදලා මාස 7 කට කිට්ටුයි...එදා වහ බීපු දවස වෙනකොට අනුත්තරා මට පනස් පාරක් විතර කෝල් කලා මැසේජ් කලා...මම ඉන්නෙ වැරදි වැටහීමක..කතා කරලා මේ දේ විසදගමු කියලා...ඒ වගේ චපල ගෑනියෙක්ව එපා කියන මතේ මයි මම හිටියෙ...ඒ වෙනකොට ගෙදරින් ඈත් වෙල හිටපු නිසාත් මම සෑහෙන්න ප්‍රශ්න වල හිටපු නිසයි මම ක්ලබ් ගියා...බිව්වා නැටුවා...ප්‍රශ්න අමතක කරන්න...ටැටූ එක පවා ගහලා කොන්ඩෙ වැව්වෙ ඊට පස්සෙ ..බොන්න ඇබ්බැහි උනා...අන්තිමට හොදක් නරකක් නොතේරෙන උම්මත්තකයෙක් ගානට වැටුනා...එදා අප්පච්චි කෝල් කරලා කිව්වා අනුත්තරා ගෙ ගෙදර අය ඩිවෝස් එක ඉල්ලනවා කියලා...එයාට වෙන කොල්ලෙක් ගෙදරින් හොයලා කිව්වා...ඒවගේ කෙල්ලෙක් නැති කරගත්තෙ මගෙ වැරැද්ද කියලා මට බැන්නා....අම්මයි පුතාටයි ඕන එකක් කරගන්න කියලා දොස් කිව්වා..අද ඉදන් තාත්තෙක් නෑ කියලා හිතාගනින් කියලා පෝන් එක තිබ්බේ...එවලෙ මම සෑහෙන්න බීලා හිටියෙ, මේ වගෙ ප්‍රශ්න වලට ඔරොත්තු දීලා මට පුරුද්දක් තිබ්බෙම නෑ....මට හිතුනේ මේ හැමෝටම පාඩමක් උගන්නන්න...මම එදා එ දේ කලේ අසිහියෙන් ...".
-" ඉදකින්...දන්නවනම් මැරෙන්නම දාල නිකන් ඉන්න්වා...යකෝ ඔයිට වඩා ගෑනුත් කොන්දක් ඇතුව ප්‍රශ්න වලට මූන දෙනවා...."
මට ඇත්තටම හිනා ගියා...මොන තරම් බොලද එකෙක්ද මේ යකා...
-"උඹ හිනා උනාට උඹ ඒ ප්‍රශ්න ගොඩේ හිටියනම් උඹ ගන්නෙත් ඒ තීරනේම තමා..මම පොඩි කාලෙ ඉදන් හැදුන විදිහත් එක්ක ඒ දේවල් ගැන ලොකු තේරුමක් මට නෑ...හිනා වෙයන් තව හිනාවෙයන්"
-" මේවට හිනාවෙන්න ඕනෙ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ"
-" අනේ මේ...තෝ මෙ තරම් හුරතලේට, වීරයා වගේ පිලිවලට හැදිලා ඉන්නෙ උඹට පොඩි කාලෙ ඉදන් උඹේ අම්මා තාත්තා හරි දේවල් කියා දීලා ඇති, මගෙ අම්මා එහෙම කලේ නෑ...උඹ මේ උඩ පැන්නට උඹත් ඒව් වගෙ හැදුනනාම් උඹටත් තේරෙයි...මොනව උනත් උඹගෙ දෙමවුපියො උඹට සෑහෙන්න ආදරේ ඇති...අම්මයි තාත්තයි එකට ඉදගෙන ,ආදරෙන් මේ සමාජෙ ගැන උඹට කියාදීල ඇති...උඹ හිනාවෙයන්"
-"ඔයා දන්නවද මම කවුද කියලා"
-" මම මගෙ ඔක්කොම කිව්වට ඉතින් තෝ කිව්වෙ නෑ නෙ..."
-" කොහොමද කියන්නෙ...පටන් ගන්න්  කොහොමද .....ම්ම්ම් උඹ මම උනානම්.මෙලහකට දහ පාරක් විතර මැරිලා අයියේ.....මම අනාතයෙක්...අම්මවත් තාත්තවත් දැකලවත් නැති, ජීවිතේට එහෙම ආදරයක් ලබලා නැති, නීති රීති එක්ක, දුප්පත් කම එක්ක ලමා නිවාසෙක අවුරුදු 20ක් ජීවත් උන අනාතයෙක්...කැමති කෑම බීම, සල්ලි, අම්මලාගෙ ආදරේ, මේ කිසි දෙයක් නැතුව තමයි අද මම මේ විදිහට හරි ඉන්නෙ...මම එහෙමයි කියලා ඉගන නොගෙන හිටියද...මම කැම්පසුත් ගියා...
දැන් උඹම කියපන් අයියෙ...මම හිනා වෙන්න ඕනෙ කොහෙන්ද උඹේ කතාවට"
මේ යකාගෙන් ප්‍රතිචාරයක් නෑ...
මම ඇදෙන් නැගිටලා බැලුවා...මේ යකා හොදටම නිදි....
-" මේ නාලාගිරියානම් මහ මම කියවනක්න් ඉදලා මූ නිදි . "
ඇත්තටම මහ ගොනෙක්නෙ...ඒ ප්‍රශ්නත් එක්ක බලනකොට මම එහෙනම් කී පාරක් මැරෙන්න්  ඕනෙද...මාත් රෙද්ද හ්දාගෙන පොරවගෙන එහා පැත්ත හැරිලා නිදා ගත්තා...
......................................................
පහුවදා ඇහැරෙනකොට වෙලාව 10යි...නැතෑ ඉතින්...නිදා ගද්දි 4 ට කිට්ටුයිනෙ... නැගිටලා බැලුවට අයියා පෙන්න නෑ...පැදුර අකුලලා..මම වොශ් රූම් එකට ගියා...වොශ් රූම් එකේ අලුත් බුරුසුවක් තියෙනවා...ඒ කියන්නෙ අර යකාගෙ වෙන්න ඇති...මටකලින් නැගිටලා මෙයා...මමත් නාගෙන තුවාය පිටින් කාමරේට ආවා...තාමත් මේ යකා පේන්න නෑ...ඇදුමක් දාගෙන ඔලුව පිහින ගමන් කුස්සිය කෑල්ලට ගියෙ තේ එකක් හදාගන්න...මේසෙ උඩ ඉදි ආප්ප පාර්සලයක් තියෙනවා ....මේ යකා කන්න කෑමත් ගෙනත්...මම තේ බොන එක පැත්තකින් තියලා එලියට බැහැලා බැලුවා...මේ ඉන්නෙ ගස් නාම්බා...අප්පද බොල උදේම නාලා...ඇදන් හුටපුවා හෝදලා ශෝටකුයි අත් කපපු කලු බැනියමකුයි ඇදගෙන ගල් බන්කුව ලගට වෙලා බර කල්පනාවක්...ගල් බන්කුව්  කියන්නෙ මම ආසම තැන... මැයි මල් ගහක් යට හදලා තියන බන්කුවක්..මම ආවට පස්සෙ ලග ඇලකින් තිරිවාන ගල්.ගෙනත් බිමට දාලා , සම්න් පිච්ච, වගේ මල් හිටවලා, පොඩි උන පදුරක් හිටවලා ලස්සනටම හැදුව තැනක්...
මැයි මල් පිපුනාම මාරම ලස්සනයි...එතනට වෙලා වරුවක් උනත් නිදහසේ ඉන්න් පුලුවන් ...එතරමට නිස්කලන්ක තැනක්...කෝපි එකක් බොන ගමන් ශර්ලොක් හෝම්ස් ගෙ පොතක් කියවන්න කියාපුම තැන. මම ලගට යනකම්ම මිනිහට ගානක් නෑ ..ඒ තරම් බර කල්පනාව...
-" කවුද බැලුවා මගෙ රන් මසු උයනට වෙලා ඉන්න ප්‍රේම කුමාරයා...යකෝ.මේ අර බීල හිටපු නාලගිරියනෙ. .."
මෑන් ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ...
මම ගිහින් එහා ඹන්කුවෙන් ඉදගෙන රවුම් ගල් මේසෙන් කකුලකුත් තියාගත්තා....
-" අඩෝ....චන්ඩියා..මොකද සයිලන්ට් ..අයියේ...ඔයා හොදින්ද".
-"මට මන් ගැන මාරම ලැජ්ජයි බන්...ඒ වගේම උඹ ගැන මට ඉරිසියයි...."
-"මේ....බලන්නකො මගෙ කකුලෙ ලස්සන...බාත් රූම් එකේ නන්නාදුන බුරුසුවක් තිබ්බ...ඉතින් නිය පොතු ටිකයි කකුලයි මැද ගත්තා..."
-" එහෙනම් මට වෙන එකක් ගෙනත් දීපන් දත් මදින්න...-"
-"අනේ.....ඒක ඔයාගෙද...ඔයා කල්.ඉදන් මගෙ බෝඩිමට එන්න කද මලු පැක් කරන් ද හිටියෙ...බුරුසු උස්සගෙන ද ආවෙ-"
-" නෑ බන්...මම උදේ කඩේ ගිහින් ගෙනාවෙ..බුරුසුවකුයි, උදේට කන්න ඉදි ආප්පයි"
-" ඇයි සිගරට් ගෙනාවෙ නැද්ද.."
-" ඊයෙ ගත්ත නිසා ගෙනාවෙ නෑ...ඇවිත් තියපු තැනින් අරන් බොන්න බලනකොට ඒක නෑ.."
-" ආ....කබඩ් එක අස්සෙ හරියට මීයො ඉන්නවා...උන් ගන්න ඇති...අනේ පව් මීයො ටික ..මීයන්ගෙ මීයො ටිකත් කෙලින් වෙන් නැති වෙයි අයියගෙ වගේ..."
" අනේ උඹ හු#හන්...තෝ කොහොමද දන්නෙ මම සිගරට් හන්ගපු තැන..."
-" මේ ඉන්ද්‍රචාප එක්ක හොරා පොලිස් සෙල්ලම් කරන්න ඔයාට සෑහෙන්න ඉගන ගන්න වෙයි...මම ලාවට දැක්ක කබඩ් එක අත් ගගා විකාරයක් කරනවා...සැකේට බැලුවෙ...පස්සෙයි ඒක දැක්කෙ...එවලෙ සද්ද නැතුව හිටියා..ඔයාට නින්ද ගියාම මම අර ගත්තෙ..."
-" මුගෙ ආච්චිට හාල් ගරන්න යකෝ...
තෝ ඒ නැගිට්ටෙ ඒකටද"
-"තෝ ඒ නැගිට්ටෙ ඒකටද ඇහුවෙ...ඒ කියන්නෙ එවලෙ ඔයා නිදි නැද්ද ????"
-" නෑ බන්....මම නිදියගෙන නෙමේ හිටියෙ...ඇස් දෙක පියාගෙන නිදි වගෙ හිටියෙ උඹට මූන දෙන්න තියන ලැජ්ජාවට...මම උඹ කිව්ව දේවල් සේරම අහගෙන්  හිටියෙ...මට මම ගැන පුදුම ලැජ්ජාවක් දැනුනේ..ඒකයි මම කිව්වෙ උඹ ගැන ඉරිසියයි කියලා.
උඹ අද මේ වගේ තැනක ඉන්නෙ කිසිම දෙයක් නැතුව බිංදුවෙන් පටන් අරන්...මම..????? හැමදේම තිබිලා, හැමදේම නැති කරගෙන , මාවත් නැති කරගත්‍ත එකෙක්...ඊයේ මට සෑහෙන වෙලාවක් යනකන් නින්ද ගියෙ නෑ...මම කල්පනා කලේ මම මොන කාලකන්නියෙක් ද කියලා...මල්ලි...ප්ලීස් බන්...මට ජීවත් වෙන්න ඕනෙ..මට ජීවිතේ මොකද්ද කියලා විදින්න ඕනේ..උඹ මේ තරම් මට උදව් කලා තමයි...ප්ලීස් මට් දැනුයි උබේ උදව් ඕනේ...ලැජ්ජ වෙන් නෑ මම්...මට උදව් ගන්න ඉන්න එකම එකා උඹ..මේ ලෝකෙ මට විස්වාස කරන්න පුලුවන් එකම එකා උඹ..ප්ලීස්...මම උබගෙ කකුල් දෙක අල්ලලා වදින්නම් ඕන්නම්...මට උඹ වගේ වෙන්න උදව් කරපන්...උඹට ජාති ජාතිත් පින්..."
-"මම අද ඔයා එක්ක කතා කරන්නම් කියලා හිතපු සේරම ඔයා කිව්වනෙ අයියෙ...මම දැන් මොනවද කියන්නෙ ඉතින්"
-" ඒ කියන්නෙ...මම කිව්වත් නැතත් උඹ ඒ දේ කරනවා?"
-" අමතකද මම කිව්වා තමුන්ව පුනුරුත්ථාපනය කරනවා කියල. ...ලෑස්ති වෙල ඉන්නවා ..අද ඉදන් මම කියන විදිහට ඉන්න වෙනවා . එහෙම නැති උනොත් එලවලා දානවා..තේරුනාද ලමයා?"
-" ඔව් සර්...මම එකගයි"
දෙන්නටම හිනා ගිය ..හරිම සැහැල්ලු විදිහට ජීවිතේට මූන දෙනවා...මේ දේම නෙමේද මම බලාපොරොත්තු උනේ...අයියා බැදපු කෙනෙක් තමා  .ඒත් දැන් එයා ඩිවෝස් වෙන්නනෙ ඉන්නෙ...මෑන් ඉස්කෝලෙ යන කාලෙත් අරවා මේවා කරලා තියෙනව කිව්වනෙ ...බලමුකො...
-" දැන් මම කියන්න ගියපු සේරම ඔබ තුමා කිව්වනෙ...දෙයක් තියනවා ඔයාට බලන්න...ජීවිතේ කවද හරි ඔයා දැකලා තියෙද ඔයා බීපුහාම හැසිරෙන විදිහ???"
-" නෑ...ඒ වෙලේට මොනවා කරනවද පස්සෙ මට මතකවත් නෑ බන්"
-" ආ...මේන්...බලගන්නවකො නාලාගිරියාගෙ වීර ක්‍රියා"
මම අයියා අතට මගෙ පෝන් එක දුන්නෙ එයා බීලා හැසිරෙන විදිහ වීඩියෝ කරපු එක ප්ලේ කරලා
මනුස්සයා ඒක බලනකොට මූන වෙනස් වෙන විදිහ මම හොදට බලාගෙන...ඇස් දෙකේ කදුළු පුරෝගෙන බලා ඉන්නවා...
බලලා ඉවර වෙලා තව පාරක් බැලුවා . පෝන් එක මගෙ අතට දීලා එක අතකින් කදුළු පිහ දැම්මා...
-" වීරයගෙ වීරකම් දැක්කද??? තම්න්ගෙ අම්ම වගේ ගෑනු කෙනෙක්ට කුනුහරප කීයක් කියලා බැන්නද, එතකොට ඔලුව පැලුවෙ තමන්ට වඩා වැඩිමල් මනුස්සයෙක්ගෙ... ඒ විතරක්ද... ඒ මිනිස්සු තමුසෙට කියන දේවල් ඇහුනද???
කාලකන්නියා, බේබද්දා, කුඩු කාරයා, හෙන ගහපන්, වාහනේකට ඇඹරියන්, අම්මලාගෙ වැරදි,
කීයක් කිව්වද තව..මේ එකක් විතරයි..මීට කලින් මොනවා වෙලා ඇද්ද...මිනිස්සු කවුරුත් මූනක් බලලා හිනා වෙල නෑ...කවුරුත් ඔහොම උනේ ඇයි කියලා අහල  නෑ කියලා බොරුවට සාදාරනීකරනය කරන්න හදන්න එපා...කොහොමද නිනිහෙක් කතා කරන්නෙ මෙහෙම බේබද්දෙක් එක්ක...කොහොමද හිනාවෙලා යන්නෙ...
අපි ගැන මුනිස්සු හිතන විදිහ අපිට අදාල නෑ තමා...මොකද උන් අපිට කන්න අදින්න්  දෙන් නෑ තමා...ඒත් අයියෙ හැමෝම වගේ එකතු වෙලා දෙයක් කියනවානම් එහෙම ලේසියකින්
ඒ දේ පැත්තකට දාන්නත් බෑ...මොකක් හරි තැනක වැරැද්දක් තියනවා....තේරුම් ගන්න මොලයක් තියෙනවානම් මේ ටික ඇහුවාම බැලුවාම පොඩි එකෙක්ට උනත් තේරෙයි කොතනද අවුල තියෙන්නෙ කියලා...ගල් ගැහිලා වගේ කට පියන් බලා ඉදලා වැඩක් නෑ අයියේ...කතා කරන්න...කාගෙද අවුල...මිනිස්සුන්ගෙද නැත්නම් වෙන කාගෙ හරිද???"
-" වෙන මොකාගෙද බන්...මගෙ"
-" එහෙනම් ඒක හරි ගස්සගන්න ඕනෙ කවුද ?"
-" මම...ඒක තනියෙන් කරන්න තරම් හයියක් මට නෑ බන්...මට ඊයේ රෑ උදන් ඕන උනා වෙනස් වෙන්න...පැය ගානක් කල්පනා කලා..ඒකයි මම උදේම නැගිටලා කඩේ ගිහින් බුරුසුවකුයි කෑමයි අරන් ආවේ...ඇවිත් නෑවා, අද ඉදන් මම අලුත් මිනිහෙක් වෙනවා කියලා මටම දිවුරගත්තා...මල්ලි..මට බැනපන්, තේරුම් කරපන්...බැරිම නම් ගහපන්...මට වෙනස් වෙන්න කියාදීපන්...කොතනින් පටන් අරන් කොහොම මොනවා කරන්නද මට හිතා ගන්න බෑ...."
-"ම්ම්ම්....ඔයාගෙ තියන ඕන ප්‍රශ්නයක් කියන්න....මම අහගෙන ඉන්නම්...ම්ම්ම් මෙන්න අර හැන්ගුවා කිව්ව දෙක , ඔන්නම් මෙතන බොන්න...කාමරේනෙ එපා කිවෙ"
මම සිගරට් දෙකයි, ගිනි පෙට්ටියයි කලිසම් සාක්කුවෙන් අරන්  මේසෙ  උඩින් තිබ්බා...අයියා එකක් අරන් ගල් බන්කුවෙ තට්ටු කරලා කටේ තියාගෙන පත්තු කලා....මම නැගිටලා ඒක අරගෙන බිම දාලා පෑගුවා ....
-" ඔන්න තියෙනවා පටන් ගන්න තැනක්, පුලුවන් නම් ඕක නවත්තන්න, "
-" උඹ කිව්ව ගමන් මේවා එහෙම නවත්තන්න බෑ බන්....උබ දන් නෑ මේවට ඇබ්බහි උනාම මේ දේවල් නැතුව බෑ...."
-" ලෑස්ති වෙන්න....ගමනක් යන්න තියෙනවා"
-"කොහෙද?"
-" ප්‍රශ්න අහන්න එපා කිව්වාම ගිහින් ලෑස්ති වෙන්න..."
මම ආයෙ එතන රැදුනෙ නෑ, කාමරේට ගියෙ මමත් ඇදුමක් දාගන්න, මම ඇදුම් මාරු කරන ගමන් ජනේලෙන් බලාගෙන
අයියා කාමරේට එන්න නැගිට්ටා...
සිගරට් එක අතට අරන් බලාගෙන හිටියා....මොනවා හරි බර කල්පනාවක්....ඊරපස්සෙ ඒක අකුලට වීසි කරලා කාමරේට ආවා...මට මහ වීර කමක් කලා වගේ දැනුනේ....ලොකු විශ්වාසයක් ආවා මේ මනුස්සයගෙ වැරදුන ජීවිතේ හරි ගස්සන්න මට පුලුවන් කියලා....අයියා කාමරේට ආවා...
මම මගෙ අල්මාරියෙ පැත්තක් අස් කරන ගමන් හිටියෙ.....
-" ඔය බෑග් එකේ ඇදුම් ටික මේකෙන් අහුරගන්න"
-" සතියනෙ ඉන්නෙ....මේ සතියට මෙහෙම කමක් නෑ...."
ඒ දේ ඇහුනාම නම් මට මොකද්ද මන්දා දුකක් දැනුනා....යන්න එපා හැමදාම මන් එක්ක ඉන්නවකො කියලා කෑගහලා පැනලා අයියව බදාගෙන කියන්න ඕනෙ උනා..මට තද උන පාර අල්මාරියෙ දොර දඩාස් ගාල වැහුවා...අයියත් ගැස්සුනා ඒකට....
මම ඌ දිහා නොබලම මේසෙ  උඩ තිබ්බ මගෙ පර්ස් එකයි පෝන් එකයි අරගෙන, සෙන්ට් ටිකක් ගහගෙන අනික් පැත්ත හැරුනා...මෙන්න මේ යකා ජොකා පිටින්....මාව හීතල උනා...උස මහත ජිම් බොඩියක් තියන , පච්චයක් ගහලා කරාබුවක් දාලා ඉන්න සුදු රස්‍තියාදු කාරයෙක් තද දම් පාට බ්‍රීෆ් එකක් ඇදන් මගෙ ඉස්සරහ එහාට මෙහාට වෙවී කලිසමක් හොයනවා....ඔක්කොම පන්ඩිත කම් ලැජ්ජාවල් පැත්තකින් තියලා මේ යකාව බදා ගන්න හිතෙන් නැත්තෙ කාටද ඉතින්.... ඒත් මන් කරපු එකම දේ ඉක්මන්ටම එලියට බැස්ස එක විතරයි...මේ වෙනකොට මාව පිස්සෙක් වෙලා හිටියෙ ඒදේ දැකලා....ටික වෙලාවකින් අයියා එලියට ආවා
-" කොහෙද යන්නෙ"
-" ගිහාම බලන්න...මාව විස්වාසනම් එන්න නැතනම් එන්න එපා"
-" මන් කිව්වනෙ, මම විස්වාස කරන එකම එකා උඹ කියලා...අපායට හරි කමක් නෑ...උඹ එක්කනම් මන් එනවා....උඹ ලගින් ඉන්නකන් කිසිම බයක් නෑ මට"
-"ආ...එක්කෙනෙක් කඩේ ගිහින් ගෙනාපු ඉදි ආප්ප ටික...තව ටිකෙන් අමතක වෙනවා...කාල යමු"
-" මටත් අමතකම උනා...බඩගිනී තමයි"
අයියයි මමයි කාලා පාරට ආවා...බස් එකේ නැගලා ටවුන් එකට ආවා...ඒ එනකනුත් එකම එක වචනයක් වත් මම අයියා එක්ක කතා කලේ නෑ...මම දන්නවා දැන් එයා හරිම කාර්‍ය බහුලයි...එයාගෙ හිතින් මෙ උන හැම දේම ගැන එයා හිතනවා...ආයෙ කතා කරලා ඒකට බාදා කරන්න හොද නෑ....ටවුන් එකෙන් ත්‍රීවිල් එකක් අරන් අපි යන්න ඕනෙ තැනට මම අයියව එක්කන් ආවා....
චැනලින් සෙන්ටර් එකක්...
-" ඇයි මෙතනට ආවේ...මට අසනීපයක් නෑ නෙ බේත් ගන්න..."
-" තමුසෙට සමාජ රෝග්  තියෙනවද කියල බලාගන්න ආවේ...එක කාමරේ තියාගද්දි ශුවර් නෑ නෙ...".
-" තිබ්බත් ඉතින් නිකන් බෝවෙන් නෑ නේ...ඩිස්ටි ඩිඩින් කලොත් විතරනෙ බෝවෙන්නෙ....හරි ඉතින්...එහෙනම් චෙක් කරන් යමු අද රෑට ඒ කියන්නෙ ඇහැරලා ඉන්න වෙයි"
මේ මොන ගොන් කතාවක් ද මම කිව්වෙ... කට වරද්ද ගත්තනෙ...
-" ඇනේ මේ....ගොන් කතා නොකිය එනවද..."
මම රිසෙප්ශන් එකට ගිහින් එපයින්මන්ට් එකේ පේමන්ට් එක කලා ...ඊට පස්සෙ පුටු පේලියෙ ගිහින් වාඩි උනා...අපි යන හේතු කිසිම දෙයක් නොදැන අයියා මම පස්සෙන් එනවා..පොඩි එකෙක් වගේ...දුකත් හිතෙනවා ..පව්ව්...එයා ඇවිත් මන් ලගින්ම වාඩි උනා....
පෝන් එක අරන් මම හෑන්ඩ්ස්  ෆ්‍රී එක ගහලා සින්දුවක්  ප්ලේ කලා...
එක කනක් අයියගෙ කනේ ගහලා අනික මගෙ කනේ ගහ ගත්තා...

දේදුණු පාලමWhere stories live. Discover now