7)ඔයා නෙවෙයි,

316 116 4
                                    

"මන් ඇයි ඔයාව මරන්නෙ?" ඒ කටහඬ හරිම ප්‍රශ්නාර්ථ පාටක් ගත්ත හෙමින් ඇදිලා ගියපු එකක් වුනා.

ඒත් ඒ කටහඬ මගෙ මූණ ළඟින්ම ඇහුන නිසා මන් එකපාරටම ඔලුව උස්සලා බලද්දි එයා මගෙ ඉස්සරහ දණගහගෙන හිටියා.

එයා සාමාන්‍ය රාක්ශයෙක් වගේ විරූපි වුනේ නෑ.

එයා හරිම සාමාන්‍ය මනුස්සයෙක්ගෙ පෙනුමක් තිබ්බ කොල්ලෙක් වුනා. මට වඩා ටිකක් වැඩිමල් පාටට පෙනුන එයාගේ කොණ්ඩේ උරහිස් ළඟටම අපිළිවෙලට වැවිලා තිබුනා.ඒ අකීකරු කොණ්ඩ ගස් නිසා එයාගෙ ලස්සන කලු බෝල ඇස්, ටිකක් වැහිලා තිබුනා.එයාගේ මූණෙ පැල්ලම් කීපයක් තිබ්බත් ඒ මූණෙ කඩවසම් අහිංසක ගතිය හන්ගන්න ඒවට බැරිවුනා.

මේ ඔක්කොටමත් වඩා එයා හිටියේ ශර්ට් එකක්වත් නැතුව දිග කළු කලිසමක් විතරක් ඇඳගෙන.

කොච්චර ලස්සන වුනත්..රාක්ශයො කියන්නෙ රාක්ශයොමයි..

තව ටිකකින් මට වෙන්නෙ මෙයාගෙ එක්තරා ගොදුරක් වෙන්න විතරයි...

ඒක මතක් වෙලා තව බය වුන මම, තව තවත් බිත්තියට ගුලි වෙන්න හැදුවත් මන් හිටියේ හැංඟෙන්න බැරි තැනක.

ඒ නිසාම උපරිම ශක්තිය එකතු කරලා නැගිට්ට මන් ආව පැත්තටම පිටිපස්ස නොබලා දුවන්න ගත්තේ එයාගෙ අඩි සද්ද පිටිපස්සෙන් ඇහෙද්දි.

"ඔය පැත්තට යන්න එපා.."මට එයාගෙ හීනි කටහඬ ඇහුනේ මම උඩතට්ටුවට යන්න තිබ්බ පඩිපෙළ දිගේ උඩට දුවද්දියි.

වටේම ගොඩක් කලුවර වුනත් ඇස් අඳුරට හුරු වුන නිසා මන් ඒ අඳුරු පඩිපෙලේ උඩට නැගලා තව කොරිඩෝවකට ආවා.ඒත් අඩියක්වත් තියන්න කලින් මගෙ කන ළඟින්ම විරූපී රාක්ෂ අතක් ඇදිලා ගිහින් පිටිපස්සෙ බිත්තිය පසාරු කරගෙන ගියා.

ටිකකින් කොරිඩෝව එහා කෙළවරෙන් හෙමීට වගේම විකාර විදිහට අඩි තිය තිය නිල් පාට රාක්ශයෙක් ඇවිදන් ආවා. එයාගෙ ඔලුවෙන් බාගයක්ම තිබුනේ නැත්තේ කවුරුහරි පිහියකින් කපලා දාලා වගේ. එයාගේ මූණේ ඉතුරු වෙලා තිබුනේ එක කනකුයි ලොකු වගේම විරූපී කටකුයි විතරයි.සිවිලිම ළඟට විතර උස වුන ඌගේ ඇඟ නිල් පාට ඇටසැකිලි පෑදිලා තිබ්බ ස්වරූපයක් ගත්තා.

"ම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම..මට පේන්නෑ...ඒත් මට උඹව හොඳට ඇහෙනවා.. මන් උඹව හොයාගෙන එනවා...." ඒ රාක්ශයගෙ ගොරහැඬි කටහඬ කියද්දි මන් කෑගැහෙන්න හැදුවත් කාගෙහරිම අතක් මගෙ කටවහගෙන මාව පිටිපස්සෙන් අල්ලගත්තා.

ඔලුව හරවලා බලද්දි කලින් මන් දැකපු රාක්ශ කොල්ලා එතන හිටගෙන හිටියේ මාව එයාගෙ පපුවට තද කරගෙන.මන් දිහාවට යොමුවෙලා තිබ්බ එයාගෙ කලු ඇස් දෙකේ ලොකු වෙනසක් තිබුනා.

මොකද ඒවා කලින් වගේ සාමාන්‍ය විදිහට නැතුව තනිකරම කළු වුනා...
කිසිම සුදු පාටක් නැති තනි කළු ඇස් වුනා...
මුළු අන්ධකාරෙම ඒ ඇස් වල හිරකරන් ඉන්නවා වගේ ඒ ඇස් කළු පාට වුනා..

මන් මේ වෙලාවෙ බය වෙන්න ඕනෙ වුනත් මට දැනුනේ මන් ඒ ඇස් වලට ඇදිලා යනවා කියලයි.

ඒ ඇස් නිසා තව අහිංසක පාටට පෙනුන ඒ අත්භුත රාක්ශයට මන් ඇදිලා යනවා කියලයි...

ඒ හැඟීම දැනෙද්දි මන් බය වුනා.ඒ නිසා එයාගෙ අත මගෙ අත් දෙකෙන්ම අල්ලලා අයින් කරන්න හැදුවත් එයා එයාගෙ නිදහස් අතේ දබර ඇඟිල්ල එයාගෙ තොල් අතරට තියලා සද්ද කරන්නෙපා කියලා මට ඇඟෙවුවා.මේ අතරෙදි එයාගෙ ඇස් ආයෙමත් සාමාන්‍ය විදිහට වෙනස් වුනා.

මන් ඔලුව වැනුවෙ එයා මාව අතාරියි කියලා හිතලා වුනත් ඊටපස්සෙ වුනේ මන් හිතුවෙම නැති දෙයක්.

| Monsters And People |Short Chapters| ✔Where stories live. Discover now