8)එයාලමයි

313 115 15
                                    

එයා මාව හරහට උස්සගෙන පඩිපෙළ දිගේ පහළට ඇවිත් වෙන කොරිඩෝ එකක් දිගේ ඇවිදන් ගිහින් මාව පහළට යන පඩිපෙළක ඉන්දුවා.

එතන බිල්ඩින් එකේ අනිත් තැන් වලට වඩා එළිය වුනේ උඩ තිබ්බ වහලේ ගරා වැටිලා හඳේ මලානික එළිය ඇතුලට ආව නිසා කියලා මට වටපිට බලද්දි තේරුනා.

මන් ටික ටික බිත්තිය ළඟට ගුලි වුනා.

"මාව මරන්නෙපා..." මන් ආයෙමත් මිමිණුවා.

"ඇයි මන් ඔයාව මරන්නෙ?" මට ආයෙමත් ඒ සන්සුන් කටහඬ ඇහෙද්දි ඒ ඇස් මන් දිහා පුදුමෙන් බලන් හිටියා.

"මො..මොකද රා..රාක්ශයො මිනිස්සුන්ව මරනවා.." මන් යන්තමින් උත්තරයක් ගැටගැහුවා.

"මාව දැන් රාක්ශයෙක් වගේද පේන්නේ?"එයාගෙ බිඳිලා ගියපු කටහඬ ඇහුවා.

මන් නෑ කියන්න ඔලුව දෙපැත්තට වනද්දී එයා ඉස්සරහ බලලා ලොකු හුස්මක් හෙලුවා.

"මාත් රාක්ශයෙක් තමයි. ඒත් හැම රාක්ශයෙක්ම මිනිස්සුන්ට කරදර කරන්නෑ.."

"එ..එතකොට ඔ..ඔයා මාව මරන්නැත්ද?" මගෙ කටහඬේ මේ පාර යන්තම් විශ්වාසයක් ඇඳුනා.

මොකද මන් පොඩිම කාලෙත් මට අනිත් අයට කරදර නොකරන රාක්ශයෙක් හම්බෙලා තිබුනා.එයා කොළ පාට ජෙලි ගොඩක් වගේ කෙනෙක් වුනත් එයා මට රාක්ශයන්ටත් වඩා දරුණු කෙනෙක්ගෙන් හැංඟෙන්න උදවු කළා.

සමහර අන්ධකාරෙන් වැහුනු මිනිස්සු රාක්ශයන්ටත් වඩා භයානකයි කියලා මන් තේරුම් ගත්තේ,ඒ කාලෙ මිනිස්සු එච්චර අමාරුවෙන් ජීවිත බේරගන්න හදද්දි ඒ මිනිස්සුන්ව මංකොල්ල කන, පොඩි ළමයිව වහල්ලු විදිහට අල්ලන් යන මිනිස්සු දැක්කමයි.

එදා ඒ මනුස්සයා මගෙ පස්සෙන් එද්දි මට හැංඟෙන්න තැනක් අර රාක්ශයා පෙන්නුව නිසා මන් එදා ඒ මිනිස්සුන්ගෙන් බේරුනා.

ඒ නිසා අද , මේ රාක්ශයත් ඒ වගේ කෙනෙක් කියලා මට විශ්වාස කරන්න පුලුවන් කමක් තිබුනා.

"නෑ.." එයා මගෙ පැත්තට හැරුනා.
"ඒත් ඇයි ඔයා මෙතනට ආවේ?
එයාලා කීයටවත් මෙතනට පිට මිනිස්සුන්ට එන්න දෙන්නෑ කියලා මන් දන්නවා."

ලොකු හුස්මක් හෙලපු මන් මගෙ කතාව එයාට කෙටියෙන් පැහැදිලි කරන්න පටන් ගත්තා.

"ඉතින් ඔයා මෙතන දවසක් හිටියොත් එයාලා යාලුවට යන්න දෙයි කියලා විශ්වාසද?" එයා මගෙ කතාව අන්තිමේදි ඇහුවා.

"දන්නෑ...
ඒත් ඒක තමා මට කරන්න පුලුවන් එකම දේ.." මන් බිම බලාගත්තා.

"මිනිස්සු ඔහොමමයි...එයාලා අනිත් අයගෙ දුර්වලකම් වලින් ප්‍රයෝජන ගන්නවා.."එයාගෙ කටහඬ අමුතු ස්වරයකට මාරු වෙන අතරේ එයාගෙ ඇස් ආයෙමත් තනි කළු පාට වෙන හැටි මට පෙනුනා.

ඒ වෙලාවේ මන් ඒ දේ කලේ ඇයි කියලා මටම හිතාගන්න බැරි වුනත් මන් ඒ වෙලාවේ මගෙ හීරිලා තුවාල වෙලා මඩ පාට වගේම ලේ පාට එකතු වෙලා තිබුණ අත එයාගෙ අත උඩින් තිබ්බෙ ඒ ඇස් වලට එබෙන අතරෙයි.

"රාක්ශයො අතර වගේම මිනිස්සු අතරත් හොඳ අය ඉන්නවා..."

ඒ ඇස් ආයෙම සාමාන්‍ය විදිහට හැරෙන අතරෙ එයා මගෙ අත දිහා බලාගෙන හිටියා.

"ඒත් මට මේ වෙනකම් එහෙම අය හම්බෙලා නෑ.." එයා අන්තිමේදි මගෙ ඇස් දිහා බැලුවා.

"හම්බෙයි.."

"හ්ම්ම්ම්...සමහරවිට.."

"හමුදාවෙන් ඔයාට ගොඩක් කරදර කළාද?" එයාගෙ වම් අතේ ඇතුල් පැත්තේ තිබුන දිග කැපුම දැකපු මන් ඇහුවා.

එයා මන් බලන් ඉන්න තැන දැකලා ඒ කැලළ දිහා බලලා නෝන්ඩි හිනාවක් දැම්මා.

"ඔව්..එයාලා මට කවදාක්වත් හොඳින් සළකලා නෑ. ඒත් මේකනම් එයාලගෙ වැඩක් නෙවේ.."

"දැන් මට කියන්න."මන් එහෙම කියද්දි ඒ ඇස්වල පුදුමයක් ඇඳුනා.

"මොනාද?"

"ඔයාගෙ කතාව.."

එයා මගෙ පැත්තට හැරිලා හිටියත් ඒක කිවුව ගමන් ඉස්සරහට හැරුන නිසා මන් මගෙ අත එයාගෙ අත උඩින් අරගත්තා.

"ඔයා අකමැතිනම් කියන්න ඕනෙ නෑ.." මන් එයා අපහසුතාවෙට පත් වෙන හැටි දැකලා කිවුවා.

"නෑ..එහෙම නෙවෙයි.
දැන් හුඟ කාලයක් වෙලා නිසා මට සමහර දේවල් හරියටම මතක නෑ.
ඒ වගේම මේ කාලෙකින් මන් මගෙ කතාව මතක් කරන පළවෙනි වතාව..
හිනායන දෙයක් තමයි..ඒත් මන් කොහොම කෙනෙක්ද කියලා මටම අමතක වෙලා.."

එයා එහෙම කියද්දි මට ඇතිවුනේ ලොකු දුකක්..

"අපි මතක් කරගමු.." මන් කියද්දි එයා මගෙ පැත්තට හැරිලා පළවෙනි වතාවට හීනි හිනාවකින් මූණ එළිය කරගත්තා.

හිනාව..
මටත් කාලෙකින් කරන්න අමතක වුන ඒ හරිම පුංචි..හරිම ආදරණීය හැසිරීම..

| Monsters And People |Short Chapters| ✔Where stories live. Discover now