දේදුණු පාලම 7

1.1K 247 18
                                    

දේදුණු පාලම-7

රස්සාවක් නැති උපාධිධාරියෙක්ගෙ ජීවිතේ අලුත් දවසකට ඉර පෑයුවා...ජීවිතේට අහම්බෙන් එකතු උන ආගන්තුකයෙක් ඇදේ එහා පැත්තෙ තියාගෙන. වෙනදට මට කලින් නැගිටලා එක්සයිස් කරලා නාන මිනිහා අද තාම නිදි. පාන්දර හය විතර උන නිසා කූද්දන්න ගියෙ නෑ...නැගිටින වෙලාවක නැගිටීනෙ. ඇදෙන් බහින්න ඉතින් මේ මනුස්සයගෙ ඇග උඩින් පනින්න එපැයි දැන්, ඉදගෙන බහින්න බැරි නිසා ඇද උඩම නැගිටලා බිමට බහින්න නැගිට්ටා, අයියා එහා පැත්තට හැරිලා හිටියෙ. මම අයියගෙ ඇගට උඩින් කකුල ඇදේ අයිනට තියලා එහා කකුල ගන්න හදනකොට ඒ පොඩිසද්දෙට ත් අයියට ඇහැරිලා ද කොහෙද දනිස්සක් නමලා උඩු බැලි අතට හැරුනා..හිතාගන්න් බැරි පොඩි කාලයක් ඇතුලෙ ඔය දේවල් ටික වෙද්දි වෙන්න පුලුවන් චාටර් ම දේත් ඊට පස්සෙ උනා...මම කකුල පැටලිලා අයියගෙ ඇග උඩ. වැඩිය උස මහත නැති උනාට ඉතින් එක පාරට ඇගට පත බෑ උනමා කාටද රිදෙන් නැත්තෙ. අයියට ඇහැරුනා, මම පුලුවන් තරම් ඉක්මනට ඇදෙන් බැස්සා.
"අම්මො...උදේ පාන්දරම හෙන කදයා වගේ ඇගට පැන්නනෙ"
-" අයියා නිදි නිසා උඩින් පනින්න ගියෙ, ඇහැරවන් නැතුව"
-"ඇහැරෙව්වනම් ඉවරනෙ, ඇගට කඩන් පාත් උනේ...."
-"හිතලා කලේ නෑ නෙ ඉතින්, මරන් කන්න පැන්නෙ නෑ නෙ, කියවන්නෙ මෙතන"
-"හිතලා කලේ නෑ තමයි"
-"කට හඩට මක් වෙලාද? "
-"උගුර රිදෙනවා, ඔලුව බරයි වගෙත් එක්ක, සෙම ඇවිස්සෙන්න ඇති තෙමුන පාර ඊයෙ"
-"බාගෙට නාන්න ඇති, නැත්නම් මටත් හැදෙන්න එපෑ ඉතින්"
මට බනින්න වචන එක දිගට එලියට දාන්න අයියට බැරි උනා...සැරෙන් සැරෙ කිඹුහුම් යන්න ගත්තා...එක දිගට
-"හම්මො....බටර් පෙරෙනවා වගේ...හූස් හුස් ගගා උඩට ඇද ඇද ඉදපන්කො දැන්..."
-"මූන හෝදගන්න  බෙත් ටිකක් ගේන්න යන්, "-
-"ඔන් නෑ....පස් පන්ගුව පැකට් එකක් තම්බලා දීපන්කො බනින් නැතුව , අඩුවෙනවා ඒකට"
-"බනින්නෙ මොකටද ඉතින්, මම මූන හෝදලා කඩේ ගිහින් අරන් එන්නම්"
-"ඔව් ඉතින් උඹ හින්දනෙ තෙමුනෙ...බනින්න ඕනෙ හරි නම් මමනෙ"
-"මම කාටවත් තෙමෙන්න කිව්වෙ නෑ නෙ..."
-"නොකිව්වට ඉතින් තෝ විශාකා උපාසිකාව වගේ සන්සුන් ගමනින් එනකොට මම කොහොම ද යන්නෙ දුවලා"
-" විශාකාව දිව්වෙ නැත්තෙ එයාගෙ සන්වර කම නිසා...මම දිව්ව් නැත්තෙ මම වැස්සෙ තෙමෙන්න ආස නිසා..සරලයි"
මම මූන හෝදන්න ගියා, මූන හෝදගෙන වෙන ටී ශර්ට් එකක් දාගත්තා කඩේට යන්න, කලිසම අවුලක් නෑ....පර්ස් එක ගන්න මේසෙ උඩ බලනකොට පර්ස් එක නෑ....
-"අයියෙ මගෙ පර්ස් එක නෑනෙ..දැක්කෙ නැද්ද"
-"මගෙ එකෙන් අරන් පලයන්"
අයියා නිදාගෙන්  ඉන්න ගමන්ම ඕනවට එපාවට වගේ කිව්වෙ...
-" සල්ලි නෙමේ අනේ ප්‍රශ්නෙ.. පර්ස් එක කෝ කියන එක...කොහෙද මේක...ඊයෙ කොහෙ හරි වැටිලවත් ද"
මම කල්පනා කලේ ඊයෙ දවසෙ ගියපු තැන්, ලමා නිවාසෙන් එලියට ආවට පස්සෙත් මගෙ ලග පර්ස් එක තිබ්බා, ඊට පස්සෙත් මම සල්ලි ගත්තනෙ, හොස්පිට්ල් එකේදි එක පාරක් පර්ස් එක අතට ගත්තා, ඊට පස්සෙ මතකයක් නෑ නෙ...ඔව් ඊට පස්සෙ වීල් එකට ගෙව්වෙ අයියා,කඩෙන් ගත්ත බඩු වලට ගෙව්වෙත් අයියනෙ. අපෝ....අදත් ඉතින් බස් ගානෙ රස්තියාදු වෙලා දවසම ඉවරයි....අයියගෙන් සල්ලි ඉල්ලගෙන පස් පන්ගුව පැකට් එකක් ගෙනත් හදලා දුන්නා...උදේට කෑවෙත් පාන් ම තමා...කාලා බේත් බීලා අයියා ආපහු ඇදට වෙලා හිටියා...
මම ඇදුම් මාරු කරගෙන පර්ස් එක බැරි උනේ කොහෙද බලන්න ගියා..
කෝකටත් කියලා ලමා නිවාසෙ මිස් ට කෝල් කරලත් බැලුවා, පර්ස් එක එහෙ නෑ, මම හිතුවා හරි. වැටෙනවානම් වැටිලා ඇත්තෙ හොස්පිට්ල් එකේ තමයි...මම හොස්පිට්ල් එකට ගියා. එලියෙ සිකුරුටි රූම් එකෙන් අහලා බැලුවා
"මම නම් ඩියුටි ආවෙ උදේ, කලින් හිටපු කෙනා කැන්ටින්  එක පැත්තට ගියා, පොඩ්ඩක් ඇතුලෙන් අහලා බලනවද සර්"
මම කැන්ටින් එක පැත්තට ගියා...ඒ යන අතර මගදි වෝඩ් එකක් පාස් කරලා යනකොට මම හිතුවෙවත් නැති දෙයක් සිද්ද උනේ....
-"මල්ලි...පොඩ්ඩක් ඉන්න..."
මම හැරිලා බැලුවා...අහල පහල.වෙන කවුරු හරි ඉන්නවද කියල බැලුවෙ මටමද කතා කලේ කියලා සැක හැර දැනගන්න...ඒ කතා කරපු කෙනා මම අදුරන්නෙ නෑ කියලනම් මට විස්වාසයි , සමහරවිට මොනවා හරි උදව්වක් ඕන වෙලා ඇති...
-" මටද අයියෙ කතා කලේ?"
-"මල්ලි පොඩ්ඩ්ක ඉන්න...මට කතා කරන්න පුලුවන් ද ටිකක්"
ඒ මනුස්සයගෙ මූන වැහැරිලා ගිහින්, ඇස් යට කලු වෙලා , කොන්ඩෙ යන්න පටන් අරන්...මෙයා අසනීපෙන් ඉන්න කෙනෙක්...මහන්සි කරන්න බැරි නිසා මම පැත්තක තිබ්බ පුටු පේලියකට එක්කන් ගිහින් වාඩි කරගෙන අයියා එක්ක කතා කරන්න උත්සහා කලා
-" මල්ලි ඔයා ඊයෙ ආවා නේද, අහම්බෙන් වගේ මම දැක්කෙ, වාට්ටුවෙන් ඒ පැත්තට ගියාම...අර දම් පාට ටී ශර්ට් එකක් ඇදගෙන ආවේ මල්ලි නේද?"
-"ආ ඔව්ව් අයියෙ...ඉතින් ඇයි අයියා කතා කරන්න ඕනෙ කිව්වෙ?"
-"මල්ලි මේකයි...අහම්බෙන් හරි මම ඔයාලව දැක්කෙ මගෙ වාසනාවට වෙන්න ඇති,ඒ වගේම ඔයා පහුවදාම මෙහේ ආවා, මට මගෙ වැරදි හරි ගස්සගන්න ඕනේ මල්ලි..."
-"මට තේරෙන් නෑ අයියා කියන කිසි දෙයක්"
-"මල්ලි එක්ක ඊයෙ ආවෙ ශෙරින් මැඩම් ගෙ පුතා නේද???"

දේදුණු පාලමWhere stories live. Discover now