දේදුණු පාලම 8

1.1K 236 27
                                    

දේදුණු පාලම-8

හැම දෙයක්ම අතෑරපුහාම හිතට සැහැල්ලුවක් දැනෙනවා කියන එක ඇත්ත, ඒත් නිමන්ත අයියා මගෙන් ඈතට යනවා කියලා දැනෙනකොට මට මහ අසන්වර මටවත් අවනත නැති හැගීමක් හිතේ ලියලන්න ගත්තා, සමහරවිට බෞතිකව ඈත් කලත්, හිතින් ඒ දේවල් ඈත් කරගන්න බැරි කමත් එක්ක අපේ උත්සහයන් ව්‍යර්ථ වෙනවා...මට ඕන උනේ ඉස්සර හිටපු මම වෙන්න. මේ හැමදේම ලේසියෙන් අමතක කරන්න බැරි උනත්, ඒ දේවල් අමතක කලා වගේ හැසිරෙන්න , කාලයත් එක්ක මේ දේවල් විසදෙයි...මට ඕන උනේ වෙනස් වෙන්න...කාමරේ නිමන්ත අයියා ගෑවිලා තිබුන පුංචි හරි මතකයක් තියේ නම් මම ඒ දේවල් ඈත් කලා...කාමරේ ඇදන් මේස පවා තැන් වෙනස් කලා... ඉන්ද්‍රචාප උඹ මේ කරන්නෙ හිසේ ඇම්මට කොට්ටෙ මාරු කරන එක නේද කිය කියා හිතින් තර්ක කර කර කාමරේ සම්පූර්නයෙන්ම වෙනස් කලා..ඊට පස්සෙ පැයකට කිට්ටුවෙන්න වොශ් රූම් එකට වෙලා සින්දුවක් එහෙම කියාගෙන නෑවා....ජීවිතේ වෙනස් වෙන්න පුලුවන් තරම් පරිසරයක් මම ගොඩ නගාගෙන තිබ්බා..කාමරේට ඇවිත් බෆල් එකට ෆෝන් එක කනෙට් කරලා සින්දුවක් දාලා ඇදට වෙලා ඇස් දෙකත් පියාගෙන මේ හැම දේම නොවුන ගානට ඉන්න සෑහෙන්න උත්සහයක් ගත්තා ..

"මිරිගුවක හිත තියලා, නුඹ දුරක ඇදුනා....රංචු ගැහෙනා රෑනෙ...තනි කමක් දැනුනා....ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා...ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා...
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්"

ගොඩක් වෙලාවට දුකක් දැනුනහම, හිතට අසන්වර බවක් ආවාම සින්දු කියන්නෙ හිර්හ එක තැනක ගැට ගහලා තියාගන්න උදව් වෙන භාවනාවක් වගේ උනා...මේ හැම වෙහෙසකර මතකයක් එක්කම යුද්ද කරපු මගෙ හිත දෙයක් දැනෙන නොදැනෙන ගානට යාන්තම් නින්ද ගිහින් තිබුනා...යාන්තමට නින්ද ගියා කිව්වෙ මොකද කියනවානම් ..සින්දු නැවතිලා පෝන් එකට කෝල් එකක් ආව විත්තිය තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ
" හෙලොව්...මේ මිස්ට ඉන්ද්‍රචාප ද?"
-" අ.....ඔව්...මිස්ටර් කවුද ?"
-"මම දේවක..හෙලන්කා ඇපරල් එකේ එච් ආර් එකෙන්"
-" ඔව් සර්...කියන්න"
-"ඉන්ද්‍රචාපගෙ ඇපිල් එක ඈපිට ලැබුනා.. අපිට පුලුවන් මිස්ටර්  ට තව චාන්ස් එකක් දෙන්න...මොකද එදා ට්‍රේන් ස්ට්‍රයික් එක නිසා තව දුර ඉදන් ආපු කීප දෙනෙක්ටම වෙලාවට එන්න බැරි වෙලා ආපහු හරවලා යැව්වා අපි"
-" තැන්ක් යූ සර් කවද්ද ඉන්ටවිව් එක තියෙන්නෙ?"
-"ඉන්ද්‍රචාපට හෙට එන්න ප්‍රශ්නයක් නැතුව ඇතිනෙ...හෙට තමයි අපිට දෙන්න පුලුවන් අන්තිම අවස්තාව"
-" අනිවාර්‍යෙන් ම පුලුවන් සර්, මම එන්නම්...තැන්ක් යූ"
-"ඔකේ...බායි "

දේදුණු පාලමWhere stories live. Discover now