♡ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ♡-❶

1.1K 274 20
                                    


ඔයාලා ජීවිතේ තනි වෙලා ඉදලා තියෙනවද? 


අතරමං වෙලා....


ලෝකේ ඉන්නවද නැත්තං යනවද කියලා හිතා ගන්න බැරුව අසරණ වෙලා තියෙනවද? 


ඔයාගේ හැම හුස්මක්ම සුසුමක් බවට පෙරළිලා....


 තව දුරටත් හුස්ම නොගත්තා නම් හොදයි කියලා හිතිලා තියෙනවද? 


මට එහෙම හිතිලා තියෙනවා....


මගේ නම ටේහ්‍යුන්.... 


මට වයස දාහතයි...


මම තනිකම විසින් වෙලා ගත්ත කෙනෙක්...


අපි ලෝකෙට තනියම බිහි උනාට.... 


ජීවිතේ කියන්නේ තනියෙම දරා ගන්න අමාරු දෙයක්....


 මම හැමදාමත් කලේ මට දරාගන්න පුළුවන් උපරිමයෙන් ජීවිතේ දරා ගත්තු එක... 


ඒත්...


කාට උනත් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ.... 


මම ඒ සීමාව ඉක්මවලා ඉවරයි....


ඇයි මං තාමත් ජීවත් වෙලා ඉන්නේ? 


ඒකට දැං හේතුවක්, අර්ථයක් නෑ... 


  මගේ ජීවිතේ තිබුනු ලස්සන පාට මැකිලා ගියේ මට අවුරුදු අටේදී...


මගේ කුඩ අප්පා අතින්... 


මගේ ඔම්මා මාව මේ ලෝකේ තනි කරලා ගියේ ඊට වැඩි කලක් යන්න කලින්....


මාව හදාගත්තේ මගේ ආච්චි අම්මා.... 


එයත් දැන් මාව දාලා ගිහින්...


 ඊටත් පස්සේ....


 මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු... 


විශ්වාස කරපු කෙනා... 


බෝගම් හියුං...


එයා මගේ කුඩ අප්පා ගැන දැන ගත්ත දවසේ ඉදන් මාව මග ඇරියා....


මං එයාට බොරු කලා, 


මන් අපිරිසිදුයි කියලා මගේ මූණට කිව්වා..... 





   මං ආදරේ කරපු හැමෝම මාව තනි කරලා දාලා ගියා....



.............................▣▣▣...........................


ⒹⒶⓇⓀ  ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖Where stories live. Discover now