♡ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ♡-❾

699 234 8
                                    


මම ජන්කුක්ගේ උරහිසෙන් ඔළුව තියාගෙන ගොඩාක් වෙලා ඇඩුවා.... 


එයා මට දැන් ඇඩුවා ඇති කිවෙවත්... 


ඇයි අඩන්නේ කියලා ඇහුවෙවත් නෑ... 


එයා මට ඇති තරම් අඩන්න දුන්නා....


 මාව එයාගේ සිරුරේ උණුසුමට තුරුල් කරගෙන මගේ පිට අත ගෑවා.... 


එයාගේ දිගු ඇගිලි මගේ හිස කෙස් අතරින් ලිස්සලා යන ගමන් මගේ හිතේ තිබුනු වේදනාවත් අරන් ගියා.... 


මම අම්මා නැති උනාට පස්සේ කවදාවත් මේ වගේ උණුසුමක් අත් විදලා නෑ...


 බෝගම් හියුං උනත් මාව තුරුල් කරන් හිටියේ ඇදේදී විතරයි...


මම ජන්කුක්ගේ බෙල්ලට හේත්තු වෙලා එයාගේ මූණ දිහා බැලුවා....


 එයා මන් දිහායි බලාගෙන හිටියේ... 


"ජන්කුක්...මාව බේරගත්තට තැංක්‍යූ..." මම ජන්කුක්ගේ ගෙල වටේ අත් දෙක දාගෙන එයාට තුරුල් උනා.... 


"ටේහ්‍යුන්..." ජන්කුක් මගේ කම්මුලක් අත ගෑවා... 


"ඔයාට ආපහු දුක හිතිලා ඒ දුක දරාගන්න බැරි උනොත්...මෙතෙන්ට ඇවිල්ලා මගේ නම කියන්න..." 


"මම ඔයා කතා කරන ඕනම වෙලාවක එනවා...."


"මම කොහේ හිටියත්...."


මම ජන්කුක්ට තව ටිකක් තුරුල් උනා... 


"ජන්කුක්...ඔයා මන් ගැන දන්නවා නේද?"


" ඒත්...ඔයා.."


 "ටේහ්‍යුන්... ඒ වාක්‍යය සම්පූර්ණ කරන්න එපා...ප්ලීස්...." ජන්කුක් මගේ කම්මුල් වලින් එයාගේ අත් දෙක තියාගෙන මට ළං උනා.... 


"ඔයා මැණිකක් ටේහ්‍යුන්... ඔයා ලස්සනයි....සුරන්ගනාවියක් වගේ....."



"ඔය හිත වගේම ඔයාගේ හැම දෙයක්මත් පිරිසිදුයි මැණික..."



"කවදාවත් එහෙම හිතන්න එපා ඔයා ගැන...."





මගේ ඇස් වලින් අළුත් කදුළු බින්දු වැටෙන්න ගත්තේ මටත් නොදැනීමයි....


........................................▣▣▣........................................

ⒹⒶⓇⓀ  ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖Where stories live. Discover now