🖤 Chapter 09 💠

387 139 37
                                    

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠

එලියට එමින් ගමන් මල් පොකුර එලියේ තිබුන ඩස්බින් එකට දාලා මම සෝජුව හොයාගෙන ඩොක්ටර් ඉන්න රූම් එකට ගියා. ඇතුලට යන්න හදනකොටම සෝජු ඇතුලේ ඉදන් එලියට ආවේ සතුටු මූනකින්.

" සර්...ඩොක්ටර් එක්ක කතා කලා "

" ඩොක්ටර් මොකද කිව්වේ ? "

" පෝලිට ලොකු අමාරුවක් නෑ කිව්වා.ඉක්මනින්ම ගෙදර යන්න පුලුවන් වෙයි "

" චින්චා ? වා...හ් ඒක හොදයි "

" සර් අපි යමු නේද ? අද මීටින්ස් දෙකක් තියෙනවනෙ "

" දේ...කජා "

හොස්පිට්ල් එකෙන් පිටත් වෙනකොටම මගේ හිතට ආයෙම උදේ වුන සිද්ධිය මතක් උනා.ආයෙ ආයෙම ඔලුව අවුල් වෙනකොට හිත මූසල හැඟීමකින් පිරිලා ගියේ ආයෙම පෝලි ලඟට යන්න ඕනි කියලා තදින්ම දැනෙනකොට.ඒත් මේ වෙලාවේ මම කොහොම හරි මේ දැනෙන අපහසුවෙන් ගැලවෙන්න ඕනි නිසා මම සෝජු එක්ක කතාවක් පටන් ගත්තා.

" සෝජු "

" සර් ? "

" මිස් හන්සුගේ තත්වේ කොහොමද ? "

" ඒක...මේ....ඒ....ඒක අවුලක් නෑ සර් ඉතින් "

" හශ්...මෙච්චර නාකි වෙලත් තියෙන මනමාල හිනාව "

ඉස්සරහා කන්නාඩියෙන් පේන සෝජුගේ මූන දිහා බලාගෙන කියනකොට සෝජු එකපාරටම හිනාව ගිලගත්තේ සීරියස් මූඩ් එකක් මවාගන්න ගමන්.විනාඩි කීපයක් යනකොට සුපුරුදු විදිහටම අපි ඔෆිස් එකට ආවා.

ඇතුලට එනකොටම දුවගෙන ආපු මිස් හන්සු මගේ අතට ෆයිල් එකක් දුන්නා.

" සර්...ක්ලයන්ට්ස්ලා හැමෝම රෙඩී මීටින් එකට. සර් එනකම් ඉන්නේ "

" අරස්සෝ කජා..."

මම Conference රූම් එක ඇතුලට යනකොටත් හැමෝම ඇවිත් ඉදියා.

" චිසෝහම්නිදා මම ටිකක් පරක්කු උනා. පටන් ගන්න "

කට්ටියගෙන් සමාව අරගන්න ගමන් එහෙම කියාගෙන ගිහින් මගේ පුටුවෙන් ඉදගන්නකොට මීටින් එකට ඇවිත් ඉදපු අනිත් කම්පැනීස් වල අය එයාලගේ ප්‍රොජෙක්ට්ස් විස්තර කරන්න පටන් ගත්තා.
.
.
.
.
.
📲📲📲📲📲

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)Where stories live. Discover now