🖤 Author Note 💠

410 124 84
                                    

Author Note

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠

                 
         💠 ජීවිතේ කවදාකම හරි ඔයාට
        තේරීම් කරන්න වෙලා තියෙනවද ? 🖤

🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠

ම්ම්ම්ම්ම්...කොහෙන්ද පටන් ගන්නේ ? මට පිස්සු වගේ ඇත්තටම 🙂. මම මෙච්චර අප්සට් වෙලා නෑ කවදාවත්. මම දන්නෑ ඇයි කියලා. බට් මම අප්සට් ගොඩක්. ඉස්සෙල්ලම කියන්නම් ජින්ටයි කුකීටයි දීපු වදේට මියානේ.. හැමදාම වගේ මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ හැමෝටම පුංචිවත් සැනසීම නැතිවෙන දෙයක් දැනෙන්නවත් එපා කියලා. නපුරු හීනයක්වත් පේන්න එපා කියලා...

අරස්සෝ. කතාවට දෙන්න ඕනි උනේ ජින්ගේයි කුකීගෙයි බැඳීම.අනිත් පැත්තෙන් ජින්ගේ තියෙන කොලිටීස්. ඒකට මම එක වචනයක් පාවිච්චි කලා...

" සමාව "

මම හැමදාම කියන බනේ තමා ඉතිම්.😂 ආදරේ පටන් ගන්නේ සමාවෙන්.මම තදින්ම විස්වාස කරන දේ ඒක.ඉතින් ජින් කියන්නේ ගොඩාක් හොද කෙනෙක් ආදරනීය කෙනෙක්. එයාගේ චරිතේ ගොඩක් නිවුනු වගේම දුක් විදපු අතීතයක් එක්ක හිනාවෙලා ඉන්න උත්සාහ කරන කෙනෙක්.ඒ අතරේ එයා ගොඩක් තනි වුන කෙනෙක්.පෝලි ජීවිතේට ආවත් එයාගේ සතුට තියෙන්නෙ ටික කාලයයි.ඒත් එයා හැම දේකම පොසිටිව් පැත්ත දකින කෙනෙක්.වගේම එයාට එයා ගැන ලොකු විස්වාසයක් තියෙනවා.

එතකොට කුකී.... ඔම්මගේ වැරදි වචන ටිකක් නිසා නිකරුනේ දුක් විඳින කෙනෙක්. ඒත් එයා ලඟ ගොඩාක් හොද කොලිටීස් තියෙනවා.එයා ගොඩක් උත්සාහ කරනවා හ්‍යුන්ග්ට ඒ දේ නොකර ඉන්න.ඒත් ඒකෙන් එයා මානසිකව වැටෙනවා.ඒකත් එක්ක තමයි මේ දේවල් පටන් ගන්නේ.කුකීගේ චරිතේ උදා හරනෙට අරගෙන මම ඔයාලගෙන් දෙයක් ඉල්ලන්නම්. කවදාවත් ඔයාගේ වචන කෙනෙක්ගේ මානසික සැනසීම නැති කරවන වචන වෙන්න දෙන්න එපා. හැම වෙලාවෙම හිතන්න මගේ වචන තවත් කෙනෙක්ට සැනසීමක් ගේන්න ඕනි කියලා. වචන තියෙන්නෙ කියන්න නෙමෙයි හසුරවන්න. 🙂.

ඊලඟට පෝලි.... සැබෑ ආදරේ කියන්නේ ඕනිම අවස්ථාවක ලඟ ඉන්න එකට.ජින් ඉන්නේ අසනීපෙන් උනත් ඒ වෙනකොට පෝලිට එයාව පිස්සෙක් වගේ පෙනුනත් එයා ජින්ව අතාරින්නෑ. එයා දිගටම ඉන්නවා. අවසානේ වෙනකම්ම එයා ජින් එක්ක ලඟින්ම ඉන්නවා.

එතකොට සෝජු.ජින්ගේ හොදම යාලුවා කියනවනම් හරි.හැම දේකදිම ජින්ව තනි නොකර එයාව තේරුම් අරගෙන එයා එක්කම ඉන්න එයාගේ යාලුවා. මතකද කතාවේ කීප තැනකම මම කිව්වා සෝජු නිසා තනියක් නෑ නැත්නම් සෝජු නිසා සැනසීමයි කියලා.ඒකට හේතුව තමයි ඔයා හොද යාලුවෙක්නම් කිසිම දවසක ඔයා ලඟ කෙනෙක් තනි වෙන්නෙ නෑ. ඔයාව එයාට සැනසීමක් වෙනවා කියන්නේ ඔයා යාලුවෙක් විදිහට ගොඩාක් සාර්ථකයි කියාන එක.

එතකොට කුකීගේ ඔම්මා...දරුවෙක් වැඩියෙන්ම අහන්නේ අම්මා කියන දේ..පොඩි කාලෙ අපි ඉනත් එහෙමනේ නේද.? ඉතින් හැමදාම කියනවා වගේ ඔයාට ලොකූ වගකීමක් තියෙනවා දරුවන්ගේ මානසිකත්වය යහපත් වෙන දේවල් ඔයාගෙන් දෙන්න. මම ඒක ගැන මීට කලිනුත් කියලා ඇති😘❤️.

ඉතින් පුරුදු වෙන්න සමාව දෙන්න , අවස්ථාවක් දෙන්න.ගොඩාක් අය කියන දෙයක් තමයි මෙහෙම කීවම සමාව දුන්නොත් මෝඩයෙක් කියලා හිතයි කියලා.. ඒත් කල්පනා කරල බලන්නකො.එහෙම කියන කෙනෙක් උනත් ජීවිතේ කවදාකම හරි තවත් අවස්ථාවක් ලබාගත්ත අය. පරාර්ථකාමී වෙන්න මිනිස්සු එක්ක සුහද වෙන්න ආදරෙන් ඉන්න උත්සාහ කරන්න😘❤️.

ඉතින් මේක තමයි ජින්ගේ පලා යාම සහ තේරීම සහෝදරත්වය වෙනුවෙන් ආදරේ වෙනුවෙන් අපිට කරන්න බැරි දෙයක් නෑනේ නේද ?

           💠 " මේක පලා යාමක්..
ආදරය සහ සහෝදරත්වය වෙනුවෙන් පලා යාමක්. " 🖤

🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠

 
මම දන්නෑ මේ කතාව සාර්ථකද කියලා..ඇත්තටම මේක ලියලා මගේ ඔලුව අවුල් උනා. මට ප්‍රශ්න වල ඉන්න වෙලාවට කේන්තියෙන් ඉන්න වෙලාවට කතාව ලියන්න පුලුවන්.කලින් කතාත් එහෙමයි.ඒත් මේක බෑ😂. මට පිස්සු වගේ එතකොට.කොහොම හරි අනේ ඉතිම් මම ලියන මොංගල් කතා කියවන චොකෝස්ලට කුමාවෝ😘❤️... චොම්මල් කුමාවෝ.😘❤️ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.

Upcoming එකක් තියෙනවා හොබීගේ...❤️ යමින් ගමන් ඒකත් බලන් යන්න...බ්‍රේක් එකක් අරගෙන ඒක දෙන්නම් හෙමීට.සරන්හේ 😘❤️ සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න.😘❤️

You've reached the end of published parts.

⏰ Last updated: Oct 14, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)Where stories live. Discover now