🖤 Chapter 13 💠

395 144 49
                                    

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠

" නූනා හ්‍යුන්ග් නිදිද ? "

' හ්ම්ම්ම්ම්...දැන් නින්ද ගියේ "

" මට හිතුනා.ඒකයි තට්ටු නොකරම ආවේ "

" මොකක්ද කුකී ජින්ට මේ වෙන්නේ ? "

" මේ හැමදේම අර කාලකන්නි නිසා නූනා "

" ඔයා කියන්නේ එදා අපි පස්සෙන් පන්නපු අය ගැනද ?"

" දේ...ඒකයි එක දිගට වෙන මරණයි එක්ක හ්‍යුන්ග් ඉන්නේ බයෙන්. "

" එතකොට කුකී කියන්නෙ ජින් ? "

" Schizophrenia... වෛද්‍ය විද්‍යාවේ ගොඩාක් සුලභ මානසික රෝගයක් කියලා අඳුන්වන මානසික රෝගයක්.හ්‍යුන්ග්ටත් තියෙන්නේ ඒක. "

" කොහොමද හරියටම කියන්නේ කුකී ? "

" නූනා මම මානසික රෝග වෛද්‍යවරයෙක්. මට හ්‍යුන්ගේ වෙනස්කම් අඳුරගන්න පුලුවන්. Schizophrenia කොටස් කීපයක් තියෙනවා. මේක අඳුරගන්න පුලුවන් මේක වැලඳුන කෙනාගේ රෝග ලක්ශන වලින්මයි. මම හ්‍යුන්ග්ට මෙහෙම දෙයක් තියෙනවා කියලා ඩොක්ටර් හරහා දැනගත්තට විස්වාස කලේ නෑ. ඒත් බ්ලඩ් තියෙන ටිශූස් ගැන කියනකොට නිතරම එයා පස්සෙන් මනුස්සයෙක් පන්නගෙන එනවා කියලා කියනකොට මට තේරුනා ඩොක්ටර් කීව දේ හරි කියලා. "

" ඒත් මෙහෙම වෙන්න හේතුවක් ඇතිනේ. නේද ? "

" මේ වගේ අසනීපයක් වෙන්න බලපාන හේතු කීපයක්ම තියෙනවා. මම හිතන්නේ හ්‍යුන්ග්ට මෙහෙම වෙන්න බලපාපු ලොකුම හේතුව එදා ඔයාලා පිටිපස්සෙන් මිනිස්සු පන්නපු එක. "

" කුකී....ජින්ට ඉක්මනින් සනීප වෙයි නේද ? "

" දේ...සනීප වෙනවා. ඒත් ඒකට කාලයක් යනවා "

" හ්ම්ම්ම්ම්...කොච්චර කාලයක් ගියත් මම ජින් එක්ක ඉන්නවා. එයාට හොඳ උනත් නැතත් "

" නූනා ඇයි හ්‍යුන්ග්ට මෙච්චර ආදරේ ? "

" ඉස්සර මගේ ලඟ ආදරේ තිබුනේ නෑ කුකී.මම කෙනෙක්ට ආදරේ කරන්න දන්නෙත් නෑ..මට ආදරේ ලැබිලත් නෑ. මේ ආදරේ මට දුන්නේ ඔයාගේ හ්‍යුන්ග්මයි. මට ඕනි දැන් ඒ ආදරේම අඩුවක් නැතුව ජින්ට දෙන්න"

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)Where stories live. Discover now