CHAPTER 2

178 37 9
                                    

තොල් දෙක කට ඇතුලට රෝල් කරගෙන ජින් ගේම් ගහන දිහා බලාගෙන හිටිය ජිමින් එක පාරට ගැස්සිලා ගියේ ජින් ජිමින්ගේ ඔළුව අත ගානකොට.

🦙 ජිමිනා..හ්ම්....

ලොකු හුස්මක් අරගෙන පිට කරපු ජින් ගේම් ගහන එක පැත්තකින් තියලා ජිමින්ගේ පැත්තට හැරුනේ ලොකු දුකක් හිතේ තද කරගෙන. කටින් වචන වලට පෙරලලා ඒ දුක කිව්වේ නැති වුනාට ජිමින්ට ඒ දුක ජින්ගේ ඇස් වලින් හොඳට පෙනුනා.

🐥 ජින්යොංග්...

ඒ එක්කම ගේම් රූම් එකට ආවේ යුංගී.

🐱 අ......දෙන්න බර සාකච්ඡාවක් වගේ. මං ජිමිනා එනවා දැක්කේ නෑනේ..🤔 ජින්යොං යනවා විතරයි නේ දැක්කේ

🦙 යාහ් යුංගී...ජිමින් දැන් ආවේ. වේ..?

🐱 නෑ නෑ ඔයා එක්ක ගේම් එකක් ගහන්න ආවේ. පස්සේ එන්නම් එහෙනම්.

🦙 ඒකට කමක් නෑ. ඇතුළට එන්න.

🐱 නෑ නෑ මං පස්සේ එන්නම්..දෙන්නා කතා කරගන්න එහෙනම්. මං යනවා

යුංගී එළියට ගියාට පස්සේ ජිමින් ආයේ ජින් එක්ක කතා කරන්න කතාවට මුලපෙරුවා.

"ජින්යොං මං කලින් එහෙම හිතුවා තමයි. ඒත් එහෙම කරන්නේ නෑ මං. "

"ඔයා මගේ පොඩි මල්ලි කෙනෙක් වගේ. ඒ නිසා මං කැමති නෑ ඔයා pressure වෙලා ඔහොම විඳවනවාට. ඒ නිසා ආයේ ඒ ගැන මොකුත් කතා එපා. කාලා බීලා වෙනදා වගේ ඉන්න"

ජින් කිව්වේ ජිමින්ගේ ඔළුව අත ගාන ගමන්. ජින් හරියට එයාලාට ලොකු සහෝදරයෙක් වගේ. වෙලාවකට අම්මා කෙනෙක් වගේ. අසනීපයක් උනාමත් එයාලව හොඳින් බලා ගන්නවා. කන්න ආස දේවල් හදලා දෙනවා. ඒ නිසා හැමෝම ජින්ට හුඟක් ආදරෙයි.

ජින් පවුලේ බාලයා උනත් group එකේ වැඩිමලා ජින්. ජින් ඒ නිසා එයාට වඩා එයාගේ membersලා වයසින් බාල නිසා හැමෝවම ආදරෙන් බලා ගන්නවා. ඒ හැමෝම ජින්ට එයාගෙම මල්ලිලා වගේ දැනෙන්නේ. ජින් හැම වෙලේම ඒ නිසා එයාගේ මල්ලිලා හය දෙනා ගැන හුඟක් වද වෙනවා. මෙතනින් හුඟක්ම දඟ කරන්නේ ජංගුක්. ජංගුක් තේහියුන් එක්ක එකතු වුණාම එදාට ජින්ගේ උගුර බැරැන්ඩි වෙනකන් කෑ ගහලා ඉවරයක් නැති තරම්. ඒත් ජිමින් එහෙම නෑ. ජිමින් කියන්නේ group එකේ charming boy.

PROMISE 💫 [Completed ✓]Where stories live. Discover now