"හී.......................? ඔයා තාම ගියේ නැද්ද?"
"මෝඩි ඔයා ඔය තත්වෙන් ඉදිද්දි මට ඔයාව තනියම දාලා යන්න තරම ඔලුවේ අමාරුවක් නෑ."
(A/N- මේ සස්සන කොල්ලව අදුරනවද බලන්න🌝💝I'm fall in love with this picture)
"sureද ඒ ගැන?"
"ඔව් ඔව් සීයට දෙසීයක් sure "
"හී............... ?"
"ඒ සැරේ මොකෝ?"
"තැන්ක්ස් මෙච්චර කල් මාත් එක්ක හිටියට.අවුරුදු දහයේ ඉදන් මාත් එක්ක මගේ දුක සැප බෙදා ගත්තට. ගොඩක් ස්තූතියි මගේ හොදම යාලුවා වුනාට."
මෙච්චය වෙලා හිර කරගෙන හිටපු කදුලු හැම එකකටම ගලාගෙන යන්න ඉඩ දුන්න මම එතනම බිමින් ඉද ගත්තා.
"සූ ඔ...ඔයා ඔපරේෂන් එක කරන්න බෑ කිව්වද?"
"ඔව් හී ඔව් මම එක කරන්නෑ.මම අනාථයෙක්............ අප්පා මගේ ඔම්මව මැරුවේ මගේ ඇස් ඉස්සරහා.ඔම්මාව මරපු ඒ පිහියෙන්ම අප්පා අත කපාගෙන මැරුනෙත් මගෙ ඉස්සරහා. සල්ලි වලට තිබ්බ ලෝභ කම නිසා නැන්දා මාව හදාගන්න ගත්තත් අර ජරා මිනිහා.................."
ආයෙත් ඒ හුස්ම හිරවෙන ගතියත් එක්ක ආපු කැස්ස!!!............. ටික වෙලාවකින් ආයෙත් මගේ අතේ ඉතුරු වුනේ ඒ ලේ තැවරුණු ලිලී මල් පෙති.
"සූ..................!!! ඔයාට අමාරුයි එන්න අපි අයිත් Hospital එකට යමූ."
"බෑ හී මට බෑ........................... හෙට මම අයිත් රෙස්ට්ටුරන්ට් එකට යන්න ඕනේ..................."
මේ ලිලී මල් වලට, මේ වේදනාවට මම කැමැතී මගේ ඒ කටුක අතීතෙට වඩා.
හරියටම මීට අවුරුදු 15කට කලින් මේ ලෝකේ සතුටින්ම හිටපු ගෑණුලමයා මම වෙන්නැති.ඔම්මාගෙයි ඔප්පාගෙයි ආදරේ,මම ඉල්ලන හැමදේම මට තිබුනා.එත් එක රෑකින් ඒ හැමදේම වෙනස් වුනා.මගේ අම්මා ජීවිතේ වෙනුවෙන් කෑගහපු හැටි ,අප්පා ඔම්මාට පිස්සුවෙන් වගේ පිහියෙන් ඇනගෙන ඇනගෙන ගිය හැටිත් මට එදා මගේ ඇස් දෙකෙන්ම දකින්න වුනා.අවුරුදු 7ක පොඩි ගෑණුලමෙක් කොහොමද ඒ දේවල් දරාගන්නේ?මම හිතුවේ නැන්දා මාව හදාගන්න ගත්තේ මට තිබුනු ආදරේට කියලා.ඒත් මට වැරදුනා නැන්දට ඕනේ වුනේ මගේ සල්ලි නැතුව මාව නෙමේ.
YOU ARE READING
DEADLY LILY [ COMPLETED ]
Fanfictionඔහු වෙනුවෙන් මගේ පෙනහළු වල රෝපණය වූ ලිලී පැලය මට මරණය ලගා කරන බව දැන දැනත් ඔහුට ඇති හැගීමුත් සමග කොහොමද මම එය උගුල්ලා දමන්නේ?