මොල ගෙනා පූ නැවේ ජුන් 😂💔🔞

1.1K 283 50
                                    

Final

ඔන් දැන් ජුන් ට අවුරුදු 18ක් හොඳේ..කොල්ලා දැන් ඉස්සරට වඩා බුද්ධිමත්..නැ නැ මම කියන්නේ කලින් ස්කුල් එකේ අය කිව්වේ බිග් බ්‍රෙන් ජුන් කියලා නේ දැන් කියන්නේ මොල ගෙනා පූ නැවේ ජුන් කියලා හොඳේ😂💔

දැන් ජුන් ට යාළුවෝ 4 ක් හිටියා..එක්කෙනෙක් ජින් එයා අල්ලපු ගෙදර සෝමලතා ඇන්ටිගේ පුතා..එතකොට පහල ගෙදර පූස් අකඩමි එකේ නෝනා ගේ පුතා යුන්ගී වගේම අල්ලපු ගෙදර කොට හාමිනේගේ පුතා ජිමින් වගේම එයාගේ එහා පැත්තේ ගෙදර ඉන්න සොල්මෙට් ටේ හ්යුන්ග්...

ඔන්න ඉතින් අපේ ජූනා සුදු ශර්ට් එකක් එහෙම ඇදගෙන පැත්තට කොණ්ඩෙ පිරාල ඔන්න  ගියා ඊයේ රෑ මල ගෙදරක. ඒ මැරිලා හිටියේ ජිමින් ගේ අත්තම්මාගේ ආත්තම්මා ලු..   ඉතිං ජුන් එයාගේ  යාලුවෝ සෙට් එකත් එක්ක පොඩ්ඩක් තොලකට තෙමාගෙන තොරණ ගහන්න සෙට් උනා. ඔන්න ඔතෙන්නට ටික වෙලාවකින් ආවා ලොක්කෙක් ඥස්පුක් වෙන්න ගසලා. පොර විකාර කියෝ කියෝ ඉදලා කිවා හොද තේවිලි ටිකක්. පුලුවන් නං තෝරන්න කිව්වම හැමෝම බැලුවේ ජුන් දිහා...අහිංසක ජුන් කොතැන ගියත් තැලෙනව😂💔

1.   ඔන්න මනුස්සයෙක් ඉන්නවා. පොර කරන්නේ ලෙමන් බිස්නස්. මෑන්ස් යනවා ලෙමන් කඩන්න. පොර කඩා ගන්නවා ලෙමන් ගෝනි දෙකක් . ගෝනියක ගෙඩි 100ක් තියනවා ලූ ඔය ලෙමන් ගෝනි දෙක විකුනන්න යන්න ඕනි ගගකින් එහා පැත්තේ තියන පොලට ගගේ පලල කිලෝ මීටර් 1 යි. ඔරුවෙන් ගෝනි ගෙනියනකොට ගාස්තුව මීටර් 100 සදහා එක් ගෝනියකට ගාස්තුව එක ගෙඩියයි. (ගෝනි දෙක නිසා ගෝනියකට එක ගානේ ගෙඩි දෙකයි).

එතකොට වෙලෙන්දාට පොලට ගෙනියන්න වෙන ගෙඩි ගාන කියද?

ජුන් : 180 යි

[A/N : ජුන් ගේ ලෙමන් මල්ල මතක ද මට එක මතක් වෙලා මේක දැම්මේ😂💔🤞]

2.       ගහනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි.

ජුන් : ඇසිපිය ගැසීම...

[A/N : ප්‍රශ්නේ අහන වෙලේ ජිමින් ගේ මුන දකින්න තිබ්බා..අම්මෝ... වල් උත්තරයක් දෙන්න ගිහින් පරිස්සමෙන් ජින් ඇතුලේ පැත්තක වැටිලා හිටපු යුන්ගි පැනලා කට වහුවේ😂💔🤞]

  3.    ඔන්න හා හා පුරා කියලා අලුත බැදපු කොල්ලෙක්ට ගෙදර උන්දෑ පොඩි බඩු ලිස්ට් එකක් දෙනවා ගෙදර එනකොට අරං එන්න කියලා.

යමින් එමින් කිලෝ 1 යි
රත්තරං ග්‍රෑම් 500
නොකර කතා ග්‍රෑම් 500
දියෙන් ගොඩින් ග්‍රෑම් 250 යි

කොල්ලා ගෙදර යනකොට ගෙනියන වර්ග 4 මොනවද.?

ජුන් :යමින් එමින් කිලෝ 1 යි (ගෝවා කිලෝ 1 යි)
රත්තරං ග්‍රෑම් 500 (කැරට් ග්‍රෑම් 500)
නොකර කතා ග්‍රෑම් 500 (නෝකෝල් ග්‍රෑම් 500)
දියෙන් ගොඩින් ග්‍රෑම් 250 යි (මාලුමිරිස් ග්‍රෑම් 250)

4.        හරකා පොල් පැලේ කන්නත්, කෙල්ලෙක් කොල්ලෙකුගෙ පස්සෙන් එන්නත්, බල්ලා කකුල හපන්නත්,  වක්කඩෙන් වතුර ගලන්නත් හේතුව මොකක්ද?

ජුන් : බැදලා නැති නිසා.

6.         අතගාල කෙලිං කරලා කෙල ගාලා ඇතුල් කරනවා...

ජුන් : ඉදිකටුවට නූල දැමීම

කොල්ලො උබට හොඳ අනාගතයක් තියනවා..ගිහින් එන්නම්..

ජුන් : හරි අංකල්..

ජින් : අඩෝ තොට තියෙන්නේ මොළයක් ද මොල ගෙනාපු නැවක් ද??

යුන්ගි : අඩෝ ජිනෝ තොට ඕල්මදේ ද මුට ස්කුල් එකේ උන් කියන එක අමතක ද...?

ජින් : මොකද්ද??

යුන්ගි & ජිමින් :මොල ගෙනා පූ නැවේ ජුන් කියලා 😂😂😂😂😂💔💔💔💔💔💔

ජුන් : හරි දැන් ඇති නේ මාව විහිළුව ට ගත්තා යමන් ඇතුලට අන්තිම ට ගහපු තොරණකුත් නැ රෙද්ද😑😑

************************************

ඔන්න ඉතින් ඉවරයි ආ...

මම CEO දුන්නාට පස්සේ wattpad වලින් යනවා පොඩි කලෙකට...

O/L නිසා හොඳේ...

ඉවර වුණු සැණින් එන්නම්...මම තව ලියපු oneshot එකක් තියේ එක හෙට රෑට දෙන්නම්..හිනා යන එකක් ඒකත්😂💔

එහෙනම් ගිහින් එන්නම් ළමයි...

_Geethi_

𝗡𝗔𝗠𝗝𝗢𝗢𝗡✅✅Where stories live. Discover now