💔 හතරවෙනි කොටස 💔

1.2K 300 52
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

සිව්වෙනි කොටස..

නිම් නැති රාත්‍රීන්..

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

විශාක්‍ය ධනූර් බණ්ඩාර කියන්නේ ඇවිලෙන ගින්නක්...

මම ඒ ගින්නටම ඇදි ඇදී පිච්චෙන පලගැටියෙක්..

උරුම වේදනාවයි කියලා දැන දැනත් අත්අරින්න බැරි ආදර අනන්තයක රදවපු හිත නිවී සැනසෙන තවත් රාත්‍රියක් උදාවුනා.. උදේ කොළඹ යට කරපු වැහි බින්දු දැන් මලානික වෙලා.. උළු බිදුණු වහල පාසා කරගෙන ගේ මැද්දෙන් දෙගොඩතලා ගිය වතුර ගංගාවත් ඩිංග ඩිංග වේලෙන්න පටන් අරන්..   කොලපාට බොදකල මීදුමට පෑහෙන්න දුම් දාන තේ කෝප්පෙත් අරන් මං හීන් වැහි පොද මැද්දට ගිහින් හිටගත්තා..

හීතල ... උණුහුම

වෙනදට නම් හරි ගාණට සමපාත වෙනවා...

ඒත් අද උණුහුම, හිම කැට හීතල පරද්දලා ජය අරන්.. තේ කෝප්පේ ගිණි රස්නෙට හිතේ ගින්දරත් චුට්ටක් එකතු වෙලා..

මගේ විශාක්‍ය උණ විකාරෙන් මට තුරුල් උන මොහොත ගෙවුනු සිව් පැයට මගේ තුන් හිතම පුච්චන්න පටන් අරන්..  කීපාරක් නම් මුරණ්ඩු තරවටු කරාද හිතන්නෙපා කියලා ඔය ගැන... ඒත් ඌ ඇත්තටම මුරණ්ඩුයි.. පුංචි මොහොතකට පැලෙන්න ලෝභ වෙලා ඒ *හැබෑවුන හැබෑනොවුන* හීනෙම ජීවත් වෙන්න හදනවා..

ඇස් පියාගන්නම ඕනෙ නැහැ.. බලන බලන තැන විශාක්‍යව මැවෙනවා.. මගේ ගාවට ඇවිත් මට තුරුල් වෙලා හුරතල් වෙන විශාක්‍ය කෙනෙක් අද මගේ පුංචි පැලට අරක් අරගෙන.. 

ඒ අස්සෙ හිතේත් ප්‍රශ්න වැහි වැහලා..
සර්ට දැන් කොහොමද..??
බෙහෙත් ගන්න ඇතිද??...
දැන් අඩුද...??

කොහොමද දැනගන්නේ.. පුංචි බට්න් ෆෝන් එකේ තියෙනවා හීන කුමාරයගේයි එයාගේ අයිතිකාරියගෙයි දෙන්නගෙම අංක.. ඒත් වැඩක් භාරදෙන්න එයාලම කතා කරොත් මිසක අපිට අවසරයක් නෑ එයාලට ඇමතුම් දෙන්න...

" ඒත් අද විශේෂ අවස්තාවක් හින්දවත් බැරිවෙයිද?? සැප දුක අහන්නනේ... "

කැතයිද මංWhere stories live. Discover now