💔 හයවෙනි කොටස 💔

1.2K 283 97
                                    


💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

හයවෙනි කොටස..

ඔය දෑස කී කතා...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                           
                     මට මගේ රස්සාව එපා උනා...

දවස් තුනක් විශාක්‍ය ධනූර් ඇස් මානෙට ආවෙ නැතිකොට සිහිලැල් දෙව්රාධව මුළුමනින්ම කඩා වැටුනා..

                             *එයාට කොහෙන්ද එහෙම අයිතියක්, මේ තරම් කල් නෑවිත් ඉන්න... මට තුරුල් වෙලා මාව පිස්සු වට්ටලා දැන් මාව මතකවත් නෑ වගේ ගෙදරට වෙලා අයර්ෂා මැඩම් ගාව පුරු පුරු කිය කිය ඉන්න හොදද??..*

"ඇයි ඔයාට මාව තේරෙන්නැත්තේ.."

මං සැර දැම්මා මගේ හිත ඇතුලේ ඉන්න ආදරණීය විශාක්‍යයට.. හැමදේටම මගෙන් බැනුම් අහන අසරණයට.. විෂී නමින් මගේ හිතේ පැලපදියම් උන ආදරයට...

"එයාට බනින්නෙපා.. අපේ විෂී අසනීපෙන්.. සනීප උනාම ඒවි.. "

මගේ හිත මට මතක් කරා.. හොදටම දන්න කාරණා නොදන්නවා වගේ ඉන්න එක බොළද ආදරේ එක අංගයක්.. විශාක්‍යගෙ එකම එක ස්පර්ශයක් හින්දා මම ගොඩාක් බොළද වෙලා.. කරන්න දෙයක් නෑ හිතට දා ගත්තු සීමාවන් බොද වෙලා යන්න පටන් අරන්.. අයිස් සීතල හදවත ගිම්හානයට අත වනනවා...

"කල්පනා කරනවද වැඩ කරනවද??"

දවස් තුනක් නිස්කලංකව හිටිය මගේ කණ් පොඩි දෙදරුවා.. ආදරණීය ලෝකෙක හිරවෙලා හිටිය මට  ඒ ඇති විශාක්‍යගෙ පාළු ඔෆිස් රුම් එකට කඩන් වැටෙන්න..

"අයර්ෂා මැඩම්.. "

මං කොස්ස අතට අරන් හැරුනේ ආඩම්බර කුමාරිට ගුඩ් මෝර්නින්ග් කියන්න.. දවස් තුනක නිවාඩුව ඉවරකරලා මැඩම් ඇවිත් කියන්නේ මගේ විශාක්‍යත් ඒවිද???...

"ඔව් ඔව් අයර්ෂා තමා.. කෝ කාමරේ දූවිලි බිදක් නැතිවෙන්න අස් කරනවා.. සර් අසනිපෙන් ඉදලා අද මුලින්ම වැඩට එන දවස, ආයෙ ඒ මනුස්සයට ලෙඩ වෙන්න හේතු දෙන්න එපා... "

අයර්ෂා මැඩම්ගේ වචනවලින් සිහිලැල්ගේ බැට්‍රිය චාර්ජ් උනා.. විශාක්‍ය එනවා.. මගේ අතපය වේගෙන් වැඩ කරා.. කුණු බිංදුවක් නැතිවෙන්න කාමරේ දිලිසෙන තරමට ක්ලීන් උනේ මගේ මැණිකට ආයෙ කිවිසුමකින් වත් හානියක් නොවෙන්න.. අපි වගේ දුක් විදලා පුරුදු කෙනෙක් නෙවෙයිනෙ..

කැතයිද මංWhere stories live. Discover now