💔 දොලොස්වෙනි කොටස 💔

1.1K 272 94
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

රිදෙන නොරිද්දෙන...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                        මගේ පපුව උඩ නිදියන සුන්දර දගකාරියගේ නලල උඩ මම හාදු එක පිට එක තැවරුවා.. අයර්ෂා.. කාලයක් මගේ හොදම යෙහෙලිය.. දැන් මගේ ප්‍රාණසම ආදරවන්තිය.. මේ ලෝකේ මම අකමැතිම දෙයක් තියෙනවනම් ඒ මගේ අයිෂුගේ නිල් ඇස් වල කදුළු දකින එක.. එයාගේ හිත රිදෙන එක.. රිද්දන එක...  කවදාවත් හිතුවෙ නෑ මාව හේතුවක් කරගෙන ඒ නිල් ඇස් කදුළින් බරවෙන දවසක් එයි කියලා..

කාට දොස් කියන්නද මට තේරුමක් නැ.. කොයි තරම් අවංකව අයිෂුට ආදරය කරත් මගේ හිත අනන්තයක නතර වෙන එක වළක්වන්න මට බැරි උනා..

සිහිලැල්..
මම දන්න අනන්තය..
විශාක්‍ය ධනුර්ව මුළුමනින්ම ඩැහැ ගත්තු බාදුරා මල..

කවදා ඉදන්ද අයිෂුව වගේම එයත් අඩවන්න හිත අකමැති උනේ.. එයාගේ ඇස් වලට කදුළු දුන්න වාරයක් වාරයක් ගාණේ එයාව හොයන් ගිහින් ඒ හිත හදන්න කවද ඉදන්ද මම මහන්සි උනේ.. අයිෂුට බොරු කර කර නිස්කලංක ඉරිදාව සිහිලැල් එක්ක මුහුදු වෙරලක ගෙවන්න ඇයි මම පුරුදු වුනේ.. කාලෙකට පස්සේ, මම හින්දම අඩන මගේ අයිෂුව පපුවට තුරුලු කරගෙන නලවන වෙලාවේ ඇයි මට තවත් කදුළු පිරුණු ඇස් දෙකක් මතක් වෙන්නේ..  ඇයි මගේ යටි හිත, පුංචි බොරුවක් වෙනුවෙන් මට මේ තරම් දොස් කියන්නේ..

ඇයි මට මගේ අයිෂුට ද්‍රොහී වෙන්න කියන්නේ.. බොරුවට මවාපාන උඩු හිතම විතරද විශාක්‍යගේ පැත්තට කතා කරන්නේ.. අවුරුදු ගාණක ආදරයට අවංක වෙන්න කියන්නේ..

එතකොට යටිහිත..???

මොන මායාවකින්ද සිහිලැල් ඒකගේ විශ්වාසය දිනාගත්තේ....

මට උත්තර ඕනෙ උනා.. මහ රෑක ඇස් නොපියවෙන  තරමට කළඹල මට, මගේ ප්‍රශ්න වලට උත්තර ඕනේ උනා..

                                  මේක සීතල රැයක්..  හී සර වගේ වැහි පොද කොළඹම යට කරගෙන.. කෝපි එකක් නැත්නම් තේ එකක් හදාගෙන උණුහුම් ඇදක පොතක් කියවන්න ඕනෙ වෙලාවේ, කාරෙකත් අරන් මුඩුක්කු පාරක මං මොනවා කරනවද කියලා මටම තේරුමක් නෑ..

කැතයිද මංWhere stories live. Discover now